Featured

අංක එකේ ජාවාරම්කාර “ෆයිසර් මුස්තාෆා” ජාතික ලැයිස්තුවට රිංගන්න උත්සහයක්!

යහපාලනයට කෙලවුනු නිසා තමන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉඩ ලබාදුන් බව මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක ලෙස පෙනී සිටින ISIS ත්‍රස්තවාදී සමග සම්බන්ධතාවයක් තමන්ට ඇති බවට තැන තැන බෙගල් ඇඳ බාන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මේ දිනවල දොඩවමින් සිටින බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා. මිට පෙර තමන්ට කොළඹ බැරිනම් නුවරින් උනත්  තමන්ට දිනන එක ගේමක් නැති බව පවසමින් සිටි ෆයිසර් දැන් ජාතික ලැයිස්තුවට රිංගා ගැනිමට හදන්නේ ඡන්දයකින් මනාප අරගෙන ගොඩ යන්න කිසිදිනක බැරි බව දන්නා නිසාය.

මෛත්‍රීපාල සිරිසේන ජනපති වි සිටින තාක් තමන්ට එරෙහිව මැස්සේකුටවත් එරෙහි විමට නොහැකි බවත් එසේ වන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ පුත් දහම් සිරිසේනගේ සියලුම ගැණු කතන්දර තමන් දන්නා නිසා බවත් ඒ නිසා අනිවාර්යයෙන් තමන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න ඉඩ ලැබේන බවද ඔහු සදහන් කර තිබේ.

ආණ්ඩුව හරහා කර ගැනිමට තිබේන සැම කටයුතකදිම මුස්ලිම් සමාජිකයන්ට ෆයිසර් මුස්තාපා හරහා යන්නට වි ඇති අතර ඒ හරහ ඔහු සල්ලි ගැරිමේ මෙහෙයුමක නියලී සිටින බව පසුගියදා මුස්ලිම් පක්ෂ නායකයන් කිහිප දෙනෙකුම අනාවරණය කර තිබේ.ඒසම්බන්ධයෙන්  මුස්තාෆා  මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද පාවා දෙමින් පවසා ඇත්තේ  තමන් ගන්නා කප්පම් මුදල් වලින් කොටසක් මෛත්‍රී ජනපතිටද දෙන බවයි.

අංක එකේ ජාවාරම් කරුවෙකු වන ෆයිසර් මුස්තාපා කියන අමුලික පට්ටපල් බොරුවල හැටියට මේ කතාවත් අමුලික පචයක් බව  කිහිප දෙනෙකු ඔහුගේ මුහුණටම කියා තිබේන බව අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

Top