Featured

හමුදාවේ ඔලු පැළු දකුණේ ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය දෙනවා

දකුණේ ශ්‍රී ලංකා ආණ්ඩුව රණවිරුවන්ගේ ඔලු පලමින් පහරදිම පිළිබඳව තමන් මෙන්ම තමන්ගේ පක්ෂයද ඉහමත් සතුටට පත්ව සිටින බව  ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජීලිංගම් පවසා තිබේන බව උතුරේ අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන්ට ජයපතා යාපනයේ පැවැත්වු උත්සවයකට එක්වෙමින් පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් පවසා ඇත්තේ… දෙමළ ජනයා සමුහ ලෙස ඝාතනය කල හමුදාවට දකුණේ ආණ්ඩුව පහරදිම හරහා ආණ්ඩුව හමුදාකරණය අවසන් කිරිමට කටයුතු කරන් බව පැහැදිලිව පෙනී යන් බවත් ඒ සදහා තමන් මෙන්ම ද්‍රවිධ ජාතික සන්ධානය කොන්දේසි විරහිතව සහය දෙන බවයි.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබා ගැනිමට නම් අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයගත යුතු බව පවසමින් දෙමළ ජාතික සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම්ගේ නායකත්වයෙන් හිලරිට ජයපතා නල්ලුර් කොවිලේ පොල් ගෙඩි 1008 ගසා මෙරි කතෝලික පල්ලියේ ඉටිපන්දම් 1008ක් ද දල්වන බව මීට පෙර සදහන් කර තිබුනා.

Top