LNN SPY

අගමැතිකම හෝ ශ්‍රිලනීප සභාපතිකම එපා…. 2020 සටනට මහින්ද සුදානම්…

පළාත් පාලන මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මහින්දගේ නායකත්වයෙන් යුතුව ලබාගැනිමත් සමග ඉදිරි ජනාධිපතිවරණය දක්වා රට නිවැරදි මගකට යොමුකිරිමට කටයුතු කිරිමට ඒකාබද්ධ ප්‍රධානින් තිරණය කර තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

මේ වනවිටත් පළාත් පාලන මැතිවරණයෙන් ලද ජනවරමට අවනත වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් හා සභාපති ධුරයෙන් ඉවත්විය යුතු බවට ශ්‍රිලනීප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් බලපෑම් කරමින් සිටින අතර අගමැතිවරයාද වෙනස් කලයුතු බව ඔහුන් යෝජනා කර තිබේ.

නමුත් වසර තුනක කාලයක් තුල ආණ්ඩුව සහ ජනාධිපතිවරයා පත්ව ඇති අප්‍රසාදය අනුව ඉදිරි වසර 1 හමාරක කාලය තුලදි තවරටත් එම තත්ත්වය වර්ධණය විමට ඉඩ දි බලා සිටිය යුතු බවයි ඒකාබද්ධයේ ජ්‍යෙෂ්ඨයන්ගේ මතය වි ඇත්තේ.

කෙසේවෙතත් ඒකාබද්ධ ප්‍රධානීන් මේ වනවිට ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින අතර ඒකාබද්ධ විපක්ෂය ලෙස සිටිමින් ආණ්ඩුවට බලපෑම් කිරිම ඔහුන්ගේ අරමුණ වි තිබේ.

Top