Published on: Aug 29, 2016- මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මහවැලි අමාත්‍යවරයා වශයෙන් සිටිනවිට මොරගහකන්ද ව්‍යාපෘතියට අදාලව චීන සමාගමෙන්ද අල්ලස් ඉල්ලිමක් කර ඇති අතර ඊට සම්බන්ද ඊමේල් පණිවිඩ හා හඩපට කිහිපයක් සාක්ෂි සහිතව ඒක්තරා ඉහල පුද්ගලයකු විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති වරයාට ලබාදී තිබේන බව සජිත් පාර්ශවයේ ප්රබලයෙකු අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.
65 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනය හරහා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයාගේ නැති ප්‍රතිරූපයක් මවා පෑමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවන පෙළ තරුණ කණ්ඩායම උත්සහ දරමින් සිටින බවත් ඊට ඉක්මන් ප්‍රතිචාර දක්වමින් රනිල් වික්‍රමසිංහ ලා ඉතා පිරිසිදු චරිතයක් ලෙස හුවා දැක්වූ මෛත්‍රිපාල සිරිසේන චරිතය බිමට සමතලා කලයුතු බව තින්දුවක් ගෙන ඇති අතර ඒ අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.
මෙහි ප්‍රධාන කාර්යබාරය බාර දී තිබෙන්නේ මලික් සමරවික්‍රම අමාත්‍ය වරයාට බවත් ඒ හරහා මෛත්‍රී පිළ සහ එජාපයේ සජිත් පිළ අනාත කිරිම එකම අරමුණ බවද සජිත් පාර්ශවයට තොරතුරු අනාවරණය වී ඇති බවද අප විශේෂ වාර්තාකරු සමග අනාවරණය කර තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ඔස්ටේ්රලියානු ගුවන් විදුලිය විශේෂ වාර්තාවක් විකාශය කර තිබේ.මෙම චෝදනාව මේ වන විට දේශපාලන කරලිය ගිනියම් කිරීමට සමත්වී තිබේ.මේ සම්බන්දයෙන් ජනාධිපති වරයා දැඩි ලෙස තැති ගැන්මකට ලක්වී තිබේ. මෙයට හේතු වී ඇත්තේ මෙම චෝදනාව කරන්නේ ශ්‍රී ලංකාවේ පාර්ශවයක් නොවන බැවිනි. පොදු විපක්ෂය හෝ එයට සම්බන්ද වෙබ් අඩවි මෙම චෝදනාව නගන්නේනම් එය තවත් දේශපාලන මඩක් ලෙස හුවා දැක්විය හැකි මුත් මෙම චෝදනාව ගෙන එන්නේ ඔස්ටේ්රලියානු ගුවන් විදුලිය නිසාවෙනි. ඔවුන් කිසි විටෙකත් සාක්ෂි නොමැතිව රටක ජනාධිපති කෙනෙකුට චෝදනා නගන්නේ නැත.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ SMEC “ඩීල්” එක ගැන ඕස්ට්‍රේලියානු රුපවාහිනී වාර්තා කළ අයුරු.වීඩියෝව බලන්න