Breaking
23 Jan 2025, Thu

අගමැති විකුණන මෙගා ඩිල් කාරයෝ මෙන්න-නීතියාවල පාලිත මහත්තයාත් ඒ අතර

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට නොගෙන නොතීසියකින් ලිස්සා යැවීමටත්,ඇවන්ගාඩ් නඩුවෙන් නිස්සංක සේනාධිපති නිදහස් කිරීමටත් මහාධිකරණ විනිසුරුවන් පොළඹවා ගැනීමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස අතර ආණ්ඩුවේ ප්‍රබලයන් දෙදෙනෙකු සහ තුප්පහි චිවරධාරියෙකුද සිටින බව මේ වනවිට අනාවරණය වී තිබේ.

එනම් අගමැතිගේ නම විකුණා තම දේශපාලන බලය පෙන්වීමට තැත්කරනා වරක් මහමැතිවරණයෙන් අන්ත පාරාජ වී ආතක් පාතක් නැතිව සිට යහපාලනයට පිං සිද්ද වෙන්න ඇමති කෙනෙකු ලෙස දිවුරුම්දුන් ඇමති තොත්ත බබා වජිර අබේවර්ධනයි. මොහු විසින් දින සියේ ආණ්ඩුව පැවති අවධියේදීද රාජපක්ෂ හෙන්චයියන්ගෙන් ඔහුගේ “වජිර අබේවර්ධන පදනමට” නොයෙක් ආකාරයෙන් මුදල් ලබාගෙන රාජපක්ෂ හෙන්චයියන් රැකීමට පොලිස් නිලදාරින්ට පවා බලපෑම් කල පුද්ගලයෙකි.පොලිස් ප්‍රධානීන්ට දුරකතන ඇමතුම් දෙමින් තමා කතා කරන්නේ අගමැතිවරයා වෙනුවෙන් යයි ඔහු පවසා තිබේ.

මෙහි ඇති විශේෂම කාරණය වන්නේ ඔහුගේ පසුගිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සදහා ඇවන්ගාඩ් සමාගමෙන් රුපියල් මිලියන ගණනනින් මොහුගේ පදනමට ලබාදී තිබීමයි. එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඇවන්ගඩ් නඩුව නීතිපති උපදෙස් පරිදි ඉවත් කර ඇත.වජිර අබේවර්ධනගේ ඡන්ද සටනේ අනෙක් ප්‍රධාන ධානපතියා වී සිටියේ හිටපු රෙජීමයේ පට්ට දූෂිතයෙක් වන මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ය. ගාමිණී සෙනරත් අද වන විට කිසිදු චෝදනාවක් නොමැතිව නිරුපද්‍රිතව සිටින්නේ වජිර අබේවර්ධන නැමති ඇමති තොත්ත බබාගේ අනුහසිනි.

මෙම දුෂිත ඇවන්ගාඩ් ආයතනය සහ එහි ප්‍රධානි රාජපක්ෂගේ බත්බැලයෙකු වන නිශ්ශංක සේනාධිපති නැමති දුෂිත නිලදාරියා සහ එම සමාගම වෙනුවෙන් නඩු කටයුතු වලට පෙනීසිටියේ මහරගම ප්‍රදේශයේ බෞද්ධයන් විශාල ප්‍රමාණයකගේ චන්දයෙන් තේරී පත් වූ විජේදාස රාජපක්ෂ නැමති වර්තමාන රජයේ අධිකරණ ඇමතිවරයායි. මොහු සබැ සුපිරිසිදු චරිතයක් ලෙස පෙනී සිටියද මොහු ආදායම් බදු නොගෙවා පැහැරහැරි සිට ඒ වෙනුවෙන් දඩුවම් ලැබූ පුද්ගලයෙකි. මෙවැනි පුද්ගලයින් ඩිල් දමනා වටපිටාවක සාදාරන අධිකරණ පද්දතියක් රට තුල ක්‍රියාත්මක වේද ?

කෝටි 60 ක මහජන මුදල් වංචා කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග අත් අඩංගුවට නොගෙන නොතීසියකින් ලිස්සා යැවීමට මහාධිකරණ විනිසුරු කුසලා සරොජිනී වීරවර්ධන පොළඹවා ගැනීමට අතරමැදියන් ලෙස කටයුතු කළ පිරිස අතර ප්‍රධාන තැනක් ගන්නා අනෙක් චාරිතය තිනියාවල පාලිත නමින් පෙනීසිටින චීවරධාරියයි.මොහුද අගමැති වරයා වෙනුවෙන් පෙනීසිටින බව පවසා රජයේ නිලධාරීන්ට බලපෑම් කර නොයෙක් පුද්ගලයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනි සිටින පුද්ගලයෙකි. සිල් රෙදි පොරවා බෞද්ධයන් මුලා කර තම මඩිය තරකර ගෙන සුරසැප විදිනා මෙවන් චරිත සාසනයෙන් ද නෙරපා දැමිය යුතු වේ.

ජනවාරි 8 මේ රටේ බහුතර ජනතාව බලාපොරොත්තු වූ වෙනස ලගාකර ගැනීමටනම් මෙවැනි ඩිල් කරුවන් වෙනුවෙන්ද නිතිය ක්‍රියාත්මක කල යුතු නොවේද ? රටේ අගමැතිගේ නම විකුණන මොවුන් පිලිබදව අගමැතිවරයා ගන්නා පියවර පිළිබද ජනතාව අවදියෙන් යන්න අප මෙහිදී සිහිඅපත් කල යුතු වෙ. නැත හොත් ජනතාව මීලග මැතිවරණයකදී මේවාට චන්දයෙන් පිළිතුරු ලබා දෙනු ඇත.

……..ජනවාරි 8 විප්ලවය සුරකිමු සංවිධානය……. 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.