Breaking
24 Feb 2025, Mon

අතිගරු ජනාධිපති… හූ…හූ….හූ….දෙවන යහපාලන සමයේ හූ සංග්‍රහය මහ නුවරින් ඇරඹේ….

පසුගිය 12 වැනිදා මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය ගැන සාකච්ඡා කිරීම සඳහා රැස්වීම පැවැත්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දුමින්ද දිසානායකගේ ප්‍රධානත්වයෙනි. ඊට අමතරව එස්.බී .දිසානායක, මහින්දානන්ද අළුත්ගමගේ, කෙහෙළිය රඹුක්වැල්ල, දිළුම් අමුණුගම වැනි අමාත්‍ය වරුන් හා පාර්ලිමේන්තු මන්න්ත්‍රී වරුන්ගේ සහභාගිත්වයද දක්නට ලැබිණ.

පළමුවෙන් කතා කල පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායාක ජයග්‍රහණයේ අවශ්‍යතාවයත් ඉදිරි වැඩපිළිවෙලත් පැහැදිලි කල අතර, පොඩි පොඩි හූ පාරවල් දෙකක් පැමිණියේ “අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන” යැයි සඳහන් කිරීමේදීය.

අනතුරුව අදහස් දැක්වීමට පළාත් පාළන නියෝජිතයින්ට ලැබුණු අතර, එහිදී නැගී සිටි උඩුනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් වරලඹ සහ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ සභාපති අසේල ඒකනායක යන දෙදෙනා විසින් යහපාලන ආණ්ඩුවේ යහගුණ පවසන්නට විය… මොවුන් දෙදෙනාටම තම කතා නවත්වන්නට වූයේ අනිකුත් පළාත් පාළන නියෝජිතයින්ගේ දැඩි හූ හඬ සහ විරෝධතා මධ්‍යයේය…

“පැරදිච්ච උන්ට ගොට්ට අල්ලගෙන පක්ශය පරද්දන්නද හදන්නේ….?”

යනුවෙන් ඔවුන්ගෙන් සෘජුව ප්‍රශ්ණ කල අනෙකුත් පලාත් පාලන නියෝජිතයෝ තම අදහස් නිර්භයව පවසන්නට විය.

මෙහිදී ගඟ වට කෝරලේ ප්‍රාදේශීයේ උප සභාපති සද්ධාතිස්ස, ගඟ ඉහළ කෝරලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති, පාත දුම්බර ප්‍රාදේශීය සභාවේ උප සභාපති වැනි පළාත් පාලන නියෝජිතයින් පක්ශයේ වත්මන් ක්‍රියා කලාපය දැඩිව විවේචනය කල අතර “ජන හිතකාමී ලෙස ඉදිවන ඕනෑම බලවේගයක් තුලින් තමන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වෙන්නට භය නැති බව” ද පැවසුවේය…

අවසානයේ දැඩි ගාලගෝට්ටියකින් අවසන් වූ මෙම රැස්වීමේ අවසාන ජවනිකාව, පළාත් පාලන නියෝජිතයින්ගේ හූ හඬ මැද දුමින්ද දිසානායක සභා ගැබින් පිට විම ලෙසින් සටහන් විය.

දිනු දේශය අනතුරක  

උඹලා හිනා වෙයල්ලා…. ඒ කියපු වහ බෝතල් ටික රටේ ජනතාවට ගෙනත් දීපල්ලා…

Posted by දිනූ දේශය අනතුරක ? on Thursday, September 3, 2015

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.