ලෝකයා

අඩෝ…මම කූජිත…බැහැපන් පිං-පියා එලියට….

“ටොක් ..ටොක් ..ටොක් ..ඇරපන් යකෝ දොර …” රොස්මිඩ් පෙදෙසේ දොරකට තඩිබාන පොලිස් නිලධාරියෙකි…..

” කව්ද මේ මහා රැ දොරට තඩිබාන්නේ….කෝ මගේ ආරක්ෂකයෝ කවුරුත් නැද්ද…? රන්ජා…රන්ජා…”
ඒ ජාතියේ පිනට පහලවූ පියා (පිං -පියා)ගේ හඩයි..

කිසිවෙකුගෙන් ප්‍රතිචාරයක් නොවූ කල්හි පිං -පියා විසින්ම දොර විවුර්ථ කළේය…..

“කුජීත ඔයා …?? මොකද මේ රැ මගේ දොර කඩන්න හදන්නේ …?”

ඇස්ගෙඩි ලොවි ගෙඩිමෙන් දිලිසෙමින් තිබූ පොලිස් නිලධාරියා දුටු පිං -පියා හඩ අවධිකළේය…

”උබගේ සෙල්ලම් ඔක්කොම ඉවරයි………

මහබැංකු මංකොල්ලයට, 87-89 බටලන්ද කෙස් වලට,මාධ්‍යට දාන තර්ජ්නවලට, මැකොත් එක්ක එකතුවෙලා දාපු හොර චන්ද ගේම් වලට අදාළ සාක්කි ඔක්කොම මගේ ලග තියෙනවා ……

උබට ආත්ම 10ටවත් එලියට එන්න වෙන්නේ නෑ …..අපි උඩරට උනත් කෙලින් මිනිස්සු.. නැගපන් පරයා වාහනේට …”
එය STF වටකරගත් පොලිස් ජීප් රථයකි …

“කුජිත..තමුසේ හොද සිහියෙන්ද ..? මමනේ අයිසේ තමුසෙව පත්කළේ..මට ඔහොම කරන එක හරිද ඕයි …? ” පිං -පියාගේ බැගෑපත් වන්නට විය……

“ඔව්වා කියපන් උසාවියේදී …අපිඋඩරට උනත් කෙලින් මිනිස්සු හරිය…. නැගපන් පරයා වාහනේට..'” කුජීතගේ හඩ තවත් දැඩිවිය….

“කෝ ශාක්ෂි….එව්වා පෙන්නනකම් මම වාහනේට එන්නේ නෑ …” ඩිස්නිලන්තයේ අග-පියා පොඩි නීති තර්කයක් ඇදබෑවේය…

“ශාක්ෂි…..??? ශාක්ෂිනේ ඕන ….ඔන්න බලාගනින් ?? ” පිං -පියාගේ බෙල්ලෙන් අල්ලාගත් කුජීත ජීප් රියේ පසු පස දොර විවුර්ථ කොට ඇතුලට ටෝච් එකක් ගැසීය…

“දෙයියන්ට ඔප්පුවෙච්චාවේ …..”
රවී, අර්ජුන්, රාජිත, මංගල, චම්පික, මැකෝ සහ තවත් අයෙක් එහි විය…පාන් කියාගන්න බැරි ලෙස ඔවුන්ට හොදින් නෙලා ඇතිබව පෙනෙන්නට තිබින…….අර්ජුන්ගේ ලක්ෂ 10යේ කොට් බෑය කීතු කීතු වලට ඉරී යන පරිදි අමානුෂික ලෙස පහර දී ඇතිබව පෙනෙන්නට විය…..

”කව්ද අර අනිත් එකා..? ” නුපුරුදු හාදයා ගැන පිං -පියා විමසීය…

“ඒ මගේ Bond බෑනා සර්ර්ර් ….” අර්ජුන් කෙදිරීය……

පිං -පියාට කට උත්තර නැතිවිය….

”කුජිත…… මේ අහනවා …..බැරිද අයිසේ අපිට නීතීය පොඩ්ඩක් නමන්න…?” බයාදු ස්වරයෙන් විමසීය ….

” නමන්න..??? අපි උඩරට උනත් කෙලින් මිනිස්සු යකෝව්….කෙලින් මිනිහෙක් කොහොමද බුරුවෝ නිතීය නමන්නේ…?”

පිටිපසට පයින් දෙකක් දී පිං -පියාව ජීප් රියට නග්ගාගත් කුජිත විදුලි වේගයෙන් පොලොන්නරුව පැත්තට ඇදෙනු රන්ජා දුටු බව ඔහුගේ FB ගිණුමේ පසුදා සටහන්ව තිබිණ…

සියලු දුෂකයින් ඇතුලට දැමු කුජිත පසුදා, මල් මාලයක් දමන්න ගිය දොබකරයක් සහ වෑන් රියක් අල්ලන STF එක යොදවනු මුළු රටටම දැකගත හැකිවිය…..

අන්න එහෙමයි උඩරට කෙලින් මිනිස්සු…… ☺

(”දොබකර සිද්ධිය” හා ”පිං-පියාගේ’ යන සිද්ධි දෙකෙන් එකක් නින්දට යන්නට කලින් TV දැක්කා වගේ හිනියට මතකයි…..කොයි එකද දැක්කේ කියලා හරියටම ෂුවර් නෑ කියහන්කෝ….)

පසුව ලියමි – නින්දට පෙර දකින NEWS, නින්දේදී දකින සිහිනවලට ප්‍රතිලෝමව සමානුපාතිකවනබව මහාචාර්ය සාත්තු සේවක ” සමන් රත්නප්‍රිය” සොයාගෙන ඇත..

Top