Breaking
25 Feb 2025, Tue

අතිගෞරවර්හ නාඋයනේ අරියධම්ම නාහිමි පාණන්වහන්සේගේ අපවත්වීම පිළිබඳව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ශෝක පණිවිඩය

2016 ක් වූ සැප්තැම්බර් මස 12 වන දින දීය.
ශෝක පණිවුඩය

ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ශ‍්‍රී කළ්‍යාණී යෝගාශ‍්‍රමාධිපති හා ප‍්‍රධාන අනුශාසක, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු ප‍්‍රධාන කර්මස්ථාන ආචාර්ය හා රාජ්‍ය සේවා බෞද්ධ සංගමයේ හිටපු ප‍්‍රධාන අනුශාසක, විභංගාචරිය, ත්‍රීපිටක වාගීස්වරාචාර්ය, සාසනධජ ශ‍්‍රී ජිනවංශ වංශාවතංස අතිගෞරවාර්හ නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත්වූ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්විමි.

අපවත් වී වදාළ නාහිමිපාණන් වහන්සේ ගිහි කළ සිටම පැවිදි භාවයට පත්වීමේ මහත් අපේක්ෂාවෙන් යුතුව සිය දෙමාපියන්ගේ කැමැත්ත මත වර්ෂ 1957 මාර්තු 02 වන දින ගල්දුව ආරණ්‍ය සේනාසනයේ දී ප‍්‍රව‍්‍රජ්‍යා භූමීයට පත්වුහ. පැවිදි වීමෙන් අනතුරුව 1957.07.15 වෙනි දින උතුම් අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමීයට පත්වන විට වසර 02 ක් වැනි කෙටි කාලසීමාවක් තුළ උන්වහන්සේ ග‍්‍රන්ථ රාශියක් පරිශිලනය කළ අතර, ඉන් බොහොමයක් කටපාඩම් කරගැනීමේ ධාරණ ශක්තියක් උන්වහන්සේ තුළ තිබීම අගය කළයුතු කරුණකි. සුත‍්‍ර, විනය හා අභිධර්ම පිටකයන් හා භික්‍ෂු ප‍්‍රාතිමෝක්ෂය ඇතු`ඵ ග‍්‍රන්ථ රාශියක් කට පාඩම් කළ උන්වහන්සේ ධර්ම ග‍්‍රන්ථ රචනා කරමින් ග‍්‍රන්ථකරණය පිළිබඳව ලබාගත් පෘථුල දැනුම තුළින් වර්තමාන සමාජයේ යහපැවැත්ම උදෙසා කළ මෙහෙවර අපමණය.

ධම_ දේශනා කිරීමේ දී මෙන් ම පරිත‍්‍රාණ ධර්මය දේශනා කිරීමේ දී හුදී ජනයාගේ මනසට කාවදින අයුරින් තම ස්වරය හසුරුවාලීමට හැකියාවක් උන්වහන්සේ සතු විය. මෙරට පමණක් නොව විදේශ රටවල ධර්ම ප‍්‍රචාරයෙහි නිරත උන්වහන්සේ මියන්මාර් රටට වැඩම කළ වාර ගණන අපමණය. එහිදි උන්වහන්සේ සමථ විදර්ශනා භාවනා පිළිබඳ මනා පුහුණුවක් ලබා එහි ප‍්‍රතිඵලයක් ලෙස නාඋයන ආරණ්‍ය සේනාසනය උතුම් ප‍්‍රතිපත්ති නිකේතනයක් බවට පත්කරන ලදි.

මෙවන් අතිඋදාර ශාසනික මෙහෙවරක් ඉටු කළ ව්‍යක්ත විශාරද ධර්මානු ධර්ම පටිපත්ති යන සංඝ සෝභන ගුණයෙන් පිරිපුන් සිල්වත් ගුණවත් මහා සංඝ පීතෘන් වහන්සේ නමක් ඇසුරු කිරීමට ලැබීම, මා මහත් භාග්‍යයක් කොට සලකන අතර උන්වහන්සේ අප පවුලේ සියලූ දෙනා කෙරෙහි දැක්වු සෙනෙහස ද මා මේ මොහොතේ සිහිපත් කරන්නේ උන්වහන්සේට ගෞරවයක් ලෙසිනි.

කළ්‍යාණි යෝගාශ‍්‍රම සංඝ සංස්ථාවට අදාළ විහාරස්ථාන ආරක්‍ෂා කර ගනිමින් එහි වෙසෙන භික්ෂුන් වහන්සේලා දහසක අධික පිරිසට අවවාද අනුශාසනා කරමින් දේශ දේශාන්තර වල ධර්ම ප‍්‍රචාරයෙහි නිරත වු මෙබදු සිල්වත් ගුණවත් සංඝ සෝභන ගුණයෙන් හෙබි මහා යතිවරයාණන් වහන්සේ නමකගේ අපවත්වීම සසුනට මෙන්ම රටට සිදු වු මහත් පාඩුවක් ලෙසමම දකිමි.

පුරා වසර 77 ක් පමණ ආයු වළදා අපවත් වී වදාළ අති ගෞරවාර්හ නාඋයනේ අරියධම්ම නාහිමිපාණන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ….ෟ ප‍්‍රාර්ථනා කරන අතර, සංවේගයට පත් උන්වහන්සේගේ සහෝදර සහ ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලාටත් ශ‍්‍රී කළ්‍යාණීයෝගාශ‍්‍රම සංඝ සංස්ථාවට අයත් සියලූ සේනාසන වල දායක කාරකාදීන් ඇතුලූ සමස්ත රට වැසියන්ටත් මාගේ බලවත් සංවේගය මෙයින් පුදකර සිටිමි.

මහින්ද රාජපක්‍ෂ
හිටපු ජනාධිපති

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.