Featured

අනුන්ගේ පුරවැසිභාවය හොයන වැලිඅමුණ අයිස්ලන්ත කාන්තාවන්ගේ රෙද්ද අස්සේ දා ගත් හැටි

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහිමිකළ යුතුබව කියමින් ඇයට එරෙහිව පෙනීසිටින නීතිඥ කණ්ඩායමේ ප්‍රමුඛයෙකු වන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධානී නීතිඥ ජේ. සි. වැලිඅමුණගේ ආයතනයේ රටේ පුරවැසිභාවයත් නැති,රැකියා කිරීමේ බලපත්‍රයත් නැති අයිස්ලන්ත ජාතික කාන්තාවක් තබා ගනිමින් නැටු නාඩගමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වි තිබේ.

අදාළ පුවතේ සත්‍ය-අසත්‍යතාවය ගැන ගීතා තමන්ගේ මිතුරු ජනමාධ්‍යවේදියෙකුගෙන් විමසීමේදී තමන්ගේ පුවත්පත් වෙබ් අඩවිය කෙටි කලකට පෙර එවැනි පුවතක් වාර්තාකළ බවත් , එම පුවතට ග්‍රාහකයින්ගේ පුළුල් ප්‍රතිචාර ලැබෙමින් තිබියදී පුමුඛ නීතිඥවරයෙකුගේ දැඩි බලපෑම් නිසා කෙටි වේලාවක් තුළ එම පුවත ගලවා දැමීමට සිදුවූ බවත් පවසමින් එහි සත්‍යතාවය තහවුරුකර තිබේ. පුවතක් වැරදිනම් ඒ ගැන නිවැරදි කිරීමක් නොඑවා මෙවැනි පුද්ගලයෙකු ප්‍රවෘත්තියක් ගලවා දමන ලෙස බලපෑම් කරන්නේ ඇයිදැයි ඇතිවූ කුතුහලය නිසා තමන් වැඩිදුරටත් ඒ ගැන සොයාබැලූ බවත්, ඔහු එම ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු බව එවිට තමන්ට දැනගන්නට ලැබුණ බවත් ඔහු තවදුරටත් ප්‍රකාශකර තිබේ.

ට්‍රාන්ස්පේරන්සි කළමනාකාරිනිය ආගමන විගමන කාර්යාලයට කැඳවයි
2017 ජනවාරි මස 22 18:27:15 | . , තරිඳු ජයවර්ධන

ලංකාවේ රැකියාවක් කිරීමට වීසා නැතිව රැකියාවක් කරන බවට ලැබුණු පැමිණිල්ලක් මත ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ප්‍රධාන තනතුරක් දරන විදේශීය කාන්තාවක හෙට (23) පස්වරු 1.30ට ආගමන විගමන දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මේ ගැන කළ විමසීමක දී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබේසේකර මහතා කීවේ 1956 ගැසට් නිවේදනය අනුව ශ්‍රී ලංකාවේ පුරවැසියකුගේ විදේශික බිරියකට නේවාසික වීසා ඇත්නම් ඇයට රැකියාවක් කිරීමේ ගැටළුවක් මතු නොවන බවයි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ සභාපති නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා කීවේ එම විදේශීය කාන්තාවට සඳුදා (23) ආගමන විගමන දෙපාර්තමේන්තුවට එන ලෙස දැනුම් දී ඇතත් ඊට හේතුවක් දන්වා නැති බවයි.

රැකියා වීසා නැතිව ලංකාවේ රැකියාවක් කරන නිසා ඇය ආගමන විගමන දෙපාර්තමේන්තු වට කැඳවා ඇත්දැයි විමසූ විට ඔහු කීවේ වීසා කතාවක් ගැන සඳහනක් නැති බවයි. ඇය කැඳවූයේ ඇයිදැයි සදුදා හවස් වරුවේ දැන ගත හැකි බව ද ලක්ෂාන් ඩයස් මහතා කීවේය.

දූෂණ විරෝධී ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා හි දූෂණ එළියට ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය නීති විරෝධීව රැකියාවේ යෙදී ඇතැයි ආගමන විගමන පරීක්ෂණවලින් සනාථවේ.

රැකියා කිරීමේ වීසා නොමැතිව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ( TISL ) ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක ලෙස සේවය කරමින් සිටි ඔස්ක් ස්ටුල්දොටිර් (OSK STURLUDOTTIR) නැමැති අයිස්ලන්ත ජාතික කාන්තාව සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනවාරි 2 3 දින සිදුකළ ව්මර්ශනයේදී ඇය නීති විරෝධීව රැකියාවේ යෙදී සිටි විදේශිකයෙකු බව තහවුරුවී තිබේ. ඇයට තරයේ අවවාදකර තවදුරටත් එවැනි නීති විරොධී ක්‍රියාවල නොයෙදෙන ලෙස දැනුම්දී මුදාහැර ඇතැයි දැනගන්නට තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු ආරංච් මාර්ග වලින් වාර්තාවන තොරතුරු අනුව එදින ප.ව 1.30 ට පැවැති විශේෂ ව්මර්ශනය සදහා TISL හි විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර හා තවත් නීතිඥවරයෙකු සමග ඇය සහභාගීවී තිබේ.විධායක අධ්‍යක්ෂ අසෝක 1956 ගැසට් නිවේදනයක් අනුව විදේශිකයෙකුට වීසා නොමැතිව ලංකාව තුළ රැකියාවක් කිරිමට ඇති අයිතියක් පිළිබදව ආගමන විගමන නිලධාරීන්ට කරුණු පැහැදිළි කිරීමට උත්සාහ දරා ඇතැත් එහි කිසිදු පදනමක් නොමැති බව පවසමින් ප්‍රතික්ෂේප වී තිබේ.අනතුරුව චුදිත තැනැත්තියගෙන් රැකියා කිරීමේ වීසා නොමැතිවීම පිළිබදව ප්‍රශ්න කිරීමේදී තමන් අසෝකගේ(ED) යහළුවෙකුගේ බිරිදක් බවත්,TISL හි රැකියාව ලැබුණේ එම පුද්ගලික සම්බන්ධතාවය නිසා බවත් ඇය පිළිගෙන තිබේ.තමා ලංකාවට පැමිණියේ රැකියාවක් නොකරන බවට ලිඛිත පොරොන්දුවක් මත බවද ඇය වැඩිදුරටත් පිළිගෙන ඇතැයි එම ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම විදේශීය කාන්තාව TISL ආයතනයට බදවා ගැනීමට පෙර සම්මුඛ පරීක්ණයකින් බදවාගත් බව පෙන්වීම සදහා අධ්‍යක්ෂ මණ්ඩලයේ ශීලා රිචර්ඩ්ස් හා ටෝනි සෙනෙවිරත්න දෙදෙනා සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියකගෙන් සමන්විත මණ්ඩලයකට යොමුකර තිබීඇති බවද පැවසේ.

එහිදී ජ්‍යෙෂඨ කළමනාකාරිනිය ඇය බදවාගන්නේනම් රැකියා කිරීමට වීසා ඇත්දැයි අනිවාර්යයෙන්ම පරීක්ෂාකර බැලියයුතු බවට නිර්දේශ කිරීම නිසා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනියට අධ්‍යක්ෂවරැන්ගේ උදහසට ලක්වීමට සිදුවූ බවද TISL ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබේ.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ වත්මන් සභාපති නීතිඥ ලක්ෂාන් ඩයස් මහතාය. නීතිඥ ජේ.සී. වැලිඅමුණ ,.නීතිඥ කේ.ඩබ්. ජනරංජන (රාවය කර්තෘ ) ,ගෙහාන් ගුණතිලක (වෙරිටේ රිසර්ච් ) ,ජයන්ත ප්‍රනාන්දු , එස්.සී.සී. ඉලංකෝවන් , ශාමලා ගෝමස් ,ශීලා රිචර්ඩ්ස් , ටී. සෝමේශ්වරන් , අනූෂිකා අමරසිංහ , ටෝනි සෙනෙවිරත්න (NPC ) යන අය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරති.

http://www.sinhala.lnwtoday.com/archives/15158

 

Top