Featured

අතිශය වැදගත් දේශපාලන තින්දු රැසක් ගැනිමට මහින්ද සුදානම්!

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ථ ලංකා කාරක සභාවේදී මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ කණ්ඩායම ගත් තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ ශී‍්‍රලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ විශේෂ හමුවක් මේ බදාදා කැදවිමට මහින්ද පාර්ශ්වය තින්දු කර තිබේ.එම සාකච්ඡාවේදි අතිශය වැදගත් දේශපාලන තින්දු කිහිපයක්ම ගැනිමට මහින්ද පාර්ශ්වය සුදානම් බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් (02)වැනිදා මධ්‍යම කාරක සභාව රැස්වු අතර අනුව මහින්ද සමග එක්ව දේශපාලන කරන ආසන සංවිධායකයින් ඉවත් කිරීමට මධ්‍යම කාරක සභාව කටයුතු කර තිබේ.

එම යොජනාව හරහා මෛත්‍රී පිළේ බත් බැලයන් පෙන්වා දි ඇත්තේ දැනට මහින්ද පිළ නියෝජනය කරන මහින්ද ලගින්ම ඉන්න කුමාරවෙල්ගම, මහින්දානන්ද අලූත්ගමගේ, සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන බහුතරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුර දරමින් මහින්ද සමග කටයුතු කිරිම හෙතුවෙන් එය තමන්ට බරපතළ ගැටලුවක් වි ඇති බවයි.එම හේතුවෙන් ඔහුන් සියලුම දෙනා ඉවත් කර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නව කි‍්‍රයාකාරී ආසන් සංවිධායකවරුන් පත්කර ගැනීමට පියවර ගත යුතු බවයි මෛත්‍රීගේ බත් බැලයන් පෙන්වා දි ඇත්තේ.

මේ අතර රටේ ජනතාව සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් රැවටීම සදහා වරින් වර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ නව ආණ්ඩුවක් පිහිටුවන්නැයි ඒකාබද්ධ විපක්ෂයට කරණු ලබන ආරාධනය පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවවද මෙම සාකච්ඡාවේදි අවධානය යොමුකර එම රැවටිමෙන් ජනතාවත්,පාක්ෂිකයින්නුත් ගලවා ගැනිම සදහා වන වැදගත් තින්දු තිරණ රැසක්ද ගැනිමට නියමිතව තිබේන බවයි අප දේශපාලන වාර්තාකරු සදහන්  කලේ.

Top