Breaking
23 Feb 2025, Sun

අනාගත ආණ්ඩුවේ නිල මැස්සන්ට ඉඩක් නෑ… ජනපති අගමැති පසු බැස්සවු පොහොට්ටුවේ ප්‍රහාරය

පසු ගිය පුංචි ඡන්දෙදි වැඩ බැරි පර ගැති මේ ආණ්ඩුව උස්සලා පොලේ ගහලා කුඩුපට්ටම් කරපු තමුන්නාන්සේලාට  අපේ ආචාරය මුලින්ම පුද කරන්න කැමතියි. ඒ ගහපු ගැහිල්ලට  තාම ආණ්ඩුවට රිදෙනවා. එදා පුංචි ඡන්ද වේදිකාවේ අපි තරහයි නාට්‍ය රඟ දක්වලා විශ්වාසභංගය ආව විතරයි අඹ යාලුවෝ නාට්‍ය රඟපාන්න ගත්ත ජනපති සිරිසේනට මැයි රැළිය කරන්න  සෙනඟ හොයාගන්න බැහැ.  අතවුල්ලගේ හිස්බුල්ලගේ පහනෙන් සිරිසේන ඇන්ඩ් කම්පනි අන්න අද චෙංකලඩි මඩකලපුවට ගිහින් තියෙනවා.

තමුන්නාන්සේලාගේ ප්‍රහාරයෙන්  අගමැතිතුමාත් හොඳටෝම හාන්සියි. ප්‍රේමදාසගේ යුගයේ මැයි රැලිය පැවැත්වූයේ ගෝල්ෆේස් පිටියේ. රනිල් යුගයේදී මේක කැම්බල් පිටියට පසු බැස්සා. ඊයේ වෙනකොට තමුන්නාන්සේලාගේ ප්‍රහාරයේ බලමහිමයෙන් පුටු පන්දාහක් තියන සුගතදාස එකට රනිල් වයි යූඑන්පී එකයි  පල්ලන් බස්සන්න පුළුවන්වීම ගැන අපි සන්තෝස වෙනවා.

සෑම ආසන සංවිධායකවරයෙක්ම එක බස් එක ගානේ ගෙනාවත් ඊට වඩා සෙනඟ එනවා. අපේ කොළඹ කඩුවෙල  හෝමාගම  කැස්බෑව ආසන බල මණ්ඩල වලට ඔයිට වඩා සෙනග එනවා. සෙනග ගේන්නේ කොහොමද ? රනිල් අගමැතිතුමාට තමන්ගේ සභාපතිව උපනායකව මැයි දින රැලියට ගෙන්න ගන්න බැරි වුණා. සෙනග නැති උනාට කතාව කොහොමද ? අගමැති රනිල් කියන්නේ 2020 තනියෙන් යු එන් පී ආණ්ඩුවක්  හදනවලු. ඒ ආණ්ඩුව අවුරුදු විස්සක් තිස්සේ කරගෙන යනවලු . අපිට කියන්න වෙන්නේ බම්බුව තමයි කියලා.  දහනම වන සංශෝධනයෙන් තියෙන ඒකාධිපති   සංශෝධනය කර ගත්තේ නැත්තං මෙලහකටත් රනිල් ගෙදර. දහනමවන සංශෝධනය නිසා  ජනාධිපතිතුමන්ට අගමැති අස් කරන්නත් බෑ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්නත් බෑ. දැන් මිත්‍රවරුනේ කාගෙත් ඇස් වහල  යු එන් පි  ව්‍යවස්ථාවට කරපු   සංශෝධනයම තමයි රටේ ව්‍යවස්ථාවටත් කරලා තියෙන්නේ.පැරදි පැරදි රනිල්ට තනතුරේ ඉන්න පුළුවන් වෙලා තියෙනවා.

2020 ට යුඇන්පී ආණ්ඩු නැහැ

හැබැයි මේ  ගාල්ලට රොද බැඳලා ඉන්න මේ දැවැන්ත  ජන  ගගේ අධිෂ්ඨානය තිබෙන තුරාවට 2020 යූඇන්පී ආණ්ඩුව හදන්න අපි ඉඩ තියන්නේ නෑ කියන එක රනිල් වික්‍රමසිංහ මහත්තයාට මතක් කරනවා. 2015 රැ වැටුනු වලේ දවල් වැටෙන්න මේ රටේ ජනතාව සූදානම් නෑ. අපි 2019 ආණ්ඩුව හදනවා විතරක් නෙවෙයි 2020 විතරක් නෙවෙයි 2030 ඉන්නෙත්, 2040 ඉන්නෙත්,  2050 ඉන්නෙත් අපි. මෙදා පොටේ ආණ්ඩු හදන්නෙ නැවත ගෙදර යන්න නෙවෙයි කියලා අපි යූඑන්පී එකට කියනවා‍.

සමහරවිට තමුන්නාන්සේලා බයෙන් ඇති. බයවෙන්න එපා මිත්‍රවරුනි, අපේ ආණ්ඩු කාපු නිල මැස්සන්ට යලි අපේ ආණ්ඩුවේ වහන්න ඉඩ තියන්නෙ නෑ කියලා තමුන්නාන්සේලාට ප්‍රතිඥා දෙන්න කැමතියි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට අපි කියනවා තමුන්නාන්සේ එජාප තනි ආණ්ඩුවක් 2020 හදනවානම් හදාගන්න වෙන්නේ වැලිකඩ හිරගෙදරදී විතරයි. රනිල් අගමැතිතුමා විතරක් නෙවෙයි වැඩේ ලේසි වෙන්න  බැඳුම්කර හොරු  ගල් අඟුරු හොරු  නැව්  හොරු  අර හොරු මේ හොරු සියල්ලම දක්කලා රනිල් වික්‍රමසිංහ මහත්තයා්ට වැලිකඩ හිරගෙදර ඇතුලෙම ඇමති මණ්ඩලයකුත් පත් කරගන්න අපි අවස්ථාව සලසා දෙනවා.

මිත්‍රවරුනේ ඊයේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී එජාප නායකයින් මොනවද කිව්වේ. පොහොර සහනාධාරය පෙර පරිදිම දෙනවා. පාසල් නිල ඇඳුම් පෙරපරිදිම දෙනවා. හම්බන්තොට වරාය කේන්ද්‍රකරගත් නාවික කේන්ද්‍රයක් බිහි කරනවා. පෝට් සිටිය හරිම ෂෝක්. නුවර  අධිවේගී  මාර්ගය ඉක්මනින්ම ඉවර කරනවා. මොනවද මේ කොල තොප්පි දාගෙන කියන්නේ. අපි යන්නේ කොයි පාරේ මහින්ද මැතිදුන් ගිය පාරේ කියලයි ඊයේ සුගතදාස වේදිකාවේ කිව්වේ. දැන් අපිට කියන්න වෙනවා මේ වේදිකාවේ ඉදන්  ඕක නිසයි අපි කිව්වේ රනිල් එක්ක බෑ කිව්වේ කියලා. මිත්‍රවරුනි රනිල්ට පුලුවන්ද?  බෑ. සිරිසේනට පුලුවන්ද?  බෑ. මේ ආණ්ඩුවේ වැඩක් කරන්න පුළුවන් කිසිම නායකයෙක් නෑ. කල හැකි නායකයින් ඉන්නේ මේ වේදිකාවේ විතරයි කියලා අපි සිහිපත් කරන්න කැමතියි.

වීදි  බසින්න සූදානම් වෙන්න

හැබැයි මිත්‍රවරුනේ මතක  තියාගන්න මේ දෙන්නා ඉන්න එක  භයානකයි. මේ දෙන්නට පහුගිය ඡන්දෙන් ලැබුණු ඡන්ද සොච්චම් බැලුවම මොන වීර කතා වේදිකාවේ කිව්වත් මේ දෙන්නා ආපහු ඡන්දෙ ඉල්ලන්න එන්නේ නෑ. ජනතාව ඉස්සරහට එන්නේ නැති ජනතාව හිතන පතන දේ පිළිබඳ හැඟීමක් නැති නායකයින් දෙදෙනෙක්  රට කරන එක හරිම භයානකයි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕනේ, 2020 නෙවෙයි.  2019ත් නෙවෙයි.   රටට ආදරයක් තියෙනවා නම් 2018 ම මේ ආණ්ඩුව පන්නලා දාන්න  අපි වැඩ කල යුතුයි. හැබැයි පළාත්සභා ඡන්ද නම් තියන්නේ නෑ මේ කපේට. පුංචි ඡන්දය දීලා ඉල්ලන් කාපු ආණ්ඩුව තවම දිරවගන්න බැරිව ඉදිද්දි මේ කපේට ඡන්ද තියන්නේ නෑ. පුංචි ඡන්දය අපිට දුන්න නෙවෙයි අපි ගත්තා. අපි නඩු දැම්මා.  උද්ඝෝෂණ කළා. පෙලපාලි  ගියා. අපි ඡන්දය උදුර ගත්තා.  ඒ නිසා රට රැකගන්න නම්  මේ  හිටං  හුටං ආණ්ඩුව ගෙදර යවන්න වීදි වලට බහින්න සූදානම්ි වෙමු කියලා තමුන්නාන්සේලාට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. අපේ ආදරණීය මාතෘ භූමියට  ජය වේවා.  වැඩ කරන ජනතාවට  ජය වේවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජයවේවා .

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ පැවැති වැඩ කරන ජනතා ඒකාබද්ධ  මැයි රැළියේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් 2018.05.07

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.