Featured

සෝභිත හිමියන්ගේ ඝාතකයන් කවුද?

පසුගියදා හදිසියේම අපවත්වු සාධාරණ සමාජයක්‌ සඳහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ කෝට්‌ටේ ශ්‍රී නාග විහාරාධිපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මරණය සෑක සහිත බවට සෝභිත හිමියන් ලගින්ම සිටි උන්වහන්සේගේ ප්‍රධාන දායකයා වන (නම සදහන් නොකරන) උපාසක මහතා කල ප්‍රකාශය හරහා අප කල අනාවරණයත් සමග මේ වනවිට මෛත්‍රීපාල ජනාධිපතිවරයා කලබලයට පත්ව සිටින අතර ඔහුගේ හදිසී හැසිරිම හේතුවෙන් අප විශේෂ වාර්තාකරු මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් ඔස්සේ තොරතුරු අනාවරණය කර ගැනිමට සමත්ව තිබේ.

අප සෝභිත හිමියන් හදිසියේම අපවත් විම ගැන ප්‍රධාන දායකයාට සැකයක්! ඇති බවට පලමු අනාවරණය කළේ නොවැම්බර් 11 වැනිදාය. අදාළ පුවත කියවන්න –අප සෝභිත හිමියන් හදිසියේම අපවත් විම ගැන ප්‍රධාන දායකයාට සැකයක්! 

කලබලයට පත්වු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ මරණයේ සැබෑ තොරතුරු වසන් කිරිමටත් එම මරණය පසුපස මෛත්‍රීපාලගේ මැදිහත් විමක නොමැති බව පෙන්විම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ආතක් පතක් නැති දුමින්ද දිසානායක මහතාගේ පත්තර කඩමල්ල වන සත්හඩ ඉරිදා පුවත් පත හරහා අපුරු අනාවරණයක් කර තිබේ.

ඒ හරහා උත්සහ දරා ඇත්තේ සෝභිත හිමියන්ගේ මරණය සැක සහිත බවත් එහි වගකිම සම්පූර්ණයෙන් වෛද්‍යවරුන් විසින් භාරගත යුතු බවය.ඒ අනුව මෛත්‍රී දැන් උත්සහ දරමින් සිටින්නේ මරණයේ වගකිම වෛද්‍යවරුන් මත පටවා යහපාලනය බේරා ගැනිමටය.

නමුත් නිරන්තර කෙප්ප සුමනේ චරිතයට පණ පොවන මෛත්‍රීපාල වැන්නේකු සහ ඔහු වටා සිටින බත් බැලයන්ට ලෙසියෙන් පහසුවෙන් ලිස්සා යැමට ඉඩ නොතැබිම රටේ ජනතාවට භාරය.

ඇත්තටම සෝභිත හිමියන්ගේ මරණයට පලමු වගකිවයුත්තා මෛත්‍රීපාල සිරිසේනය ඊට අමතරව තවත් කිහිප දෙනෙකු මෙම ඝාතනය පසුපස සිටින බව මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.

පුවත් පත හරහ ප්‍රශ්ණ කර එති ප්‍රශ්ණ මාලාවකි ….එනම් …..

එහි දී මූලිකව ඔවුන් මතු කරන ප‍්‍රශ්න කිහිපයක්ම වෙයි. මෙතෙක් උන්වහන්සේ ප‍්‍රතිකාර ගත් නවලෝක රෝහලට ඇතුළත් නොවුණේ ඇයි? එතෙක් ප‍්‍රතිකාර ගත් සහ උන්වහන්සේගේ රෝගී තත්ත්ව පිළිබඳ හොඳින්ම දැනුවත්ව සිටි වෛද්‍යවරුන් ඒ වෙනුවෙන් දායක කර නොගත්තේ ඇයි? උන්වහන්සේව නවලෝක රෝහල වෙනුවට සෙන්ට‍්‍රල් රෝහලට ඇතුළත් කරන්නට සාධාරණ හේතු තිබෙනවාද? අනෙක් අතට උන්වහන්සේට තිබූ අනෙකුත් රෝගී තත්ත්ව සහ වයස පදනම් කරගෙන සැත්කමක් වෙනුවට අතිරේක ප‍්‍රතිකාර විධි කෙරෙහි අවධානය යොමු නොකළේ ඇයි? එසේම බරපතළ සැත්කමක් සිදු කරන්නට තිබුණා නම් මෙරටට වඩා පහසුකම් ඇති වෙනත් විදේශීය රෝහලක් වෙත උන්වහන්සේව යොමු නොකළේ ඇයි? යන ප‍්‍රශ්න එහි දී විශේෂය.

නමුත් ඇත්ත දැන දැන මෛත්‍රී බේරාගැනීමට උත්සහ දරණ බත් බැලයන්ට එය මෛත්‍රී නිසා සිදුවුවක් යැයි කියන්නට තරම කොන්දක් පණ නැත.මන්ද සෝභිත හිමියන්ට අසනීප බව දැනගත් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ “මහින්දගේ හිතවත් එවුන්ට හාමුදුරුවන් පෙන්නන්න එපා” කියාය.ඒ සෝභිත හිමියන්ගේ ජිවිතය අනතුරේ දැමු පලමු වැකිය විය ඒ අනුව උන්වහන්සේගේ සියලුම රෝග හදුනන වෛද්‍යවරුන් අතහැර දැමු මෛත්‍රී බත් බැලයන් මහින්ද භීතිකාව පෙන්වා උන්වහන්සේගේ ජිවිතය අනතුරේ දැමිම ආරම්භ කලේ සෝභිත හිමියන්ට සොහොන් ලකුණු පෙන්වමිනි.

සෝභිත හිමියන්ගේ ඝාතනය පසුපස තවත් කතාවක් තිබේ….එනම් ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා විසින් සෝභිත හිමියන් සිංගප්පූරුවේ මවුන්ට් එළිසෙබෙත් රෝහලේ ප්‍රථිකාර ගැනිම සදහා පිටත් කරන අවස්ථාව වනවිට උන්වහන්සේ මරණයට පත්ව ඇති බවට කල ප්‍රකාශය.එම ප්‍රකාශය බොරුවක් බවත් උන්වහන්සෙ කෝමා තත්ත්වයකය සිටින බවට පවසමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශිරාල්ට අම්බානකට බැන වැදි පැත්ත පලාතේ එන්නට එපා කියා එලවා දැමු බව ජනාධිපති මාධ්‍ය එකකයේ සිටින කණ්ඩායම් විසින්ම ප්‍රචාරයක්ද පතුරුවා හැරියා.

මේ අතර අතුරුදහන්ව සිටින ශිරාල් ලක්තිලකගෙන් මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවෙකු විමසු අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ…..”මම ඒ කතාව කිව්වේ හරියට දැන ගෙන උන්වහන්සේ මෙහෙන් ගෙනියනකොටත් අපවත් වෙලා…” යනුවෙනි. ඒ අනුව සිංගප්පූරුවට රැගෙන ගොස් ඇත්තේ සෝභිත හිමියන්ගේ නිසල දේහයයි.ඒඋඅ එසේ සිදුකරන්නට යහපාලකයන් කටයුතු කලේ ජනතාවගෙන් එල්ල අන අප්‍රසාදය වසා ගැනිමටය.

Top