Anonymous Reporter

අනුර කියන්නේ කලු සල්ලි ගිලින රිලවෙක්

ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් මුදල් ලබා ගන්නා බව ඔබ කියන්නේ වගකීමෙන්ද?

ඔව්, පැහැදිලිවම. අනුර කුමාර දිසානායකට තමන් ලොකු මුදලක් ලබා දුන් බව ජනාධිපති නීතිඥ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා ප‍්‍රසිද්ධියේ කීවා. එහෙම කිව්වේ අනුර කුමාර අධිකරණ ඇමැතිවරයාට අවොංගාඞ් සිද්ධියට අදාළව චෝදනා මුඛයෙන් කතා කළ වෙලාවෙදි. අනුර කුමාර කෙලින් කිව්වේ නැහැ තමන්ට විජේදාස රාජපක්ෂ මහතා මුදල් නොදුන් බව. අනුර කුමාර කීවේ ‘‘ අපි කාගෙනුත් මුදල් ගන්නවා’’ කියල රැස්වීමකදී කිව්ව බවට ආරංචියක් තියෙනවා. මේක හරියට අපි කැට ව්‍යාපාරයක් කරනකොට පාරෙ යන හැම පක්ෂයේම අයට කැට දික්කරලා කීයක් හරි ලබා ගන්නවා වගේ වැඩක් නොවෙයි. මෙහෙම සල්ලි ලබා ගන්නකොට ප‍්‍රතිපත්ති පාවා දෙන්න වෙනවා. ඒක තමයි දැන් වෙන්නෙ. රෝහණ සහෝදරයාවත් මමවත් මෙහෙම අලජ්ජි වැඩ කරලා පක්ෂය පාවා දුන්නේ නැහැ. රාජපක්ෂ – අනුරකුමාර හබය අවසාන වුණේ රනිල් වික‍්‍රමසිංහ මහතා විජේදාස රාජපක්ෂ මහතාට ඒ වාග් සංග‍්‍රාමය නවත්වන්නැයි තරමක තදින් නියෝග කළ නිසා බව මට පස්සෙ දැන ගන්න ලැබුණා. අනුර කුමාර දැන් කියන අලූත්ම කතාව මොකක්ද? විජයදාස රාජපක්ෂ සල්ලි දුන්නේ ව්‍යාපාරිකයෙක් හරහාලූ. ඒ මුදල් පක්ෂ ගිණුමට බැර කළාද? අනුර බොරු කියන්න ගිහින් හත් පොලේ ගා ගන්නවා. මේ ගනුදෙනුව ගැන විජයදාස රාජපක්ෂලාගේ පැත්තෙන් ෆේස් බුක් කැම්පේන් එකකුත් පටන් ගත්තලූ. නමුත් රනිල්ගේ බල කිරීම මත දැන් ඒක නවත්තලා. මැතිවරණයෙන් පස්සේ ඒක එනවලූ. ඉදිරියේදි හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න ලෑස්ති වෙලා ඉන්න. අඩන්න කණගාටු වෙන්න එපා. හරිමඟට එන්න.

ජනතා විමුක්ති පෙරමුණේ නායකත්ව මණ්ඩලය කුමන්ත‍්‍රණකරුවන්ගෙනුත් මුදල් ලබා ගත්ත නිසාද කුමන්ත‍්‍රණය පිළිබඳව හඩනගන්නේ නැත්තේ?

වෙලා තියෙන දේවල්වල හැටියට අර ගාඞ් මේ ගාඞ් වලිනුත් සල්ලි ගත්තනම් මම පුදුම වෙන්නෙ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මිනිස්සු එකතු කිරීම නවත්තල සල්ලි කුට්ටි එකතු කරන තැනට පල්ලම් බැහැලා. ඔය ලැබෙන සල්ලි ගිණුමට බැර කරනවද? ඕව කලූ සල්ලි නම් අනුර කුමාර ඒ සල්ලි සබන් දාල හෝදනවද? අනාගතයේදී අනුර කුමාරලාගේ ආණ්ඩුවට කලූ සල්ලි ජාවාරම් කාරයන්ට විරුද්ධ විය හැකිද?

ඔබ කියනවා අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්ෂයට ඕන කරන වැඩ කරන බවක්. ඒක ඔබ ඔප්පු කරන්නේ කොහොමද?

පසුගිය මාස කීපය තුළ අනුර කුමාර විධායක සභාව තුළත් පාර්ලිමේන්තුව තුළත් වීදියේදීත් හැසිරුණු හැටි බලන්න. පුවත්පත්වල හා සෙසු මාධ්‍යවල පළවූ දේවල් කියවන්න. එතකොට හොඳටම පැහැදිලි වේවි ඔහු එක්සත් ජාතික පක්ෂයටත් රනිල් වික‍්‍රමසිංහටත් වාසිදායක ලෙස හැසිරුන හැටි. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව උද්ඝෝෂණ කරලා ජනතාව රවට්ටන්න බැහැ.

ඒ වුණාට ඔබ කිව්ව නේද ඔහු හොඳ නායකයෙක් කියලා?

ඔව් කිව්වා. ඔහුගේ නායකත්ව ලක්ෂණ දැක්ක නිසානෙ මම සම්මේලනයේදී ඔහු පක්ෂයේ නායකයා විය යුතුයි කියලා යෝජනා කළේ. එතකොට හොඳයි.

ඒ වුනාට පස්සේ මොකද වෙන්නේ? ඔහු වේගයෙන් වෙනස් වුණා. හොඳ පැත්තට නෙවෙයි. නරක පැත්තට. ඔහු අහංකාර වුණා. ඒ නිසා ඔහුට සමහරු විශේෂයෙන්ම ඔහුගේ අදහස්වලට විරුද්ධව මත පළකරන අය රුස්සන්නේ නැති වුණා. මම මේ කියන කාරණයට මධ්‍යම කාරක සභාවේ ඉන්න සමහරුන් එකඟ බව කරුණු හෙව්වොත් ඔබට දැන ගන්න පුළුවන්. මගේම අත්දැකීමත් එහෙමයි. ඔහුගේ මේ ආඩම්බර බවට අකමැති බව වචනයෙනුත්, ඉරියව්වලිනුත් පෙන්නුවොත් ඔහු නයා වගේ පෙනේ පුප්පනවා. ඊට පසු අවස්ථාවක කිසිම අදාළකමක් නැතුව අනිකාගේ කරට අත දා ගන්නවා. බොරු ලෙන්ගතු කමක් පෙන්නනවා. එත් තමන්ගේ ආඩම්බරකම ගැන අනිකාට කණගාටුව ප‍්‍රකාශ කිරීමක් හෝ පෞද්ගලික මට්ටමෙන්වත් ස්වයං විවේචනයක් හෝ කරන්නේ නැහැ.

ඊළඟට අනුර කුමාරව කපටින්ටත්, හතුරන්ටත් ‘අන්දවන්න’ පුළුවන්. ඒක නම් පක්ෂයට අතිශයින්ම හානි කරයි. එක පැත්තකින් මානය වගේම අනුර හීන මානයෙනුත් පෙළෙනවා. මම අවුරුදු කීපයක ඉඳළා ඔහුට බල කළා ඉංගී‍්‍රසි ඉගෙන ගන්නා ලෙස. එතකොට එයා පක්ෂ නායකයා නෙවෙයි. ඒත් ඉගෙන ගත්තේ නැහැ. දැන් ඉතින් නායකයා බවට තේරුණාට පස්සේ සමහර සාකච්ඡුා ඉංගී‍්‍රසියෙන් කළ යුතුයි. ඔහු ඒ සාකච්ඡුා වලින් බොහෝමයක් අත හැරියා. ඒ අවස්ථාවලදී සාකච්ඡා මඟ හැරීම ගැන බොරු හේතු ඉදිරිපත් කරනවා. මම බොහෝ අවස්ථාවලදී කිව්වා සාකච්ඡා මඟ හරින්න එපා, මම අනුරගේ පරිවර්තකයා ලෙස එන්නම් කියලා. සාකච්ඡා එකක් දෙකක් ඒ විදිහට කළා. ඒ ක‍්‍රමයට සාකච්ඡා කිරීමත් නැවැත්තුවා. ඇයි? මම පරිවර්තකයා වුණාම අනුර ඉංගී‍්‍රසි කතා නොකරන බව පිටස්තරයන්ට පැහැදිලි වෙන නිසා. චීන තානාපති සමඟ පක්ෂ කාර්යාලයේදී අනුර කුමාර කළ සාකච්ඡුාවකදී මම භාෂා පරිවර්තකයා ලෙස සහභාගී වුන වෙලාවේ අනුර කුමාර පෙන්වපු නුරුස්නාකම මම දැක්කා.

අනුර කුමාර තමන්ගේ ශරීර ලක්ෂණ ගැනත් හීන මානයෙන් පෙළෙනවා. මේක පුද්ගලික කාරණයක්. මම ඒ නිසා විස්තර කීමෙන් වලකිනවා. ඒත් පක්ෂ නායකයෙක් තමන්ගේ ශරීර ලක්ෂණ ගැන හීන මානය ඇති කරගත යුතුද? කිසිසේත්ම නැහැ. දේශපාලන ජීවිතයයි, පෞද්ගලික ජීවිතයයි යන දෙකක් තිබිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ සිය සාමාජිකයන්ට උගන්වනවානේ.

මම එළියේ කතා කරන්න සූදානම් නැති පෞද්ගලික වැරැදිත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට තියෙනවා. ඔවුන් ලඟින් ආශ‍්‍රය කරලා ඒවා අල්ලා ගන්න. මොකද ඔවුන් තම සංවිධානය තුළ ස්වයං විවේචන වාරවලට සහභාගී වෙන්නේ නැහැනේ. ඒ බව ඔවුන් දැන් ප‍්‍රසිද්ධියේ පුවත් පත් වලටත් කියන තත්වයක් තියෙන්නේ. ‘‘මම ස්වයං විවේචනය කරන්නේ නැහැ. පුළුවන්නම් මට එරෙහිව විනය පරීක්ෂණ කරපල්ලා’’ කියන බජාර් අභියෝගය එතැන නැද්ද? ලාල් කාන්ත කතා කරන්නේ එහෙමයි.

සෝමවංශ අමරසිංහ මහතා ලියූ ” ජනතා විමුක්ති පෙරමුණ වන්දනීයයි – හතර දෙනාගේ කල්ලිය නින්දනීයයි” යන කෘතියෙන් උපුටා ගැණුනි.

හොරු සමග අනුර –උනුත් එකයි -මුනුත් එකයි -එහෙම කියපු උනුත් එකයි

ලක් දනට බන කියන, මොක් පුරට මග සදන පැලවත්තේ ගොං පොට් එක

Top