Featured

සිරිසේනට දුවන්න දෙන්න රනිල්ගෙන් මෙහෙයුමක්!

මහ බැංකු අධිපතිවරයා පත්කර ගැනිම සහ හිටපු රනිල්ගේ ගජයා වු අර්ජුන් මහේන්ද්‍රන් ඉවත්කිරීමටත් රනිල් විරෝධින් ජනාධිපති මන්දිරයේ සිට ක්‍රියාත්මක කරමින් සිටින සියලු කුමන්ත්‍රණකරුවන් පන්නා දැමිම සදහා පසුගිය ජනාධිපතිවරණය සදහා මෛත්‍රීපාල සිරිසේන එක් කර ගැනිමේදිම සකස්කර තිබු තවත් එක් ප්ලෑනක් ක්‍රියාත්මක කිරිමට අග්‍රාමාත්‍යවරයා සුදානමින් සිටින බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප දේශපාලන වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.පසුහිය දින කිහිපයතුල සිදුකල සාකච්ඡාවලදි මෙම තින්දුව ගත් ගත් අතර ඉදිරි මාස දෙකක කාලය තුල එය ක්‍රියාත්මක කිරිමට මෙහෙයුමක් මේ වනවිට සකස් කර තිබේන බවද ඔහු අනාවරණය කර තිබේ.

ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම ඉවත්කර පාර්ලිමේන්තුවට වගකියන විධායකයක් සහිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට හඳුන්වාදෙන බවට පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා රටට දුන් ප්‍රතිඥාවට අනුව ජූලි මාසය අවසන්වීමට පෙර ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකගතාවය ලබානොදෙන්නේ නම්, නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම අතහැර, ඒ බව රටට ප්‍රකාශ කිරීමට අගමැති වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් ඉවත් නොකිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මධ්‍යමකාරක සභාව ගෙන ඇති තීරණය මේ වනතුරු වෙනස් නොවීම මෙන්ම. ආණ්ඩු පක්ෂයට සම්බන්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බොහෝ මැති ඇමතිවරුන් නව ව්‍යවස්ථාව පිලිබඳව මාධ්‍යට කරන ඇතැම් නිෂේධනාත්මක ප්‍රකාශයන් මේ සදහා භාවිතාකල හැකි බවයි අගමැතිවරයා පෙන්වා දි ඇත්තේ.

මෙම සාකච්ඡා වලදි අගමැති රනිල් වික්‍රමසිංහ තරයේ අවධාරණය කර ඇත්තේ…..”ශ්‍රීලනිපයේ මේ වැඩක් නැති අය හිතාගෙන ඉන්නවා අර්ජුන් මහේන්ද්‍රන් ඉවත්කර ගැනීමට හැකිවූයේ විධායක ජනාධිපති ක්‍රමය නිස කියලා…..එක එච්චර හොද දෙයක් නෙවෙ….” යනුවෙනී…. “ඒ කාලේ චන්ද්‍රිකාටත් ඔය විදියටම වටේ හිටපු අය කිව්වා…අන්තිමට වෙච්චි දේ දැක්කා නේ…”

මේ අතර සිරිසේන විරෝධී මෙහෙයුම් ව්‍යවස්ථාව හරහා ක්‍රියාත්මක කිරිමටද කටයුතු කර ඇති අතර ඒ සදහා රනිල්ගේ හුජ්ජ කොල්ලන් සිවිල් හා පුරවැසි සංවිධාන යොදවා දීප ව්‍යාප්ත උද්ඝොෂණ රැසක් දියත් කිරිමටත් කටයුතු යොදවා තිබේ.

Top