Featured

ෆොනී ගොනා යහපාලන වලං කඩේ බිඳී…

ගාලු මුවදොර පිටියේ තිබුණ නිදහස් උත්සවයේ ඉස්සරහ පුටු පේලියේ පුටු දෙකක් හිටපු හමුදාපති වෙල්විදානේ (ෆීල්ඩ්මාෂල්) සරත් ෆොන්සේකා බලහත්කාරයෙන් අත්පත්කර ගැනිම හේතුවෙන් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් 69 වන් නිදහස් උත්සවයට සහභාගිවිම් අවසන් මොහොතේ ප්‍රතිකේෂ්ප කල බව සම්බන්ධන් ජනාධිපතිවරයාට දැනුම් දි තිබේ.

ගාලූ මොවදොර කි‍්‍රඩාංගනයේ පැවැති ජාතික නිදහස් උත්සවයේ අසුන් පැනවීමේදී විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාට ඉදිරිපෙළ අසුනක් සකස් කර තීබී ඇති අතර අමත්‍යංශ අනුපිළිවෙළ අනුව ඇමති සරත් ෆොන්සේකා මහතාට 52 දෙවවෙනි ස්ථානයට පසු පෙළ අසුනක් සකස් කර තිබි තිබේ.කෙසේ වෙතත් නිදහස් දිනයට පෙර රාති‍්‍රයේ ඇමති ෆොන්සේකා මහතා ගාලූමොවදොර සකස් කර තිබු පිථිකාවට පැමිණ නිරික්ෂණය කොට තමන්ට ඉදිරි අසුනක අවශ්‍ය බව පවසා සංවිධායකින් සමග ගැටුමක් ඇතිකරගෙන තිබේ.

අවසානයේ විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාට පනවා තිබු ඉදිරි අසුන ඇමති ෆොන්සේකා මහතාට ලබා දී සම්පන්දන් මහතාට ෆොන්සේකා මහතාට පසුපෙළ පණවා තිබු අසුන සකස් කර තිබී ඇති අතර ආසන පැනවිම සම්බන්ධයෙන් දැනුවත් කිරිමෙන් පසුව විපක්ෂනායකවරයා නිදහස් උත්ස්වයට පැමිණීම මගහැර තිබේ.පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විපක්ෂනායකවරයාගෙන් මේ සම්බන්ධයෙන් කල විමසිමේදි අදාළ ගැටුම ගැන තොරතුරු අනාවරණය කර ඇති අතර ෆොන්සේකා සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනය කර තිබේ.

1972 න් පසුව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ එම් ඒ සුමන්තිරන් මන්ත්‍රීවරුන් 68 වන නිදහස් උත්සවයට සහභාගී වීම පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ නායකයන් අතර මතභේදයක් හටගෙන තිබුනද දෙමළ ජනතාවට සමානයන් සේ සැලකීමේ අවශ්‍යතාවයක් මේ ආණ්ඩුවට තිබෙන බව පේන්න තිබීම හා දෙමළ ජනතාවගේ ගැටළු වටහාගෙන එයට දේශපාලන විසඳුමක් ලබාදීමේ උනන්දුවක් ඔවුන්ට තියෙන බව පෙනෙන්න තිබීම නිසා තමාගේ සහභාගි වීම මගින්, තිරසාර දේශපාලන විසඳුමක් සොයා යාමේ ගමනේදී අපේ සහයෝගිතාවය දක්වන්න පුළුවන් යැයි තමාට හැඟීමත් එමගින් රටේ සියලුම ජනතාවට සාධනීය පණිවුඩයක් ලබා දීමත් හේතුවෙන් 69 වන නිදහස් උත්සවයට සහභාගී වන බවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර තිබුනා.

68 නිදහසට ආ සම්බන්ධන්…

12644749_10153799173411327_6314926636909487435_n

Top