Featured

අගෝස්තුවෙන් ශ්‍රිලනිපය දොට්ට…මෛත්‍රීගේ ආණ්ඩු හදන කුමන්ත්‍රණය අතේ පත්තු වන ලකුණු

එජාප -ශ්‍රීලනිප (මෛත්‍රී පිළ )එක්ව සාදා ඇති ජාතික ආණ්ඩුවෙන් ශි‍්‍රලංකා නිදහස් පක්ෂය අගෝස්තු මාසයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයට තනිවම ආණ්ඩුව කර ගෙනයාමට ඉඩදීමට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එජාප රනිල් පිළට පවසා තිබේ.

යහපාලන ආණ්ඩුවේ එකඟතාවය ලබන අගොස්තු මාසයෙන් අවසන් විමට නියමිතව ඇති අතර ශ්‍රීලංකා නිදහස් පක්ෂය සම්බන්ධ කර ගනිමින් ආණ්ඩුව පවත්වාගෙන යෑමට සිරිසේන ජනාධිපතිවරයා සිය බලවත් අකමැත්ත පලකර තිබේන බවයි.ජාතික ආණ්ඩුව වෙනුවට ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ද සහිතව එජාප ආණ්ඩුවක් නිර්මාණ කිරිමට ඉඩදිමට ජනපති කැමත්ත පලකර තිබේන බවයි රනිල් පිළ සදහන් කරන්නේ.

කෙසේවෙතත් රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික කළමණාකරණයෙන් රට අස්ථාවර වී ඉන් වාසියක් ගෙන ඊළග මහමැතිවරණයෙන් තනිවම ආණ්ඩුවක් පිහිටුවීමේ උපක‍්‍රමයක් ලෙස අගෝස්තුවේදී ඉවත් විම නිදහස් පක්ෂය ඉවත් විමේ උපක්‍රමය වි තිබේන බව රනිල් පිළ ආනාවරණය කර තිබේ.

නමුත් පසුගිය කාලයේ අගමැතිවරයා විදේශ රටවල් සමග අත්සන් කළ ගිවිසුම් වල ව්‍යපෘති ආරම්භ කිරිමට ඇත්තේද අගෝසතු මාසයෙන් පසුවය. ඒ අනුව අගෝසතුවෙන් පසුව සංවර්ධන ව්‍යපෘති රැසක් ආරම්භ විමත් සමග යළිත් විදේශ සංචිත ප‍්‍රමාණය ඉහල ගොස් ඩොලරයේ අගය පහත වැටෙනු ඇති බවට ආර්ථික විශේඥයන් විශ්ලේෂණය කර තිබේන බැවින් ශ්‍රීලනිප කුමන්ත්‍රණය අසාර්ථක වි යනු ඇති බවද රනිල් පිළ අනාවරණය කර තිබේ.

Top