Breaking
24 Feb 2025, Mon

අකිල රනිල් ලඟ දනින් වැටේ -කුරුණෑගල අලියට ආසන 2ක් පමණයි

තමන්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසිමට අවස්ථාව ලබාදෙන ලෙස ඊයේ උදෑසන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හමුවු අධ්‍යාපණ අමාත්‍ය රනිල්ගේ කොලුවෙකු වන අකිල විරාජ් කාරියවසම් ඉල්ලිමක් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයට පිවිසිමත් සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයට ආසන දෙකකට වඩා ලබාගැනිමට අපහසු බව එජාප මැතිවරණ මෙහෙයුම ක්‍රියාත්මක කරන කණ්ඩායම පෙන්වා දි තිබේ.

රනිල් වික්‍රමසිංහ හමුවු අකිල පවසා ඇත්තේ….” සර්..සර් දන්නවානේ මට එහෙම හැප්පෙන්න බෑ කියලා….අපේ මිනිස්සු දැන් පොස්ටර් ගහන්න යන්නෙත් නෑ….අනික මට ඔය JC වගේ මැරකම් කරන්නත් බෑ සර්….”

අවසානයට පැවති 2010 මහා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 429,316 ලබාගනිමින් ආසන 10ක් ලබාගත් අතර එහි ප්‍රතිශතය සියයට 63.84% වන අතර එම ප්‍රතිශතය මෙවර සියයට 80 ඉක්මවනු ඇති බව දැනටම ඉඟි පලවි තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය 2010 මහා මැතිවරණයේදි ඡන්ද 213,713 ලබාගනිමින් ආසන 5ක් ලබාගත් අතර එහි ප්‍රතිශතය සියයට 31.78% වන අතර එම ප්‍රතිශතය සියයට 20% සිමාවට වඩා අඩුවන බවයි.

මේ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයට තරග වදින එජාප කණ්ඩායම් අතර මේ වනවිට දියයට ගින්දර සටනක් ආරම්භ වි තිබේන බව අප කුරුණෑගල විශේෂ වාර්තාකරු සදහන් කළා,

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.