Featured

අනේ…මාව විධායක ජනාධිපති කරන්න ….සිරා හුජ්ජ කොල්ලෝ කඩේ යවයි

සැප්තැම්බර් 04 වැනිදා කුරුණාගලදී පැවත්වෙන පක්‍ෂ සමුළුවේදී මීලග විධායක ජනාධිපතිවරණයට ශ‍‍්‍රිලනිප අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වන්නැයි ජනාධිපති මෛත‍‍්‍රිපාල සිරිසේන මහතාට යෝජනා කිරීමට එම පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සූදානම් වෙමින් තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.එම ඉල්ලිම ජනාධිපතිවරයාගේ කැමත්ත මත පසුගියදා පත්කර ගනු ලැබු ලපයි…සිපයි..සංවිධායකයින් සිදු කිරිමට නියමිතව තිබේ.

අදාළ යෝජනාව හරහා යම් හෙයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි වුවහොත් මීලග අගමැති අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරයාට ඉදරිපත් විය යුතු බවටද යෝජනා කිරීමටද නියමිත අතර විධායකය අහෝසි කිරිමට දුන් පොරොන්දුව දැන් යල්පැන ගිය එකක් බැවින් එවැනි යෝජනාවක් ගෙන එම හරහා සමාජය තුල කතා බහක් ඇති නොවනු ඇති බවද එහිදි සාකච්ඡා තිබේ.

මිට අමතරව ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයද සමඟ ඒකාබද්ද පෙරමුණකින් තරඟ කිරීමට පක්ෂය කැමත්තේන් පසුවන බවත් ඒ සම්බන්ධයෙන් පාක්ෂිකයන්ගේ අදහස විමසිම සදහ වු යෝජනාවක්ද ශ්‍රිලනිප මෛත්‍රී පිළ ඉදිරිපත් කිරිමට සුදානමින් සිටි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන රාජපක්ෂලාගෙන් අති ධාවනකාරි ලෙස පලිගැනිම හරහා යම් හෙයකින් ආණ්ඩු බලය අහිමි වි ගියහොත් හෝ පක්ෂයේ බලය හීනවි ගියහොත් මුහුණ දිමට සිදුවන භයානක තත්වයෙන් ගොඩැම සදහා කල්තියාම සංවිධානගත වැඩපිළිවෙළක් සකස් කිරිම අතිශය වැදගත් බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළේ අලුතින් පත්වු ශ්‍රිලනීප සංවිධායකයින් වෙනම එකතු වි කළ
සාකච්ඡාවකදි අවධාරණය කර තිබේ.

Top