Breaking
23 Feb 2025, Sun

අතේ පත්තුවුනු හල්ලොළුවගේ ටෙලිකොම් කුමන්ත්‍රණය

කුමාර සිරිසේන ටෙලිකොම් සභාපති තනතුරෙන් පැන්නීම සඳහා හල්ලොළුව ඇතුළු පිරිස විසින් සිදුකළ කුමන්ත්‍රණයක් පිළිබඳව අප පසුගිය කාලයේ හෙළිකලෙමු. එහිදී කපිල චන්ද්‍රෙස්න සහ විසින් ආයතන සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කොට තිබූ ආකාරයත්, ඔහුව ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් නෙරපා දැමීමට විශය භාර අමාත්‍යවරයා වන හරීන් ප්‍රනාන්දුගේ මැදිහත්වීම මත කටයුතු කළ ආකාරයත් හෙළිදරව් කළෙමු. මේ හෙළිදරව් කිරීම සහ හල්ලොළුව ඇතුළු පිරිසගේම අමනොඥ්ඥ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම කුමන්ත්‍රණයට සම්බන්ධ තුසිත හල්ලොළුවත්, ක්‍රිෂාන්ත කුරේත් යන දෙදෙනාම ටෙලිකොම් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයෙන් දොට්ට දැමීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විශය භාර අමාත්‍යවරයා විසින් කටයුතුකොට තිබේ. කියවන්න-තුසිත මැස්සා,නිශාන්ත සමග එක්වි ශ්‍රි ලංකා මොබිටෙල් ගිල දමයි -වහාම ඉවත් කරන්න ජනපතිට ලිපියක්

තුසිත හල්ලොළුව තමා පිළිබඳ ප්‍රචාරණය කරන්නේ ඔහු වෙබ් මාධ්‍ය ක්ෂේස්ත්‍රයේ විශාල ඒකාධිකාරයක් පවත්වාගෙන යන ප්‍රවීනයෙකු ලෙස වුවත් සැබෑ වශයෙන්ම හල්ලොළුව එතරම් වැඩකරුවෙකු නොවේ. තුසිත හල්ලොළුව යනු ජේත්තුකාර, කටමැත දොඩවන මාධ්‍ය විසින් පුම්බන ලද චරිතයක් මිස සැබෑ ප්‍රවීන මාධ්‍යකරුවෙකු නොවේ. ඔහු මංගල සමරවීර හඳුනාගන්නේ එවකට මංගල හා සමීපතමයෙකුවන රුවන් ෆර්ඩිනෑන්ඩස් හරහායි නමුත් මංගල හඳුනාගැනීමෙන් අනතුරුව ඔහු සතු ජේත්තුකාර හැසිරීමත්, ඔහුගේ පුහු වාග්විලාශයත් භාවිතා කරමින් රුවන් ෆර්ඩිනෑන්ඩස් සහ මංගල අතර පැවති සම්බන්ධය ක්‍රමයෙන් බිඳ දැමීමට කටයුතු කරන මොහු අවසානයේ රුවන් සහ මංගල අතර ගැටළුවක් ඇති කරන තත්වය දක්වා වර්ධනය කොට ඔහුව මංගල සමීපයෙන් පලවා හරියි. කියවන්න – 8 පාස් නැති මැස්සෙක් ගිය උඩ……..

හල්ලොළුව කෙසේ වෙතත් ක්‍රිෂාන්ත කුරේ යනු දක්ෂ පුද්ගලයෙකි. ඔහුගේ පවුල් පසුබිමත්, අධ්‍යාපන පසුබිමත්, භාෂන හැකැයිව සහ පලපුරුද්දත් සලකා බැලීමේ දී ඔහු වැනි පුද්ගලයෙකු ටෙලිකොම් ආයතනයට සම්පතක් වන්නට අවස්ථාව තිබුනි. ඔහු මීට පෙර මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රවීනත්වය ලබා සිටින මාධ්‍ය ආයතන ගණනාවක ඉහල තනතුරු දරා පලපුරුද්ද ඇති පුද්ගලයෙකි. හල්ලොළුවගේ උගුලට නොහසුවී ඔහු ඉවසීමෙන් ක්‍රියාකළා නම් ඔහුට ටෙලිකොම් ආයතනයේ ඉහලට යාමට හොඳ හැකියාවක් පැවති පුද්ගලයෙකි. නමුත් අවාසනාවට හල්ලොළුව ඇතුළු කණ්ඩායම විසින් ක්‍රිෂාන්ත කුරේව මෙම ක්‍රමන්ත්‍රණයේ ඉත්තෙකු බවට පත්කර ගැනීම හේතුවෙන් ක්‍රිෂාන්ත කුරේ හට ද මේ ආකාරයෙන් මොබිටෙල් සමාගමෙන් ඉවත්වීමට සිදුව ඇත. කියවන්න- ක්‍රිෂාන්ත කුරේ සභාපති කරන්න කුමාරසිංහ සිරිසේන පන්නන සටන

මෙම අවස්ථාවේ දී ද ටෙලිකොම් සභාපති දූරයෙන් කුමාර සිරිසේන ඉවත්කිරීමට සහ ඔහුට හිතවත් පුද්ගලයින් ටෙලිකොම් අධ්‍යක්ෂමණ්ඩලය වෙත පත්කරගැනීමට හල්ලොළුව භාවිතාකරන්නට තීරණය කලේ ද රුවන් ෆර්ඩිනෑන්ඩස්ට එරෙහිව භාවිතා කරන ලද ආකාරයේම මඩ ප්‍රචාරණ ව්‍යාපාරයකි. නමුත් ඔහු නොදැන සිටි කරුණ නම් ඔහුගේ මෙම කුමන්ත්‍රණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත්ව සිටි බවයි. අවසානයේ දී ඔහුගේ මෙම ක්‍රියාකලාපය ඔහුටත් ඔහුගේ කුමන්ත්‍රණය හා සම්බන්ධවී සිටි සියළු දෙනාටමත් පාරාවලල්ලක් බවට පත්වන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විශයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ඒකමතික තීරණයකට අනුව ඔහුත් ටෙලිකොම් ආයතනයට සම්පතක් වන්නට තිබූ ක්‍රිෂාන්ත කුරේත් ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් කරන තැනට කටයුතු සැලසීමයි. කියවන්න-මෛත්‍රී..දුර සිටින හතුරාට පෙර ලග සිටින හතුරන් හදුනා ගනු!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.