Featured

අනියම් සැප ලබන්න හර්ෂ යසශ්‍රී මැරුවේ සෝලංගආරච්චි

වැලිකඩ ඔබේසේකරපුර අරුණෝදය මාවතේ පිහිටි නිවසකට ඊයේ (3) දහවල් කඩාවැදුණු සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු එම නිවසේ සිටි තිස්‌දෙහැවිරිදි හර්ෂ යසශ්‍රී නමැත්තා ඝාතනය කිරිම පසුගියදා මෛත්‍රීපාල සිරිසේනගෙන් හිගමනට කොළොන්නාව ආසන සංවිධායක ධුරය ලබාගත් කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රා.සභාවේ සභාපති ප‍්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චිගේ මැරයන් දෙදෙනෙකුගේ වැඩක් බව අනාවරණය වි තිබේ.

මුහුණු ආවරණය කරගත් හිස්‌වැසුම් පැළඳ පැමිණ ඇති සන්නද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනා මෙම තරුණයාට වෙඩි තබා පසුව අහසට ද වෙඩි ප්‍රහාර කීපයක්‌ එල්ල කර පලාගොස්‌ තිබුන අතර ඔහුන් සෝලංගආරච්චිගේ මැර කණ්ඩායම නියෝජනය කරන චුට්ටේ සහ චුක්කා යනුවෙන් හදුන්වන රාජගිරිය වත්තේ ජිවත් වන දෙදෙනෙකු බවද අනාවරණය වි තිබේ.

අදාළ තරුණයා කඹුරුපිටිය නන්දන උයන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහු විවාහ වී ඇත්තේ වැලිකඩ ඔබේසේකරපුර ප්‍රදේශයේ තරුණියක සමග වන අතර අදාළ තරුණිය සමග සෝලංගආරච්චිගේ අනියම් සබඳතාවයක් වසර ගණනක සිට පැවති අතර අදාළ තරුණයා අවස්ථා ගණනාවකදි සෝලංගආරච්චිගේ විවිධ හොර වැඩ සදහා යොදවාගෙන ඇති අතර අවස්ථා ගණනාවකදි සිරගත විමටද ඔහුට සිදුව තිබේ.

කඹුරුපිටිය ගෝදාව නදුන් උයනේ පදිංචි වී සිටි හර්ෂ සී යසස් දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනිමැරීමේ සිද්ධීන් රැසක සැකකරුවෙක් වන අතර ඔහු ආරක්ෂාව ලබා ගැනිම සදහා මුල්ලේරියා ප‍්‍රා.සභාවේ සභාපති ප‍්‍රසන්න ගුණසිංහ සෝලංගආරච්චිගේ මැර කණ්ඩායම සමග එකතුවි කටයුතු කර තිබේ.මාතර හක්මන පාරේ හාල් වෙළඳසලකට පැන රුපියල් ලක්ෂ තුනක් කොල්ලකෑමට හා මාතර බන්ධනාගාරයේ නිලධාරියකුට මරණීය තර්ජන එල්ල කිරීමේ සිද්ධියකට බන්ධනාගාර ගතව සිටි හර්ෂ ඉකුත් 26 වැනිදා ඇප ලබා කොළඹට පැමිණ ඇති බවද ආවරණය වි තිබේ.

Top