Breaking
23 Feb 2025, Sun

අගොස්තු 19 වැනි දාට පසු අයියෝ සිරිසේන පුලස්තිපුරයට පන්නමු

මෛත්‍රිපාල හැකි කමක් ඇත්නම් ජනවාරි 9 වැනි දා කළ දේ අගොස්තු 18/19 වැනි දා ද කරනු ඇත. ඔහු හැකිනම් රනිල් පික්පොකට් අගමැති කරනු ඇත. එසේ නොහැකි නම් ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද නොවන අයකු අගමැති කරනු ඇත. එහි දී මුදල් ලබාදීම් ශ්‍රී ල නි පක්‍ෂයෙන් මන්ත්‍රීන් බා ගැනීම්, ආදිය සැලසුම් කෙරෙන බව රහසක් විය නො හැකි ය.

පික්පොකට් ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස සේවය කළ ශ්‍රී ල නි පාක්‍ෂිකයන් කිහිප දෙනකුගේ පක්‍ෂ සාමාජිකත්වය පසුගිය දා මෛත්‍රිපාල සිරිසේන අතින් තහනම් වීම ගැන ප්‍රමෝදයට පත්විය යුතු නො වේ. මෛත්‍රිපාල සිරිසේන එසේ කෙළේ එමගින් ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව රැස් නොකර සිටීමට ඔහුට අවස්ථාව ලැබෙන බැවිනි. යථාකාලයේ දී මේ සියළු දෙනා පික්පොකට් ආණ්ඩුවක සාමාජිකයන් වීමට නියමිත ය.

ජනතාවට මෛත්‍රිපාල සිරිසේනගේ හා ඔහුගේ විජාතික උපදේශකයන්ගේ සැලසුම් පැරදවිය හැකි ය. පළමුවෙන් ම කළ යුත්තේ සංධානයට මන්ත්‍රීවරුන් 125 දෙනකුට වැඩි සංඛ්‍යාවක් ලබා දී මන්ත්‍රින් බා ගැනීමට ඇති ඉඩකඩ අවම කිරීම ය. එවිට බොහෝ විට මෛත්‍රිපාල සිරිසේනට සංධානයෙන් අගමැති කෙනකු පත් නොකර සිටීමට නොහැකි වනු ඇත. දෙවනුව මනාප සටනේ දී මහින්ද සමග නොසැලී සිටින අයට පමණක් මනාප දීමට ඉටාගත යුතු ය. චන්ද්‍රිකා, මෛත්‍රිපාල ආදීන් සමග හොර රහසේ කටයුතු කරන සංධානයේ අපේක්‍ෂකයන්ට මනාපයක් නොදිය යුතු ය. ඔවුන්ට මනාප දී ඔවුන් මන්ත්‍රීවරුන් වුවහොත් ඔවුන් සමග ද එකතු වී මහින්ද රාජපක්‍ෂ අගමැති නොවන බවට මෛත්‍රිපාල සිරිසේන වග බලා ගනු ඇත. අද බටහිරයන්ට හා ඉන්දීයයන්ට අප රට ලේ විලක් බවට පත්කිරීමේ අවශ්‍යතාව ඇත. රට අස්ථාවර කිරීම ඔවුන්ගේ අරමුණ වෙයි. එහෙත් අපට කරුණු තේරුම් ගෙන කටයුතු කිරීමෙන් ඔවුන් පරාජය කළ හැකි ය.

මෙය ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමක් නො වේ. පක්‍ෂයට ද්‍රොහිකම් කර පක්‍ෂය ඝාතනය කළ සෝමාරාම පරදවා ශී්‍රී ල නි පක්‍ෂය ශක්තිමත්ව යළි බිහිකර ගැනීමකි. එහි දී පක්‍ෂය යළි ඉපදෙනු ඇත්තේ මහින්ද රාජපක්‍ෂ සමග මිස ඝාතකයන් සමග නො වේ. මෛත්‍රිපාල සිරිසේන හා ඔහුගේ උපදේශකයන් සැලසුම් කෙළේ මහින්ද රාජපක්‍ෂට නාම යෝජනා නොදී සිටීමට ය. එහෙත් මහජන බලය හමුවේ මෛත්‍රිපාල සිරිසේනට එසේ නොදී සිටිමට නො හැකි විය.

ජනතා අවශ්‍යතාව නිසා ම මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන නායකත්වයට පත් විය. එය ද මෛත්‍රිපාල සිරිසේනගේ කැමැත්ත නිසා සිදු වූවක් නො වීය. මෛත්‍රිපාල සිරිසේනගේ අකමැත්ත තිබිය දීම ජනතාව මහින්ද රාජපක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සංධාන ලැයිස්තුවේ නායකත්වයට පත් කර ගත්හ.

සංධානයට ආසන 125ක් පමණ ලැබුණහොත් මෛත්‍රිපාලට ජනබලයට පිටුපා මහින්ද රාජපක්‍ෂ අගමැති නොකර සිටීමට නො හැකි වනු ඇත. අද කළ යුත්තේ මෛත්‍රිපාලලාගේ සැලසුම් ගැන කල්පනා කර ඔවුන්ට තම අපේක්‍ෂා මුදුන්පත් කර ගැනීමට අවස්ථාව ලබා නො දීම ය. ජනතා බලයට අවසානයේ දී මෛත්‍රිපාලට යටවීමට සිදුවනු ඇත. එහෙත් එතෙක් ඔහු බටහිර හා ඉන්දීය සැලසුම් ක්‍රියාත්මක කර රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද නොවන වෙනත් ශ්‍රී ල නායකයකු හෝ අගමැති ලෙස පත්කිරීමට හැකි සෑම උත්සාහයක් ම දරණු ඇත.

අප සැම විට ම සතුරාගේ සැලසුම් අධ්‍යයනය කර ඒ පරාජය කිරීමට ක්‍රියා කළ යුතු ය. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස කටයුතු කරනතාක් මහින්ද රාජපක්‍ෂට විවිධ බාධක ඇති කරනු ඇත. අද කළ යුත්තේ අගොස්තු 19 වැනි දාට පසු මෛත්‍රිපාල සිරිසේන ආපසු පුලස්තිපුරයට යැවීමට ක්‍රමයක් කල්පනා කිරීම ය.

නලින් ද සිල්වා

2015 ජූලි 30

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.