Featured

සිරිසේන දැන් ඉතින්…ජහ..ජහ…

දින ගණනක් තිස්සේ කරන ලද යහපාලන තර්ජන,ඝර්ජන,නීතිය අවභාවිතා කිරිම,මාධ්‍ය හරහා මඩ ගැසිම් හා රාජපක්ෂලා මර්දණය කිරිමට ගත් සියලුම උත්සහයන් ව්‍යාර්ථ කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගාල්ලේ බෙදුම්වාදී මෛත්‍රී පිළ සහ කැම්බල් පිටියේ රට කැත කරන එජාප පර ගැතියන් පරාජය කිරිමට කටයුතු කළා.

කිරුළපනේ රටට කිරුළ පැලදවිමට පැමිණි ජනතාව දැක ගාල්ලේ සමනල ක්‍රීඩාංගණයේ මැයි රැලියේ වේදිකාවට ශ්‍රීලනිප සභාපති මෛත්‍රිපාල සිරිසේන පැමිණිමත් සමගම හිටපු ඇමැති පියසේන ගමගේ මහතා පිළිගැනීමේ කථාව ආරම්භ කරමින් “අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේන් අවසරයි…”යනුවෙන් අවසර ඉල්ලිමත් සමග ගාල්ල සමනල ක්‍රිඩාංගනය පුරා දැවැන්ත ඔල්වරසම් හඩක් නැගුනු අතර යලිත් සමාව ඉල්ලමින් කතාව ආරම්භ කිරිමත් සමග හූ…හඩක් නැගුණු අතර අමාත්‍යවරයා ඇතුලු වෙදිකාවේ සිටි සියලුම් දෙනා දැඩි අපහසුතාවට පත්වනු දකින්නට ලැබුනා.

පසුව මහා වැසි නිසා ගාලු රැලියේ කථා නතර කිරිමට ද සිදුවු තර සොබාදහම පවා බෙදුම්වාදින්ට අවනත නොවන බව අද තහවුරු කර සිටියා…..

ගාල්ලේ පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මැයි දින රැලියට වඩා එක්‌ කෙනෙක්‌ හෝ වැඩියෙන් කිරුළපන රැලියට ගෙනත් පෙන්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තමා අභියෝග කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක පසුගියදා ප්‍රකාශයක් කර තිබුනා….දැන් දුමින්ද එක දෙයක් මතක තබාගත යුතුය ….තව නොබෝ දිනකින් ඔබට ඔබේ ශ්‍රිලනිප මහා ලේකම් තනතුරද අහිමි වනු ඇත…මන්ද සිරිසේනට තව වැඩිකලක් ශ්‍රිලනිපයේ සභාපතිවරයා ලෙස සිටිමට අවස්ථාව නොලැබෙන නිසාය.

k1 k2 k3 k5

k6 k7 k8 k9

 

 

Top