Featured

සිරිසේන….හූ …වැද වැද කිව්වත් අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පලාත් පාලන මැතිවරණයට නෑ

මහින්ද රාජපක්‍ෂ මහතා සමග කටයුතු කරන නිසා තමන්න්ව පක්‍ෂයෙන් ඉවත් කරන බව පැවසූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහා ලේකම් වරයා ලැජ්ජා නැතිව තමන්ව සම්මුඛ පරීක්‍ෂණ වලට කැදවා ඇති බවත් වැද වැද කිව්වත් මෙවර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් පලාත් පාලන මැතිවරණයට ඉදිරිපත් නොවන බවත් ගම්පහ හිටපු පලාත් පාලන ප‍්‍රධානී හු අවදාරණය කරති. ඔවුන් පෙන්වා දෙන්නේ අත ලකුනින් තරග කළ පමනින් ඉදිරි පලාත් පාලන මැතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි බවයි. මහින්ද රාජපක්‍ෂ මහතා නොමැති ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ජනතාව ඡන්දය නොදෙන බවද ඔවුහු මෙහිදි අවධාරණය කරති.

අද (15) උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවකදි ගම්පහ දිස්ත‍්‍රික් පලාත් පාලන මන්ත‍්‍රී සංසදයේ නියෝජිතයෝ මේ බව අවධාරණය කළහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ පලාත් පාලන ආයතන 19 ක් වෙති එම ආයතන 19 යේම නියෝජිතයෝ මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ ඔවුන් කියා සිටියේ අද පක්‍ෂ මුලස්ථානයේ පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණවලට සහභාගී වන්නැයි දුරකථනයෙන් තමන්ට දැනුම් දුන් බවයි. හිටපු මන්ත‍්‍රීවරුන් බහුතරයක් මෙම සම්මුඛ පරීක්‍ෂණය වර්ජනය කළ බවද ඔවුහු කියා සිටියහ

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පලාත් පාලන ආයතන නියෝජිතයෝ මෙසේද කීහ

වත්තල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ත්‍යාගරත්නද අල්විස් මහතා

පක්‍ෂ සභාපතිකම බලෙන් උදුරගත් මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයාටවත් බලහාත්කාරයෙන් මහා ලේකම් වුනු දුමින්ද දිසානායකටවත් සදාචාරාත්මක අයිතියක් නැහැ මොකද පලාත් පාලන ආයතන 296 ක් කාලය දීර්ඝ නොකල විසුරුවන්න කටයුතු කලේ අපේ පක්‍ෂයේ සභාපති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතායි. එහෙම කරලා අපිට ගමේ තිබුණු බලය නැති කළා දැන් වසර 2 ක් වෙනවා. කදරු කොහොම කිව්වත් අපි ඉන්නේ මහින්ද මහාත්තයා එක්ක මහින්ද මහත්තයා නැති පක්‍ෂයකින් අපි ඡුන්දේ ඉන්ලන්නේ නැහැ අපි අභියෝග කරනවා ආණ්ඩුවට පුලූවන්නම් පලාත් පාලන මැතිවරණය තියන්න අපි මහිනද් කණ්ඩායම දිනලා පෙන්වන්නම්

ගම්පහ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රංජිත් ගුණවර්ධන මහතා

අද පක්‍ෂ රකින්න කථා කරන්නේ කොන්ත‍්‍රාත්ත කාරයෝ පාක්‍ෂිකයෝ නෙවෙයි. අපේ මන්ත‍්‍රීවරුන් කදරුත් සුදානම් නැහැ ඉදිරි පලාත් පාලන මැතිවරණය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග කරන්න අත ලකුනින් තරඟ කරලා ජයග‍්‍රහණය කරනවා යැයි පාරම් බාන උදවියට අපි අභියෝග කරන්න කැමති අරකෙන් මේකෙන් ඉල්ලනවායි කියලා පම්පෝරි ගහන්නේ නැතිව ඡුන්දේ තියන්න අපි දිනන හැටි පෙන්වන්නම් අද මේ ආණ්ඩුවට ඡුන්දේ දීපු කෙනෙක් හොයා ගන්න නැහැ අපේ කවුරුත් දේශපාලන වශයෙන් සිය දිවි හානි කරගන්න ලැහැස්ති නැහ ැඒ නිසයි අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් තරග නොකරන්නේ කනගාටු වෙනවා අපේ පක්‍ෂය අද පත් වෙලා තිබෙන තත්වයට මේ පක්‍ෂය විනාශ කලේ පක්‍ෂයේ සභාපති මෛත‍්‍රීපාල සිරිසේන මහතායි පක්‍ෂය නැවත දිනවන්න නම් මහින්ද මහතා එහි සභාපති විය යුතුයි.

මිනුවන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කුමාර අරංගල්ල මහතා.

අද ආණ්ඩුවේ ඉන්න නිල් අලි පැටව් වැඩ කරන්නේ දවල් මැගෙන් ? ඩැනියෙන් වගේ ?ට රනිල්ව හම්බ වෙනවා උදේට මෛත‍්‍රී එක්ක ඉන්නවා ඊයේ පෙරේදා ගම්පහ පාරාජිකා වෙච්ච කන්ඩායමක් මාධ්‍ය හමුවක් තියලා ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයාට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මිනුවන්ගොඩ බල මණ්ඩලය කැදවන්න අයිතියක් නැහැ කියලා කියලා තියෙනවා. මම අවුරුදු 20 ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මිනුවන්ගොඩ බල මණ්ඩලයේ ලේකම් අපේ බල මණ්ඩලය ඔය කොහොන්වත් ආපු සංවිධායකවරු පිලි ගන්නේ නැහැ අපේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සංවිධායක තවමත් ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීතුමයි. අපි එතුමා සමගයි දේශපාලනය කරන්නේ

අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රියන්ත පූෂ්පකුමාර මහතා.

පහුගිය ජනාධිපතිවරණයේත් මහා මැතිවරණයේත් අපේ පක්‍ෂය පරාජය කලේ අපේ සභාපති මෛත‍්‍රීපාලන සිරිසේන මහතායි ඔහු තමයි අද අපේ පක්‍ෂය පත් වෙලා තියෙන ඉරනමට වග කිව යුතු කෙනා පක්‍ෂය විනාශ කරපු පක්‍ෂ:යේ ජයග‍්‍රහණ පාවාදීපු නායකයෙක් යටතේ ඡුන්දේ ඉල්ලන්න බැරි නිසයි අපි අද පැවැත්වෙන සම්මුඛ පරීක්‍ෂණ වලට සහාභීගී නොවුනේ මහින්ද මහත්තයා නායකත්වයේ ඉන්න ඔනෑම පක්‍ෂයකින් අපි තරඟ කරනවා තරඟ කරලා මේ කොළ, නිල් , රතු අලි පැටවුන්ගේ ආණ්ඩුව ගෙදර යවනවා අපෙන් උදුරුගත්ත ගමේ බලය නැවත ගන්නවා ඔය.

ගම්පහ නාගරික මන්ත‍්‍රී බොනී පෙරේරා මහතා.

අද ගම්පහ නගර සභාවේ මෛත‍්‍රීට කඬේ යන්නේ සල්ලිවලට ඔවුන් පහුගිය ජනාධිපතිවරණයේදි මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පල කලේ සල්ලිවලට නැතුව පක්‍ෂයටවත් රටටවත් ආදරයට නොවෙයි. මේ අය කටයතුු කරන්නේ රට විනාශ වුනත් කමක් නැහැ කියන තැන ඉදගෙනයි. ඔය කතා කරන සමහරුන්ට සල්ලි දිලාවත් සෙනග එකතු කරන්න බැහැ

මෙම මාධ්‍ය හමුව අමතා වත්තල ප‍්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුරනි මංජුලා මීරිගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සනත් නන්දසිරි රණතුංග, පැලියගොඩ හිටපු නගරාධිපති අමිල නිශාන්ත යන මහත්ම මහත්මීන්ද අදහස් දැක්වූහ.

ප‍්‍රදීප් අනුර කුමාර

Top