Featured

අධිකරණය ගණිකාවක් කළ අපේ කාලේ මහා ප්‍රඥයායෝ

ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක්වුණු ඇවන්ට් ගාර්ඩ් ආයතනයේ සභාපති නිස්සංක සේනාධිපති සහ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා මෛත්‍රීගේ බෑණා සහ ඇතැම් ජඩ වෙබ් අධවි පවත්වාගෙන යන්නන් අතර පවතින සම්බන්ධය අද අධිකරණය බල්ලාට යැම හරහා තහවුරු කර තිබේ.

මුහුදු කොල්ලකරුවන්ගෙන් ආරක්ෂාවීම පිණිස නෞකාවලට ආයුධ සපයන අවන්ට් ගාඩ් මරීටයිම් සමාගමට අයත් නෞකාවක තිබී ගාල්ලේ දී අවි ආයුධ තොගයක් සොයා ගැනීම හා ඒ හරහා ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතුවලට හෝ ජනාධිපති මහින්ද රාජපක්ෂ දිගටම බලයේ රඳවා ගැනීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ බව පවසමින් කප්පම් ගැනිම සදහා මෙන්ම රාජපක්ෂලා අමාරුවේ දැමිම සදහා පොටක් පාදා ගැනිමට යහපාලන මෘගයන් අධිකරණය හරහා උත්සහ ගනු ලැබුවා

නිස්සංක සේනාධිපතිගෙන් කප්පම් පිට කප්පම් ගත් විජේදාස  ගැන කියන්නට ගිහින් ලක්ෂ 25කට දාසකම් කල රතු අලී පැටියා කලිසම ගලවාගත් හැටි කාටත් මතකය.කොහොම නමුත් නිස්සංක සේනාධිපතිගෙන් කප්පම් සෙල්ලම පටන් ගත්තේ මෛත්‍රීගේ බෑණා අන් නිකමෙක් වන තිළින සුරංජිත් ය.

මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා වන මෛත්‍රී දියණීය චතුරිකාගේ සැමියා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත්(Thilina Suranjith ) ඇවන්ගාඩ්  සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් කොළඹ නගර සිමාවේ රුපියල් ලක්ෂ 600ක් වටිනා නිවසක් සහ ඩිස්කවරි වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථයක් කප්පම් වශයෙන් ගෙන තිබේ.

අප පසුගිය මැයි 12 වැනිදා කල අනාවරණය කියවන්න –මෛත්‍රී බෑණා කප්පම් මෙහෙයුමක – ඇවන්ගාඩ් සභාපතිගෙන් ලක්ෂ 600ක නිවසක් සහ Jeep රථයක්

අදාළ අනාවරණය කිරිමත් සමග කලබලයට පත්වු සුරංජිත් හත්පොලේ ගා ගත් අතර ඔහුගේ කීමට අනුව නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් කෑ කල්ලිය ඉතා විශාලය.

මෛත්‍රී බෑණා කප්පම් මෙහෙයුමක – ඇවන්ගාඩ් සභාපතිගෙන් ලක්ෂ 600ක නිවසක් සහ JEEP රථයක් යනුවෙන් පසුගිය 12 වැනිදා  LNW ඔත්තුකරු අනාවරණය කල පුවතට මේ දිනවල චින සංචාරය අවසන් කරමින් සිංගප්පූරුවේ Shangri-La හොටලයේ සැප ගනිමින් සිටින මෛත්‍රීපාල සිරිසේනගේ බෑණා වන මෛත්‍රී දියණීය චතුරිකාගේ සැමියා වන ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්ධතා නිලධාරී තිලින සුරන්ජිත්(Thilina Suranjith ) ලංකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුට තමන් සමග කප්පම් ගත් කිහිප දෙනෙකුගේ නම් ගම් හෙලිකර තිබේ.

තිළින සුරංජිත් කල හෙළිදරවුව කියවන්න –නිශ්ශංක සේනාධිපතිගෙන් කප්පම් ගත්තේ මම විතරක් නෙවේ -රුවන්,සදරුවන්,චන්දිම,අසංග…තව අය ඉන්නවා

ආරක්ෂක ලේකම් බී.එම්.යු.ඩි. බස්නායක දුරකථනය හරහා කල නියෝගයකට අනුව ඇවන් ගාඩ් සමාගමේ අධ්‍යක්ෂ විශ්‍රාමික නාවික හමුදා නිලධාරී පාලිත පියසිරි ප්‍රනාන්දුට විදේශගතවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර ඊයේ  (27) අවසර ලබා දී තිබෙන බව රාජ්‍ය ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටියා.

ආරක්ෂක ලේකම් බී.එම්.යු.ඩි. බස්නායක අධිකරණ තින්දු වලට බලපෑම් කල අයුරු –දැන් අධිකරණ තින්දු දෙන්නේ දුරකතනයෙන් -වෙනස මාරයි….රට හමාරයි….

තත්වය මෙසේ තිබියදී මෙවර මහ මැතිවරණයේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහයුම් කාර්යාලයක් ලෙස පවත්වාගෙන යනු ලබන නාවල පිහිටි තට්ටු ගොඩනැගිල්ලේ සම හිමිකාරිත්වය පවතින්නේ මෙම නිස්සංක සේනාධිපති හා විජේදාස රාජපක්ෂට බව අප අනාවරණය කළා.

අහෝ අපේ රටේ අධිකරණ ඇමති…. මහා ප්‍රඥයාය,(ඌ කියන විදියට)නිස්සංක සේනාධිපති සල්ලි වලින් ඡන්ද කරපු හැටි

 

Top