Anonymous Reporter

අතේ පැලවෙන බොරු කියන යහපාලන වන්දිභට්ටයන්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචාවක් කල බවත්,රුසියානු තානාපති කාර්යාලයේ ඔහු යටතේ සේවයකළ භාෂා පරිවර්තකයා ඝාතනය කල බවත්,යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන්ට අවි ආයුධ ජාවාරම් කල බවට චෝදනා එල්ල වී පසුව අතුරුදන්ව ඇති බවත් රාජපක්ෂලාගේ අංක එකේ දුෂිතයා රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා බවත්,මහින්ද රාජපක්ෂ මහතා  පසුගියදා කල තායිලන්ත සංචාරයෙන් පසුව යහපාලන රජයේ එජාපයේ ගූ බට්ටන් මෙන්ම ශ්‍රීලනීපයේ ණයට කහින එවුන්ට හැදුනු ලෙඩේ මාධ්‍ය ඉදිරියේ සංදර්ශණයක් මෙන් පෙන්වු අයුරු රටේ බත් කන ජනතාවට නම් තවමත් අමතක නෑ.

රුසියාවේ තානාපති ලෙස කටයුතු කළා වූද, ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජයෙන් පසු රුසියාවේදීම අතුරුදන් වුණා වූද, උදයංග වීරතුංග පසුගියදා තායිලන්තයේදී මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ එකට ඡායාරූපවල පෙනී සිට මෙරට සමාජය තුළ ඉමහත් කැළඹීමක්‌ ඇති කළේය. ඒ ඒ තරමටම රටේ ජනතාව ඉදිරියේ උදයාංගලා ගැන සාදා තිබු පිංතුරය නිසාය.

තායිලන්තයෙදී හිටපු ජනාධිපතිතුමා හමුවීමත් සමග භුමිතෙල් ඇග ගෑවුනු ගැරඩියෙකු මෙන් දැගලු යහපාලනය හත්පොලේ ගා ගනිමින් තැන තැන කියාගෙන ගියේ උදයංග හොරෙන් හැදු ගුවන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තයට පැමිණි බවයි.

ඊට හේතුව වුයේ යහපාලනය පත්විමෙන් පසුව ජනතාව පිනවිම සදහා යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාගේ රාජ්‍ය තාන්ත්‍රික ගුවන් බලපත්‍රය අවලංගු කර ඇති බවත් ඒ පිළිබඳව සියලුම විදේශ තානාපති කාර්යාලවලට දන්වා ඇති බවත් විදේශ කටයුතු අමංත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා මහිෂිනි කොලොන්න කල ප්‍රකාශයයි

ForingMinister

විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කල ලිපිය -විශාල කර පහතින් දක්වා තිබේ.

නමුත් 2015 පෙබරවාරි 27 වැනිදා යහපාලන ආණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යංශය හරහාම උදයාංග විරතුංග මහතාට ගුවන් ගමන් බලපත්‍රයක් නිකුත් කිරිමට කටයුතු කරන ලෙසට ආගමන හා විගමන පාලකවරයාට ලිපියක් නිකුත් කර තිබේ.එම අවසරය මත උදයංග විරතුංග මහතා සිය පවුලේ සමාජිකයන් සදහ ගුවන් ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ.(අදාළ අවසර ලැබු ලිපි පහතින් දක්වා තිබේ.)උදයංග විරතුංග යනු යහපාලකයන් කියන ආකරායේ හොරෙකු,මිණිමරුවෙකු මෙන්ම ත්‍රස්තවාදීන්ට ආයුධ සපයා සැගවි සිටින්නෙකු නම් ඔහුට ගුවන් ගමන් බලපත්‍රයක් ලබා ගැනිමට අවසර ලබා දුන්නේ ඇයි.ඒ අනුව යහපාලන ප්‍රධානින් ඔහුන්ගේ ඇමති කටු කන බල්ලන් යොදවා රාජපක්ෂලාට මඩ ගැසිමට “විරතුංග” නාමයද මස් කට්ටක් කර ගත් බව දැන් නොරහසකී.

යහපාලනය නැමති බෙදුම්වාදී ආණ්ඩුව මොනතරම් රටේ ජනතාව ගොනාට අන්දවා තිබේනවාද යන්න දැන් ජනතාවට අමුතුවෙන් කියාදිය යුතු නැත.නමුත් විජයග්‍රාහී ගමනක යමින් තිබු අපේ රට මේ අතරම් අගාධයකට ඇද දමමින් මේ රට විනාශ කල රනිල් ප්‍රමුඛ පච කියන්නන්ගේ එක්සත් ජාතික පක්ෂයත්,නිවට නියාලු මෛත්‍රීපාල සිරිසේනගේ අමන බලු කල්ලියත් ගැන රටේ ජනතාව නිවැරදිව සාක්ෂි සහිත කරුණු දැන සිටිම අනාගතයේ යලිත් දිනක රටේ තිරණාත්මක අවස්ථාවකදි තින්දුවක් ගැනිමට වැදගත් වනු ඇත.

යහපාලන ආණ්ඩුවේ කටු කෑ වෙබ් කාරයන් සහ පුවත් පත් ප්‍රසිද්ධ මාධ්‍ය වාර්තා…

>ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුව ඇති මහා පරිමාණ වංචාවක් පිළිබද මහින්ද රාපක්ෂගේ ඥාතියෙකු වන උදයංග විරතුංගට එරෙහිව චොදනා ඇති බවත් වහාම ඔහු අත් අඩංගුවට ගන්නවා.

>අතුරුදහන්ව ඇති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියේ හෝ මෙරට රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත හොත් දීර්ග කාලයකට ඔහු අත්අඩංගුවට පත්වනනවා.

>උදයංග රුසියානු තානාපති කාර්යාලයේ ඔහු යටතේ සේවයකළ භාෂා පරිවර්තකයා ඝාතනය කරලා,මිනිය ලංකාවට එවලා

>හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාති සොයුරකු වූ මිනීමැරුම් චෝදනාවක් ඇතුළු බරපතල දුෂණ හා වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා මේ දිනවල ඉරානයේ පදිංචි වී සිටින බව හෙළිදරව් වී තිබේ.

>රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ට එල්ල වී ඇති චෝදනාවල බරපතලකම වටහා ගනිමින් ශ්‍රී ලංකා රජය ක්‍රියාකරන බවද එසේම රුසියාවේ හිටපු තානාපති උදයංග විරතුංග ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය මේවන විට අවලංගු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධය ප්‍රකාශිකා මහේෂිනි කොළොන්නේ මහත්මිය පවසයි.

-උපුටා ගැන්ම 2016 අපේ‍්‍රල් මස 28 රුවන් විජයවර්ධනගේ ලංකාදිප පුවත් පත –

හිටපු රුසියා තානාපති උදයංග වීරතුංග නමැත්තා මහින්ද රාජපක්ෂ මහතාගේ රැකවරණය යටතේ කොහේ හරි සිටින බව එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මෙවැනි අලාභයක් ගැන කතාකරන්න වෙයි කියා තමන් නොසිතූ බවත් අද වනවිට එම සමාගම රුපියල් කෝටි 46,127ක අලාභයක් ලබන බවත් කී ඔහු උදයංග සම්බන්ධයෙන් බරපතල චෝදනා ඇති බවත් ඔහු අවි ජාවාරම් කළ බවට තොරතුරු ඇති බවත් පැවසීය. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සිටින ඔහු රාජපක්ෂලාගේ රැකවරණය ලබන බව නලින් බණ්ඩාර මහතා කීවේය.

උපුටා ගැන්ම අවසන්

[box type=”success” ]රුසියාවේ හිටපු තනාපති උදයාංග වීරතුංග වන මම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අප්‍රේල් 23 සිට 26 අතර තායිලන්තයේ උඩන්-තානී නගරයේ සහ බැංකොක් නගරයේ කල සංචාරය අතරතුර එතුමාව හමු වුනෙමි. ඒ අවස්ථාව ලැබීම ගැන මම ඉතා සතුටුවෙමි. මම හිටපු ජනාධිපතිතුමා හමුවීම ගැන යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් විවිධ අදහස් පළකර තිබේ. මා නොයෙක් විමර්ශන සඳහා ලංකාවේ ආණ්ඩුවට අවශ්‍ය වි තිබෙන පුද්ගලයෙක් හැටියට ඔවුන් හුවා දැක්වීමට උත්සාහ කරන බව පෙනේ. යහපාලන ආණ්ඩුවේන් මට සහ මා සේවය කල ආණ්ඩුවේ ප්‍රබලයින්ට සිදූවි තිබෙන දරුණු දේශපාලන පළිගැනීම් නිසා දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් යහපාලන දේශපාලකයන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල පට්ට පල් බොරු බව ලංකාවේ ජනතාවගේ දැනගැනීම සඳහා ප්‍රකාශ කිරීමට කැමතියි.[/box]

කියවන්න -උදයංග විරතුංග තායිලන්තයෙදී හිටපු ජනාධිපතිතුමා හමුවීම පිළිබඳව කල අනාවරණය –ණයට කහින එවුන්ට උදයංගගෙන් පිළිතුරක් 

ඉන් පසු මූල්‍ය අපරාධ සඳහා වූ FCID ය හරහා උදයංග ගැන පරීක්‍ෂණ පැවැත්වීමට ලක්‌ රජය පටන් ගත්තේය. ඔහුට එරෙහිව නගා තිබූ චෝදනාවලින් එකක්‌ වූයේ යුද සමයේදී රුසියාවෙන් මිග් 27 යානා සමූහයක්‌ ලංකාව මිලට ගැනීමේදී අතරමැදියකු ලෙස කටයුතු කර මුදල් අක්‍රමිකතා සිදු කිරීමය. සාමාන්‍යයෙන් මිග් යානයක්‌ ඩොලර් දශ ලක්‍ෂ 57 – 60 අතර මිලකට අලෙවි කරනු ලැබේ. ඒවාද අලුත් යානා නොව 1997 සෑදූ යානාය. අලුත් යානා එමෙන් හත් අට ගුණයක්‌ මිල ය. මිග් වෙළඳාම මේ අතරමැදියකු වන අයකුට ලැබිය හැකි කොමිස්‌ තොගය මගින් ලංකාවේ හෝ පිටරට පමණක්‌ නොව වෙනත් ග්‍රහලෝකවල පවා ඉඩම් මිලට ගත හැකිය. එය එතරම්ම විශාල මුදලකි.

මෙහිදී මංගල සමරවීර මාධ්‍යයට කී කාරණය සම්බන්ධයෙන් ද පාඨකයා දැනුවත් කළ යුතුය. යුක්‌රේනය තුළ බෙදුම්වාදී ව්‍යාපාරයක්‌ ඇත. එම බෙදුම්වාදී ත්‍රස්‌තවාදීන්ට උදව් කරන්නේ රුසියාවය. යුක්‌රේනයේ Donetsk නමැති පළාත වෙනම රාජ්‍යයක්‌ බවට ප්‍රකාශයට පත් කරන්නැයි එම ත්‍රස්‌තයෝ ඉල්ලති. මෙයට වසරකට පෙර පටන් ගත් මේ යුද්ධය නිසා මේ වන විට 6000 ක්‌ මියගොස්‌ ඇත. උදයංග වීරතුංග, කොටි සංවිධානයට අයත් අවි තොග මේ ත්‍රස්‌තවාදීන්ට විකුණූ බවට චෝදනා තිබේ. එහෙත් මේ චෝදනා කිසිවක්‌ ඔප්පු කර ගැනීමට හැකි වී නැත.

උදයංග වීරතුංග පසුගිය වසර එකහමාරක පමණ කාලයක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටියත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නොබෝදා තායිලන්තයේ කළ සංචාරයේදී ඔහු සමඟ ඡායාරූපවලට පෙනී සිට ශ්‍රී ලංකාව තුළ මහත් කැළඹීමක්‌ ඇති කළේය. එම සිද්ධියෙන් පසු අන්තර්ජාලයට පණිවුඩයක්‌ නිකුත් කළ උදයංග වීරතුංග කියා සිටියේ තමන් යුක්‌රේනයේ ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබන බවය. උදයංග අවි ජාවාරම් කළ බවට යුක්‌රේන රාජ්‍යය චෝදනා කළේය යන මංගල සමරවීරගේ තර්කය මේ නිවේදනය මගින් බිඳ වැටේ.

Video තායිලන්තයෙදී හිටපු ජනාධිපතිතුමා හමුවීමත් සමග භුමිතෙල් ඇග ගෑවුනු ගැරඩියෙකු මෙන් දැගලු කැබිනෙට් තිරණයක් ගැන දත් දොස්තර රාජිත සේනානායක

Uadayanga_MS02

උදයංග සමග ආප්ප කා ප්ලෙන් ටී බොන මෛත්‍රී

උදයංග වීරතුංග පසුගිය වසර එකහමාරක පමණ කාලයක්‌ තිස්‌සේ අතුරුදන්ව සිටියත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නොබෝදා තායිලන්තයේ කළ සංචාරයේදී ඔහු සමඟ ඡායාරූපවලට පෙනී සිට ශ්‍රී ලංකාව තුළ මහත් කැළඹීමක්‌ ඇති කළේය. එම සිද්ධියෙන් පසු අන්තර්ජාලයට පණිවුඩයක්‌ නිකුත් කළ උදයංග වීරතුංග කියා සිටියේ තමන් යුක්‌රේනයේ ආචාර්ය උපාධිය සඳහා අධ්‍යාපනය ලබන බවය. උදයංග අවි ජාවාරම් කළ බවට යුක්‌රේන රාජ්‍යය චෝදනා කළේය යන මංගල සමරවීරගේ තර්කය මේ නිවේදනය මගින් බිඳ වැටේ. ඔහු අවි ජාවාරම්කාරයෙක්‌ නම් යුක්‌රේන රජය ඔහු අත්අඩංගුවට ගත යුතුය. යුක්‌රේනයට ඔහු අත්‍යවශ්‍ය කෙනෙකු නම් ඔහු තායිලන්තයට පැමිණ ප්‍රසිද්ධියේ පෙනී සිටින විට ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගැනීමට පුළුවන. ඒ එකක්‌වත් සිදු නොවන්නේ නම් අපට කීමට ඉතිරි වන්නේ ලක්‌ රජය උදයංග වීරතුංගට එරෙහිව කියූ සියලු කතා බොරු බව ය.

ඉන් පසු මූල්‍ය අපරාධ සඳහා වූ FCID ය හරහා උදයංග ගැන පරීක්‍ෂණ පැවැත්වීමට ලක්‌ රජය පටන් ගත්තේය. ඔහුට එරෙහිව නගා තිබූ චෝදනාවලින් එකක්‌ වූයේ යුද සමයේදී රුසියාවෙන් මිග් 27 යානා සමූහයක්‌ ලංකාව මිලට ගැනීමේදී අතරමැදියකු ලෙස කටයුතු කර මුදල් අක්‍රමිකතා සිදු කිරීමය. සාමාන්‍යයෙන් මිග් යානයක්‌ ඩොලර් දශ ලක්‍ෂ 57 – 60 අතර මිලකට අලෙවි කරනු ලැබේ. ඒවාද අලුත් යානා නොව 1997 සෑදූ යානාය. අලුත් යානා එමෙන් හත් අට ගුණයක්‌ මිල ය. මිග් වෙළෙමේ අතරමැදියකු වන අයකුට ලැබිය හැකි කොමිස්‌ තොගය මගින් ලංකාවේ හෝ පිටරට පමණක්‌ නොව වෙනත් ග්‍රහලෝකවල පවා ඉඩම් මිලට ගත හැකිය. එය එතරම්ම විශාල මුදලකි.

Weeratunga flying freely with two passports

ForingMinisterForingMinisterCounsiller

දිවයින පුවත්පත කල අනාවරණයකි…

වසර 2014 ජුනි මාසයේ 11 වැනිදා සවස අත්තනගල්ලේ පදිංචි ජොසපින් නෝනා මාතාවගේ ගෙදර දුරකථනය නාද විය. දුරකථන ඇමතුම පැමිණ තිබුණේ යුක්‌රේනය නමැති නැගෙනහිර යුරෝපීය රාජ්‍යයෙනි. අනෙක්‌ පැත්තේ සිටි තැනැත්තා මෙසේ කීවේය.

මම කතා කරන්නේ යුක්‌රේනයෙන් නොයෙල් රණවීරගේ අම්මට හදිසි පණිවුඩයක්‌ තියෙනවා..”

“මම නොයෙල්ගේ අම්මා.” ජොසපින් නෝනා කීවාය.

“මම කියන්න යන දේ ගැන වැඩිය කලබල වෙන්න එපා.” දුරකථනයේ එහා කොනේ සිටි පුද්ගලයා කීවේය. මෙහෙදී වෙච්ච හදිසි එක්‌සිඩන්ට්‌ එකකින් නොයෙල් රණවීර මැරුණා. අපි තව දවස්‌ තුනකින් බොඩි එක ලංකාවට ගෙනෙනවා. කටුනායකට ඇවිත් බොඩි එක භාරගන්න…..” ජොසපින් නෝනා රණවීර මාතාවගේ වයස එවකට අවුරුදු 71 කි. දුරකථනය අත්හළ ඕ එතැනම බිම හිඳගෙන හඬන්නට වූවාය. නොයෙල් රණවීර වැඩ කළේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේය. එහි ශ්‍රී ලංකා තානාපතිතුමා වූයේ 2006 නොවැම්බර් 16 වැනිදා පත් වී පැමිණි උදයංග වීරතුංග ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ ඇවැස්‌ස මස්‌සිනා වූ උදයංග තානාපති සේවයට එන්නට පෙර ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කළ කෙනෙකි. රුසියන් බස හොඳින් දැන සිටි නොයෙල් 2008 දී උදයංගගේ භාෂා පරිවර්තක ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවයට බැඳුනේය.

දුරකථනයෙන් කී පරිදි දින තුනකට පසු නොයෙල්ගේ මව තවත් ඥාතීන් කිහිපදෙනකු සමඟ කටුනායක ගුවන් තොටුපළට ගියේ සිය පුතාගේ සිරුර භාර ගැනීම සඳහා ය. එහිදී ඔවුන්ට මෘත දේහය බලන්නට ඉඩ ලැබුණේ නැත. “බොරැල්ලේ ජයරත්න එකට එන්න. එතැනදී බොඩි එක බලන්න පුළුවන්. දේහය සමඟ ලංකාවට පැමිණි උදයංග වීරතුංග ඇතුළු කණ්‌ඩායමේ වූ අයෙක්‌ ජොසපින් නෝනා මාතාවට කීවේය.

බොරැල්ලට ගිය ජොසපින් නෝනා මාතාවට නොයෙල්ගේ දේහය පෙන්වන ලදි. දේහයේ ගෙල පෙදෙසෙහි තදබල සීරුම් පහරවල් කිහිපයක්‌ ඇති බව ඇය දුටුවාය. පුතාගේ බෙල්ල මිරිකලා ද මරලා තියෙන්නේ….? ඇය උදයංග වීරතුංග සමඟ සිටි තරුණයෙකුගෙන් ඇසුවේය. “අම්මට පිස්‌සුද? මේක එක්‌සිඩන්ට්‌ එකක්‌ ” ඔහු තරයේ කී බැවින් වියපත් මාතාවට නිහඬ වීමට සිදුවිය.

නොයෙල්ගේ දේහය අත්තන ගල්ලේ වැලිකඩ මුල්ලේ පිහිටි නිවසට ගෙන යන ලදී. මරණ සහතිකය ලියා අත්සන් කර තිබුණේ ද උදයංග වීරතුංග තානාපති තුමා විසිනි.

දේහය වළදැමූ පසු නොයෙල් රණවීර අනතුරකින් මිය ගියා නොව උදයංග වීරතුංග විසින් ඝාතනය කරන ලද්දේය යන ආරංචිය එම පවුල් අතර පැතිර යන්නට විය. එබැවින් දිනක්‌ නොයෙල්ගේ සහෝදරයා වූ හරිස්‌චJද්‍ර රණවීර නමැති පොලිස්‌ රාළහාමි මේ ගැන පැමිණිලි කරනු සඳහා කොළඹ පිහිටි විදේශ අමාත්‍යාංශ යට ගියේය. නොයෙල්ගේ මරණයට උදයංග සැක කරන බව ඔහු එහි සිටි නිලධාරීන්ට කීවේය. මේ මරණය ගැන රුසියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තමන්ට කිසිත් නොදැන්වූ බව විදේශ අමාත්‍යාංශයෙන් හරිස්‌චJද්‍ර රණවීරට පැවැසීය. නොයෙල්ගේ මරණ සහතිකය පෙන්වූ කල අමාත්‍යාංශයේ නිලධාරීන් කීවේ එය නිකුත් කළ යුත්තේ තානාපති තුමා නොව උප්පැන්න සහ මරණ රෙජිස්‌ට්‍රාර්වරයකු විසින් බවය.

නොයෙල් රණවීර අවුරුදු 21 දී රුසියාවට ගොස්‌ එහි පදිංචි වූ කෙනෙකි. ඔහු එහි ගොස්‌ රුසියන් බස උගත්තේය. පසු කාලයේදී සී. බී. රත්නායකගේ (පැවැති ආණ්‌ඩුවේ ඇමැති කෙනෙකි) පුතා විසින් නොයෙල්ට උදයංග වීරතුංග හඳුන්වා දෙන ලද්දේය. පසු කාලයේදී නොයෙල් හා උදයංග අතර කොතරම් සම්බන්ධයක්‌ වීද යත් ඔවුහු කොටස්‌කරුවන් ලෙස එක්‌ව රුසියාවේත් යුක්‌රේන් රාජ්‍යයේත් ව්‍යාපාර පවා කළහ.

ඉකුත් රජය බලයෙන් පහ වූ පසු උදයංග වීරතුංග අතුරුදන් විය. තම පුතාගේ මරණය සැක කටයුතු බව කියමින් නොයෙල් රණවීරගේ මව අත්තනගල්ලේ උසාවියට ගියාය.

මේ උසාවි යැම ගැන විවිධ කතා පැතිර ගියේය. වැඩි දෙනාගේ මතය වූයේ එවකට පැවැති දින 100 යහ පාලන ආණ්‌ඩුවේ පෙළඹවීමට නොයෙල් ගේ මව උසාවි ගිය බවය. අත්තනගල්ලේ උසාවියේදි මහෙස්‌ත්‍රාත් එම්. වයි. එම්. ඉසදීන් මහතා නොයෙල් රණවීරගේ සිරුර ගොඩගෙන මරණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස නියෝගයක්‌ නිකුත් කළේය. එතැන් සිට ඒ කතාව යටගිය අතර, තව කතාවක්‌ මතුවිය.

 

Top