Breaking
24 Feb 2025, Mon

අනුරාධපුරය ගිනියම් කල විමල්ගේ කතාව(Video) රනිල්….මහත්තයෝ ඔබතුමාට ලැබෙන බිබික්‌කමක්‌ නෑ

“අගෝස්‌තු 17 වැනිදා මැතිවරණයේ ජයග්‍රහණය තීන්දුයි නිවාරණයි. රනිල් වික්‍රමසිංහ මහත්තයෝ මේ ඇවිත් ඉන්නේ සී.ටී.බී. බස්‌වලින් ගෙනාපු ජනතාව නෙමෙයි දැන් සී. ටී. බී. බස්‌වලින් සෙනඟ ගේන්නෙ වික්‍රමසිංහ මහත්තයා.මෙතනට පැමිණ සිටින්නේ දේශප්‍රේමී ජනතාව. මහින්ද රාජපක්‍ෂ මහතා ගොඩනඟපු ජනතා බලවේගයයි.”

“මෙතැන දෙපැත්තටම නැති අය නැහැ. සංක්‍රාන්ති සමයේ ඉන්න අය නැහැ. අගෝස්‌තු 18 වැනිදාට ජයග්‍රහණය තහුවරු කරන්න ඒකමතිකව කැපවී සිටින නියෝජිතයන් පැමිණ සිටින්නේ.”

“වත්මන් ජනාධිපතිතුමාට මතකද දන්නෙ නැහැ. අතීතයේදී පොළොන්නරුව යුද්ධයක්‌ පැවැති භූමියක්‌. නැවත එම භූමියට යුද්ධයක්‌ ගේන්න දෙන්න බැහැ.අපි ඩොලර්වලින් යෑපෙන කාක්‌කො පරාජය කරන්න ඕනෙ. මහින්ද බය නැත්නම් මේ එන්. ජී. ඕ. කියන්නෙ ඇයි මහින්ද එන්න එපෝ කියලා. දැන් මේ කැරකෙන්නේ අපට ඕන විදියට පාලනය කරන්න පුළුවන් සුළියක්‌.වික්‍රමසිංහ මහත්තයා බලන් හිටියා සන්ධානය දෙකට කැඩෙයි. එතකොට තොපට ලැබෙයි කියලා. වික්‍රමසිංහ මහත්තයෝ සන්ධානය දෙකට කැඩුනෙ නැහැ. ඔබතුමාට ලැබෙන්නෙ බිබික්‌කමක්‌.”

“ජනාධිපතිතුමා ඉන්නෙ ලෝක කිහිපයකයිs. එතුමා තුළනය කරන්න පසුගියදා ප්‍රකාශයක්‌ කළා. හැබැයි එහෙම තුළනය කිරීමක්‌ ඉදිරියේදී කරන එකක්‌ නැහැයි කියා අපි හිතනවා. එහෙම නොවුණොත් අපේත් කට ඇරෙනවා. එහෙම වුණොත් වැඩ වරදිනවා.”

“එදා 2005 දී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය මහින්ද රාජපක්‍ෂ මහතාට විපක්‍ෂ නායකකම දුන්නෙ කැමැත්තෙන් නෙමෙයි. අගමැතිකම දුන්නේ කැමැත්තෙන් නෙමෙයි. ජනාධිපතිවරණ අපේක්‌ෂකත්වය දුන්නෙ කැමැත්තෙන් නෙමෙයි. නමුත් එදා මහින්ද රාජපක්‍ෂ මහතා පරද්දන්න බැරිවුණා. අදත් එහෙමයි.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.