Anonymous Reporter

අපට මත්ද්‍රව්‍ය හුරු කළේ උඹලා… අපට මත්ද්‍රව්‍ය නැතිව ඉන්න බෑ…. පත්තර කඩමලු කියන සුරංගනා කතා සහ අනුරාධපුර ඇත්ත කතාව….

Published on: Mar 25, 2020 – පසුගියදා අනුරාධපුර බන්ධනාගරයේ සිදු වූ වෙඩි තැබීමෙන් රැදවියන් 2 දෙනෙකු මියගොස් තවත් 8 දෙනෙකු තාවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.රාජපක්ෂ පාලනය අවසන් විමත් සමග අවසන් වු බන්ධනාගාර ඝාතන සමයි යලිත් රාජපක්ෂලා සමග අවදි විම ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුය.

මන්ද මෙරට බන්ධනාගාරයක් තුල සිදුවු සංවිධානාත්මක ඝාතනය 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවු අතර ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමක් හරහාය.එම ගැටුමෙන් රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වු අතර මෙම ඝාතන සිද්ධිය අහම්බයක් නොවන බවත් ඝාතනයට ලක්ව ඇත්තේ ලැයිස්තුගත පුද්ගලයින් පිරිසක් බවත් එබැවින් මෙය සංවිධානාත්ම ඝාතනයක් බවටත් චෝදනාවක්ද එල්ල වු අතර ඊට අදාළ සාක්ෂි පවා ලැබි තිබුනා.

අනුරාධපුර බන්ධනාගාරයේ සිදුවිම සම්බන්ධයෙන් විවිධ රස කතා රටේ ජනතාවට කියන්නට කවදත් පත්තර පඩංගු සහ රාජපක්ෂලාගේ කලු සල්ලි වලින් මෙන්ම ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන විද්යුත් නාලිකාද කටයුතු කරන අවස්ථාවක ඇත්ත දැනගැනිමට ජනතාවට අයිතියක් ජනතාවට ඇති බව අප විශ්වාසය කරමු!

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුකළ සමූහ සිරකරු ඝාතනය

ජනාධිපති ඇතුලු සමස්ථ ආණ්ඩුවේත් හමුදාව විසින් අකර්මණ්‍ය කරන ලද රාජ්‍ය යාන්ත්‍රණයත් හෙතුවෙන් මේ වනවිට රටේ ජනතාව කබලේන් ලිපට වැටි අවසන් ය.සතියක පමණ කාලයක් නිවසට හිරවි සිටින ජනතාවට දැනෙන පිඩනය මෙය කියවන ඔබ සෑම කෙනෙකුම විද ඇත.එසේනම් බන්ධනාගාරයක් තුල සිරවි සිටින ඔහුන් ගැන ඔබට මොහොතකට සිතා ගත හැකිද?

අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් සෙනසුරාදා (21) සවස විරෝධතාවයක් ආරම්භ කල අතර ඊට ප්‍රධානම හේතුව වන්නේ සිරකඳවුර තුල ඇති තදබදය නිසා කොරෝනා වසංගතයට තමන් බිලිවීමට ඇති අවදානම පෙන්වා දිමටයි.ඒ සදහා රැඳවියන් 700 ක් එක්ව තිබේ. නමුත් ඔනෑම දෙයකට තුවක්කුව ඉස්සර කර ගන්නා රාජපක්ෂ ජාතිවාදී ආණ්ඩුව එයින් ප්‍රයෝජනය ගත් අතර ඒ අනුව සිදුවු සaජු වෙඩි තැබිම් හේතුවෙන් රැඳවියන් දෙදෙනෙක් මරනයට පත්ව තවත් 8 දෙනෙකු තුවාල ලැබුවා. නමුත් මේ දක්වා සිරකරුවන් ඝාතනයට ලක් කිරිමට කටයුතු කල නිලධාරීන්ට එරෙහිව කටයුතු කරනු වෙනුවට සිද්ධියට සම්බන්ධ බවට අනාවරණය කරගෙන තිබේන සිරකරුවන් 35 දෙනෙකු පසුපස පන්නමින් සිටි.

අනුරාධපුර බන්ධනාගාර පොලීසිය සමග පොරබැදි සිරකරුවන් පලායාමට තැත් කිරීමත් සමග බන්ධනාගාර ආරක්ෂක භටයන් ඔවුනට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මාධ්‍යවලට ප්‍රකාශකොට තිබුනා.කෙසේවෙතත් මේ දක්වා සිදුකල කිසිදු පරික්ෂණයකින් සිරකරුවන් පලා යැමට උත්සහ කල බවක් වාර්තා වි නැත.

ඒ අනුව රැඳවියන්ගේ විරෝධයට බලපෑ මූලිකම හේතුව කොරෝනා වසංගතය බෝවීමේ අනතුරුදායක තත්ත්වයක් බන්ධනාගාරය තුල තිබෙන බව පෙන්වා දිමය.ඊට ආසන්තම හේතුවක්ද තිබේ.එනම් වෛරසය ආසාදනය වූ බවට සැකකරන රැඳවියෙකු බන්ධනාගාරය තුලින් සොයාගෙන රෝහල්ගත කර තිබීමයි.කෑගල්ල බන්ධනාගාරයේද ⁣වෛරසයෙන් ආසාදිත වූ පුද්ගලයෙකු රඳවා තැබීම නිසා නොසන්සුන්කාරී තත්වයක් හටගත් අතර ගාල්ල බන්ධනාගාරයේ වෛරසය ආසාදිත රැඳවියන් සිව්දෙනෙකු හමුවිමද මෙම තත්ත්වය උග්‍ර කිරිමට හේතුවක් වි තිබේ.

ගිනීගත් අනුරාධපුර බන්ධනාගාරය….

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක් සිරකරුවන් බන්ධනාගාර ප්‍රධානින්ට දැනුම් දි තිබුනද සිරකරුවන්ට වෛරසය බෝ විම වැලැක්විමට අදාළව කිසිදු ආරක්ෂිත පියවරක් ගැනිමට සමත්ව් තිබුනේ නෑ.කොරෝනා රෝගය වැලඳුනු චීන කාන්තාවක් සිප,වැලඳගනිමින් මාධ්‍ය ඉදිරියේ සංදර්ශණ පැවැත්විම,ලෝකයේ කොරෝනා සුව කල එකම රට ලෙස ජාත්‍යන්තරව විඩියෝ පටන් නිකුත් කිරිම හැර බෝවීම වැලැක්වීම හා ප්‍රතිකාර සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සම්පාදනය කිරිමට අසමත් වු ආණ්ඩුවකින් සිරකරුවන්ට මොනවා නම් බලාපොරොත්තු විය හැකිද? අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් 800 ක් පමන රඳවා තිබෙන නමුත් පහසුකම් ඇත්තේ 300 කට පමන බව බන්ධනාගාර වාර්තා වලම සදහන් වේ.රටපුරා ඇති බන්ධනාගාර 22ක් තුල රැඳවිය හැකි ගනන 12,000ක් පමන වුවද බන්ධනාගාර වාර්තාවට අනුව ඒවා තුල 25,000කට වැඩි පිරිසක් සිටිමද එය තවදුරටත් තහවුරු කරයි.

පතතර කඩමලු කියන සුරංගනා කතා….

බේගල් කිම කලාවක් කරගෙන සිටින ජාතිවාදී පුවත් පතක් වන “දිවයින” මෙම් පුවත වාර්තාකර තිබුනේ “කොරෝනා නිසා කුඩු හිඟ වී අනුරාධපුර සිරගෙය යුද පිටියක් වෙයි”යනුවෙනි.

මාර්තු 24 වැනිදා දිවයින පුවත් පතේ පලවු වාර්තාවෙන් උපුටා ගන්නා ලදී……..

“මත්කුඩු සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් පිරිසක් කොරෝනා වෛරසය බන්ධනාගාරය තුළ ව්‍යාප්ත විය හැකි බවත් ඒ තුළින් තම ජීවිතවලට තර්ජනයක් එල්ලවිය හැකි බවටත් අනිසි භීතියක් පළ කොට කලහකාරී ලෙස හැසිරෙමින් නොසන්සුන්තාවක් ඇති කොට බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කළ රැඳවියන් පිරිසක් පාලනය කිරීමට බන්ධනාගාර නියාමකවරයකු සිදුකළ වෙඩි තැබීමකින් මරුමුවට පත් රැඳවියන් දෙදෙනාගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ට භාරදෙන ලෙසට අනුරාධපුර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ප‍්‍රසන්න සමරසිංහ මහතා පෙරේදා (22 දා) අනුරාධපුර පොලිසියට නියෝග කළේය.”

“එම සිද්ධියෙන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා රක්‍ෂිත බන්ධනාගාරගත කොට සිටි අනුරාධපුර ඉපලෝගම කලාකරඹෑව පුගොල්ලාගම ප‍්‍රදේශයේ පදිංචිව සිටි කේ. එම්. ඒ. සමන් කුමාර සහ ගල්ගමුව උස්ගල සියඹලන්ගමුව ප‍්‍රදේශයේ පදිංචිව සිටි කේ. එල්. ඞී. අසංක පුෂ්ප කුමාර නමැති දෙදෙනා මරුමුවට පත්වූහ.”

උපුටා ගැනිම අවසන්…..

ඒ දිවයින කතාවයි.එයින් ගත හැකි එක් කොටසක් තිබේ. එනම් බන්ධනාගාරය තුල සිදුකල වෙඩි තැබිමෙන් ඝාතනය වි ඇත්තේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා රක්‍ෂිත බන්ධනාගාරගත වු තරුණයන් දෙදෙනෙකු විමයි.විශාල පිරිසක් විරෝධතාවයේ යෙදි සිටියදි මත්ද්‍රව්‍ය වරදකට වැරදි කරුවන් වු දෙදෙනෙකු ඉලක්ක කර වෙඩි තැබුවේ ඇයි.?? බරපතලම ප්‍රශ්ණය එයයි.

කොරෝනා වසංගතය පැතිර යැමත් සමග රටපුරා මත්ද්‍රව්‍ය හිගයක් පැවැති අතර සිරකරුවන්ගේ ඥාතීන්ට ආහාර රැගෙන එමද තහනම් විමත් සමග බන්ධනාගාර නිළධාරින් හරහා මත්ද්‍රව්‍ය සිරකරුවන්ට ලබාගැනීමට තිබු හැකියාවද අහිමිවි තිබේ. ඒ හේතුවෙන් බන්ධනාගාර විවිධ නොසන්සුන්තාවයන් පැවැති අතර ඊට ප්‍රධානම හේතුව වුයේ බන්ධනාගාර නිලධාරින් මත්ද්‍රව්‍ය අවශ්‍ය නිලධාරින්ට එවා ලබාදිමට අසමත් විමයි.

අනුරාධපුර බන්ධනාගාරයේ ඝාතනය….

මේ විඩියෝව බලන්න ……...

මේකේ කොරෝනා හැදිලා මනුසයෙක් ගෙනත් දාලා ඉන්නවා. මේකේ ඇතුලේ මැරෙන්න බෑ.

කොරෝනා වසංගතය පැතිරවිමට එරෙහිව බන්ධනාගාරය තුල ක්‍රියාමාර්ග නොගැනිම සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වෙන් අතරතුර මෙම තරුණයන් දෙදෙනා ඉලක්ක කර ගෙන වෙඩි තබා ඝාතනය කර ඇත්තේ බන්ධනාගාරය තුල සිදුකරමින් ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක අතුරු ප්‍රථිපලයක් ලෙස බවයි. අදාළ රැදවියන් දෙදෙනා සමග එක්ව බන්ධනාගාර නිළධාරින් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරම දිර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් තිබෙන අතර මත්ද්‍රව්‍ය හිග විමත් සමග ඇතිවු බහින්බස් විමක් දුරදිග ගොස් තිබේන අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් නිළධාරීන් මෙම ඝාතනය සිදුකර තිබේ.

“අපට මත්ද්‍රව්‍ය හුරු කළේ උඹලා…. අපට මත්ද්‍රව්‍ය නැතිව ඉන්න බෑ. අපට මත්ද්‍රව්‍ය ගෙනත් දියව්. එහෙම නැතිව අපට ජීවත්වෙන්න බෑ” යනුවෙන් විරෝධතාව අතරතුර කෑ ගැසු අයුරු මාධ්‍ය හරහාද වාර්තා විය.

බන්ධනාගාර අධිකාරි සුගත් රෝහණ ලොකුගලප්පත්ති සහ ප‍්‍රධාන ජේලර් සමන්ත දහනායක යන මහත්වරුන් මෙම සිද්ධියේ ඇත්ත ඇති සැටියෙන්ම දනී. නමුත් මිලිටරිකරණය වෙමින් තිබේන රාජපක්ෂ යාන්ත්‍රනය තුල “රන විරුවන්” යැයි හදුන්වමින් යුද අපරාධ චෝදනාවලින් සහ පවරා ඇති අපරාධ නඩු වලින් නිදහස් කරමින් සිටින යුගයක සිරකරුවන් තමන්ට රිසිසේ ඝාතනය කර දමා පරික්ෂණ වලින් මිදී සිටිම අසීරු කටයුත්තක් නොවේ.

ලංකාවේ බන්ධනාගාර තුල සිරකරුවන්ට එරෙහිව සිදුකෙරෙන අමානුෂික ක්‍රියාවන් පිළිබඳව අලුතින් රටේ ජනතාවට කියාදිය යුතු නෑ.වැලිකඩ සිට අඟුනුකොලපැලැස්ස දක්වා රැඳවියන්ගේ විරෝධතා දරුනු ලෙස මර්දනය කල අයුරු අමතකද නැත.අත් අඩංගුවට ගත් සැකකරුවන් පලායාමට උත්සහ කල බව පෙන්වමින් වෙඩි තබා ඝාතනය කිරිමට ශ්‍රි ලංකා පොලීසියට කුප්‍රකට හැකියාවක් තිබේ.

ඒ අනුව රටේ ජනතාව අවදියෙන් සිටිය යුතු සමයක් උදාවි තිබේ.මන්ද ඔනෑම ඇතිවන හෝ ඇතිකරනු ලබන අර්බුදයක් හරහා සිය දේශපාලණීක කුමන්ත්‍රණය දියත් කිරිමට රාජපක්ෂලා දක්ෂ විමයි.

http://lankanewsnetwork.org/archives/23850

Loading…


Top