Breaking
24 Feb 2025, Mon

අද රටට භයානක ම පුද්ගලයා මහින්ද ද මෛත්‍රිපාල ද රනිල් ද බැසිල් ද? ….මැතිවරණයට පෙර ජාතිකත්වය නොවීම

මෙකල දේශපාලනය හරිම අවුල්. දේශපාලනඥයන් කටුස්සන්ටත් වඩා ඉක්මනට වෙනස් වෙනවා. උදේ කියපු දේ හවසට කියන්නේ නැහැ. හවසට කියන්නේ වෙන ම දෙයක්. රූපවාහිනි නාලිකාවලට නම් වඩා වැදගත් නත්තල. ඔවුන් නත්තල ගැන කතා කරන්නේ නොවැම්බර් අග සිට. නත්තල් ගීත නිතර ප්‍රචාරය වෙනවා. වෙළෙඳ සමාගම් නත්තලට භාණ්ඩ විකුණනවා. එක් නිවේදිකාවක් කියනවා අප නත්තල වෙනුවෙන් කාර්ය බහුල වෙලා කියලා. එහෙම කාර්ය බහුල වෙන අයත් ඇති. මේ රූපවාහිනියේ වැඩ. එහෙත් ඔවුන් හිතන තරම් අනෙක් බොහෝ අයට නත්තලට වැඩක් නැහැ. නත්තල අද බටහිරයන්ගේ උත්සවයක්. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ හිම නොවැටෙන බටහිර ආසියාවේ වුවත් නත්තල් පින්තුර හිමෙන් වැහිලා. ක්‍රිස්තුස් වහන්සේ උපන්නේ අයිස්ලන්තයේ ද කියා වෙලාවකට හිතෙනවා. බටහිරයන්ගෙ උත්සවයක් හැටියට නත්තල අප මත පටවනවා. මේ බටහිර සංස්කෘතික ආධිපත්‍යය.

ඒ කොහොම වුණත් ඇතැම් ජනමාධ්‍යවේදීන් පළාත් පාලන ආයතන මැතිවරණ ගැන උනන්දුවක් දක්වනවා. ඒත් ඔවුන්ට නිරවුල් ව හිතන්න බැහැ. අඟහරුවාදා පැවැති සංධාන රැස්වීමට දිනේෂ් ගුණවර්ධන සහභාගි වී ඇත්තේ මහජන එක්සත් පෙරමුණේ නායකයා ලෙස. එහෙත් ඇතැම් ජනමාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්න කෙළේ ඔහු ඒ රැස්වීමේ දී ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කළා යැයි සිතමින්. ඒ්කාබද්ධ විපක්‍ෂය සංධානයේ සාමාජික පක්‍ෂයක් නො වෙයි! ඒකාබද්ධ විපක්‍ෂය දේශපාලන පක්‍ෂයක්වත් නො වෙයි. බොහෝ ජනමාධ්‍යවේදීන්ට පෙර සූදානමක් නැති බව පැහැදිලියි.

දේශපාලනඥයන්ටත් පෙර සූදානමක් නැහැ. ඔවුන් දන්නේ බලයට පැමිණීමත් බලය රැක ගැනීමත් යන කරුණු පමණයි. ඒ වෙනුවෙන් කරන උප්පරවැට්ටි, ගහන කරණම්, දමන ඩීල් අනන්තයි අප්‍රමාණයි. අපේ සංස්කෘතියේ ඇති වියුක්ත සංකල්ප කිහිපයෙන් දෙකක් තමයි අනන්ත හා අප්‍රමාණ. එහෙත් ඇතැමුන් අනන්තයත් අප්‍රමාණයත් හිතෙන් මවා ගන්න බැරුව ඒ ගැන පඬි ප්‍රශ්න අහනවා. අප රට ඩීල්දේශය ඩීල්ලන්තය ආදී වශයෙන් හඳුන්වන්න පුළුවන්. මේ ඩීල් නිසා බැට කන්නේ සිංහල, විශේෂයෙන් ම සිංහල බෞද්ධ, ජනතාවයි.

ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රිපාල කණ්ඩායමට කියනවා එකඟත්වයක් සඳහා පළමුව ආණ්ඩුවෙන් අස්වන ලෙස. මෙය මෛත්‍රිපාල සිරිසේනටත් පොදු ද? ඔහුත් ආණ්ඩුවෙන් අස්විය යුතු ද? ඔහු ආණ්ඩුවෙන් අස්වීම යනු ජනාධිපති ධුරයෙන් අස්වීමයි. එවිට රනිල් වික්‍රමසිංහ පළමුව වැඩ බලන ජනාධිපති වී දෙවනුව 2019/20 දක්වා ජනාධිපති වේවි. ඒකාබද්ධ විපක්‍ෂයට අවශ්‍ය එය ද? අනෙක් අතට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ධුරයේ සිටිය දී ඔහුගේ කණ්ඩායම ආණ්ඩුවෙන් අස්වීම කිසිසේත් ම වැඩක් නැහැ. එයින් සිදු වන්නේ මෛත්‍රිපාල රනිල්ගේ වඩ වඩාත් හිරකරුවකු වීම පමණයි.

මැතිවරණය සඳහා නොව ජාතිකත්වය මත එකඟතාවක් ඇති කර නොගැනීම අද ඒකාබද්ධ විපක්‍ෂයටත් මෛත්‍රිපාල කණ්ඩායමටත් ප්‍රශ්නයක් වෙලා. එහි ප්‍රතිඵලය වී ඇත්තේ රනිල් හා එ ජා පක්‍ෂය/පෙරමුණ බලවත් වීමයි. එහෙත් අවාසනාවකට මහින්ද, බැසිල්, මෛත්‍රිපාල ත්‍රිත්වයට එය ප්‍රශ්නයක් නො වෙයි. ඔවුන් අතර ඇති ආරෝව ජාතික න්‍යාය පත්‍රයකට ඉඩක් සලස්වන්නේ නැහැ. ඔවුන් සමගි කිරීමට සමත් භික්‍ෂූන් වහන්සේ නමක් අද රටේ නැහැ.

අද රටට භයානක ම පුද්ගලයා මහින්ද ද මෛත්‍රිපාල ද රනිල් ද බැසිල් ද? රටේ පැත්තෙන් ප්‍රශ්නය නොඅසා පෞද්ගලිකත්වය ඉස්මතු කර ගැනීම රටේ ම අභාග්‍යයක්. එහෙත් දේශපාලනඥයන් ප්‍රශ්න දෙස බලන්නේ රටේ පැත්තෙන් නොව බලය ලබා ගැනීම හා රැක ගැනීම පැත්තෙන්. ම එ පෙ, මහජන පක්‍ෂය, සමසමාජ පක්‍ෂය (තිස්ස විතාරණ), කොමියුනිස්ට් පක්‍ෂය (ගජධීර) සහ තවත් පක්‍ෂ කිහිපයක් අවසානයේ දී පොහොට්ටුවෙන් තරග කිරීමට යන බවක් පෙනෙන්න තියෙනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැමුන් මෛත්‍රිපාල කණ්ඩායම සමග එකතුවෙලා නැත්නම් ඉදිරි දින කිහිපයේ දී එකතු වෙනවා. එ වෙන කීිසිවක් නිසා නොව ඔවුන් හිතන විධියට මහින්ද සමග ඉදිරි ගමනක් නැති නිසා. ජා නි පෙ ඒක පුද්ගල පක්‍ෂයක් බවට පත්වීමට ඉඩ නැතිවා නො වෙයි.

ඒකාබද්ධ විපක්‍ෂය මෛත්‍රිපාල කණ්ඩායමට ආණ්ඩුවෙන් ඉවත් වීමට නොකියා ආණ්ඩුවෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කර මහින්ද බැරි නම් ඒකාබද්ධ විපක්‍ෂයෙන් යමකු අගමැති ලෙස පත් කරන්නැයි කීවේ නම් එය ආකර්ශනීය ඉල්ලීමක් වීමට ඉඩ තිබුණා. එහෙත් පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමට ගොස් එසේ වුණේ නැහැ. ජාතික න්‍යාය පත්‍රයක් මුල් කරගෙන මා කලින් ම සඳහන් කර ඇති යෝජනා වටා එකඟත්වයක් ඇති කර ගැනීමට උත්සාහ කළ යුතුව තිබුණා. එසේ නොකර මැතිවරණ ළං වී කෙරෙන සාකච්ඡාවලින් උග්‍ර අර්බුදයක් තිබෙන රටකට වැඩක් නැහැ. අද අර්බුදය අන්කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරටින් අතු ගෑවී යෑමේ ප්‍රවණතාව බව පැහැදිලි විය යුතුයි. එහෙත් මෛත්‍රිපාල, මහින්ද, බැසිල් ත්‍රිත්වයට වඩා වැදගත් වන්නේ පෞද්ගලික ආරෝව.

මැතිවරණයට පෙර ජාතිකත්වය යන්න අද නැහැ. අද ඇත්තේ මැතිවරණය හා මැතිවරණය යන කතාව පමණයි. විමල් ගම්මන්පිල කොහෙන් තරග කරාවි ද යන්න අද කියන්න බැහැ. එහෙත් මට ඔවුන් ගැන හිතන විට නිතර ම චම්පක මතක් වෙනවා.

___________________________________
වෙබ් අඩවියේ සංස්කාරකවරු
2017-12-06

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.