Breaking
19 Feb 2025, Wed

අධිකරණ නියෝගයකින් ක්‍රියාත්මක වූ බස් කාලසටහනක් අකිල විරාජ්ගේ මැරයෝ කම්බස් කරයි

පුද්ගලික බස් සේවය ආරම්භ වූ දා පටන් දේශපාලන පැති මාරුව මත පත්වන රජයන්ට අවැසි ලෙස එදිනෙදා වෙනස් වන කාළසටහනක් අනුව නීතියකින් තොරව දෙශපාලන බලපුළුවන් කාරකම් මත දිනේ දින වෙනස් වන බස් කාළසටහන් මත යැපීමට පුද්ගලික බස් හිමියන්ට සිදුවිය.

පුද්ගලික බස් සේවයේ ඇති අඩුපාඩු මගීන්ට සිදුවන නොපනත් කම් කතාකරනවා විනා අහස උසට නැගුන ණය කන්දරාවන් මතින් කප්පම් ගෙවමින් මගී සේවයට උරදෙන පුද්ගලික බස් හිමියන් ගැන කතාකරන්නේ නැත.

කුලියාපිටිය නිකවැරටිය මගී බස් පුද්ගලික සේවයටද මෙය එසේමය. මෙම මාර්ගයේ බස් කාලයටහන අධිකරණ නියෝගයක් මගින් වසර ගනනාවක් පුරා පවත්වාගෙන ආවේ මාරුවන සැමට සාධාරණයක් වන කාලසටහනකට අනුවය. එහි කිසිදු ගැටළුවක් මෙතෙක් නොතිබෙන ලදි. වර්ථමාන ආන්ඩුව වෙනස්වීමත් සමග බලය හිමි වූයේ අතේ පයේ හයිය, කටේ සැර ඇති අයටය. නීතියක් නැති බල පුළුවන් කාරයින් හැම නගරයකම මෙන්න කුලියාපිටිය නගරයේද කරක් ගසන්නට පටන්ගෙන ඇත. එයට දේශපාලන බලය ලබාදෙන්නෙ වර්ථමාන අධ්‍යපන ඇමතිවරයා වීම රටට අභාග්‍යකි.

දිනය 2015.11.13 දින සවස 07.00 පමණ කුලියාපිටිය බස් ප්‍රවාහන අධිකාරියේ රැස්වීමක් ආරම්භ විය. එහි මුලසුන හෙබවූයේ කරවල කුමාර නොහොත් සොහොන කඩේ කුමාර යන ආරූඩ නම් වලින් හදුන්වාගන්නා කුලියාපිටිය නාගරික මන්ත්‍රී චමින්ද පුෂ්පකුමාර විසිනි. කිසිදු ආගම සිහිකිරීමක් හෝ චාරිත්‍රයක් එහි නොතිබූ අතර මැරෙයකු ලෙස නැගී සිටි කරවල කුමාර අඩෝ කැරියනි එක පොන්නයෙක් හරි බීල මෙතන ඉන්නවනම් කනෙන් ඇදල දොට්ට දානව අධිකරණය නෙවෙයි මොකෙක් දුන්නත් නව ආන්ඩුව අනුව මෙතරම් දවසක් දුවන කාලසටහන වෙනස් වෙනව.මීටපස්සෙ බස් දුවන්නෙ මම හදල දෙන කාලසටහනට අනුවයි. එකම වේලාවකට තමයි බස් දුවන්නෙ.

සෝලංග ආරච්චිගෙ බස්, ජයවීර ටුවර්ස් අධිපතිගෙ බස්, චමොද් ටුවර්ස් අධිපතිගෙ බස්, පඩුවස්නුවර ටුවර්ස් අධිපතිගෙ බස්, ජය ලංකා අධිපතිගෙ බස්, නදීක ටුවර්ස් අධිපතිගෙ බස් මුලට දමා හදන කාලසටහනට අනුව විතරයි. එකෙකුටවත් ප්‍රස්න තියෙන්න බෑ. දැන් පලයවු රැස්වීම අවසන් විය.

පැමිණ සිටි සාමාජිකයින් වීප්ෂිප්ත විය. පසුවදා බස් ස්ටෑන්ඩ් එකට ආව කරවල කුමාර සෑම බස් එකකින්ම රු 150ක් අයකර ගත්තේය. අදත් මේ කප්පම් ගැනීම සිදුවන්නේය. බස් වලට කාලසටහනක් නොමැත. ඉහත සදහන් බස් වලට පමණක් පාරේ දිවීමට හැක. අනෙක් බස් හිමියන් අතරමගය. නව කාලසටහනට අනුව උදේ 07.30ට සැම දිනම ජයවීර ටුවර්ස් අධිපතිගේ බස් එක නම් සෑම දිනම 07.30ට එයම වේ. එය කැඩුන දිනට මගී ජනතාව අතරමගය. අනෙක් කරුන වන්නේ දහවල් 10.30 වැනි වෙලාවක් යම් බස් හිමියකුට හිමි වුවහොත් දවසේ අදායමක් නැත. පොඩි බස්රථ හිමියන් මහ පාරේය.

අධිකරණ නියොගයකින් සම්මත වූ නිකවැරටිය කුලියාපිටිය කාලසටහන කරවල කුමාරගේ අනින් 2015.11.12 දින සිට කුණු කූඩයට විසි වී ඇත. නමුත් බස් වල කප්පම් ගැනීමට කරවල කුමාර පත්කර ඇත්තේ ගාමිණී, පාෂික්, විරාජ්, දූලි,සමීර යන මැරයන්ය.

මෙම අසාධාරණයට එරෙහිව බස් හිමියන් කුලියාපිටිය පොලීසියේ පිහිට පතන ලදි. ඒ අනුව පොලිස් ස්ථානාධිපති වරයා විසින් කරවල කුමාරට මෙම කාලසටහන වෙනස්කල නොහැකි බවත් එයට ඔහුට බලයක් නොමැති බවත් එසේ නොකරන ලෙසට ඔහුට අවවාද කරන ලදි. නමුත් ඒ කිසිවක් අද නිකවැරටිය කුලියාපිටිය පුද්ගලික බස් සෙවයට වලංගු වන්නේ නැත.

වර්ථමාන අධ්‍යපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ කැළෑ නීතිය රජකරවන කරවළ කුමාර රටේ නීතියට ඉහලින් සිට බස් හිමියන් යටත්කරගෙන සිටී.මේ සියල්ල කෙරෙන තුරු කුලියාපිටිය මාර්ගස්ත ප්‍රවාහන අධිකාරිය මර නින්දේය.

රටේ අනාගතය භාර දරු දැරියන්ගේ අනාගතය පිළිබද තීන්දු තීරණ ගන්නා ඇමති වරයකුගේ මැර කණ්ඩායම් කුලියාපිටිය නගරය කප්පම් නගරයක් කරගනිමින් සිටි. මග ඇමති දයාසිරි ජයසේකර හෝ වයබට නවෝදයක් ගෙනදුන් මහඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරාගේ යුගයේ මෙවන් නොපනත් කම් කිසිවිටකත් සිදුවුයේ නැත. කුලියාපිටිය නිකවැරටිය මාර්ගයට සාධාරණයක් ඉටුවනතෙක් බස් මගින් බලාසිටි.

Arroow

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.