Breaking
24 Feb 2025, Mon

මහින්ද හා ගෝඨාභය සමග දේශපාලන විරුද්ධත්වයට එහා ගිය බද්ධ වෛරයකින් රාජිත, චම්පික හා අර්ජුන දැඩි සේ රෝගාතුර වී සිටින බව මොනවට පැහැදිළි ය. විටෙක මොවුන් චන්ද්‍රිකාගේ හෝ අන්කිසි ප්‍රබලතම දේශපාලකයෙකුගේ කොන්ත්‍රාත්තුවක් ඉටුකරන බව සිතිය හැකි ය. කෙසේ වෙතත්, එජාපයේ පීඩිත පන්ති මානසිකත්වය ආමන්ත්‍රණය කරන රන්ජන් රාමනායක ඇතුළු කීප දෙනෙක් හැර රනිල් ඇතුළු සෙසු බහුතර දේශපාලකයින්ට මහින්ද සමග ඇත්තේ දේශපාලන විරසකයක් පමණක් බව ද පෙනී යමින් තිබේ. ඔවුන් මහින්දගේ රීරි මාංශය ම ඉල්ලමින් පොරකන බවක් තාම නම් නොපෙනේ. දේශපාලන විරසකය එකකි, පුද්ගල වෛරය තවෙකකි. දේශපාලන විරසකය ධනාත්මක වන අතර පුද්ගල වෛරය නිෂේධනාත්මක ය. රනිල් වැන්නන් මහින්ද කෙරෙහි ක්‍රියා කිරීමේ දී, වෛරය නොව ඔවුන්ගේ දේශපාලන විරසකය ම ක්‍රියාත්මක වන බව පෙනී යන්නේ ඔවුන් මැතිවරණ සමයේ දී මෙන් ම ඉන් පසුව ද මහින්ද ගැන වෛරී ප්‍රකාශ නොව දේශපාලන විරුද්ධවාදී ප්‍රකාශ පමණක් ම කිරීම තුළ ය.

මේ අතර, මෛත්‍රීපාල ජනපතිවරයා සමග සිටින ශ්‍රිලනිප මැති ඇමතිවරුන් මහින්දට එරෙහි ව ඇනුම්පද කියන විට හෝ අනෙකුන් කරන ප්‍රකාශ හමුවේ නපුංසකයින් සේ සිටින විට ඇතැම් එජාප මන්ත්‍රීවරුන් මහින්ද හා ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටීම විශේෂ නිරීක්‍ෂණයකි. ඇවන්ගාර්ඩ් හරහා ගෝඨාභය අත්අඩංගුවට ගැනීමට ඉඩ නොතබන බව විජේදාස හඬ නගා කියද්දී හා මාරපන ඒ වෙනුවෙන් වන මිළ ලෙස තම ඇමතිකම අතහරිද්දී මෙන් ම හරීන් ප්‍රනාන්දු නොපැකිළ ඊට සහාය වෙද්දී මහින්දගේ අනුහසින් මනාප ගෙන පාර්ලීමේන්තුවට රිංගාගත් ශ්‍රීලනිප ඇමතිවරුන් කසාය බී ගොළුවන් සේ සිටීම දැරිය නොහැකි තරම් ජුගුප්සා ජනක දසුනකි. ඇමතිකමක් වෙනුවෙන් මෙතරම් ම තම ආත්මය පාවාදීය හැකි ද යන්න අපට නැගෙන ප්‍රශ්නයි.

කෙසේ වෙතත්, අප මෙහි දී අවධාරණය කරන්නේ රනිල් හෝ විජේදාස වැන්නන් ජාතිකවාදීන් වි සිටින බව නොවේ. විජේදාස කෙසේ වෙතත් රනිල් නවලිබරල්වාදියෙකි. ඇමරිකන් ක්‍රමය විස්වාස කරන්නෙකි. එහෙත් අපට එය ප්‍රශ්නයක් නැත. අපි ඔවුන්ගේ ඒ බව දනිමු. අපි ඊට එරෙහි වෙමු. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ හැටි ය. එහෙත් අපට ප්‍රශ්නයක් වන්නේ හුදු පුද්ගල වෛරය මතින් ක්‍රියාත්මක ඉහත අපතයින් ය. මොවුන්ට දේශපාලන මතයක් නැත. රැළි නැගෙන විට ඒවාට ගොඩ වී පැදීම පමණක් මොවුන්ගේ දේශපාලනයයි.

අප සිතන්නේ අද මේ රට විනාශය කරා ඇදගෙන යමින් සිටින්නේ ජාතිකවාදයට හා ලිබරල්වාදයට යන දෙකට ම නොවැටෙන අවස්ථාවාදය ම ආත්මය කරගත් මේ අපතයින් විසින් බව ය. කෙසේ වෙතත්, මෙම අපතයින් අප සමාජයේ රෝගී ස්ථරයක් නියෝජනය කරන බව ද කිව යුතු ය. ඒ පිරිස නම් අනෙකෙකු නොව, දේශපාලන විරසකයෙන් එහා ගොස් මහින්දට වෛරය කරන ‘පුරවැසි බලය’, සිවිල් සමාජ ක්‍රියාකාරීන් යැයි කියන පිරිස් හා ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ය. මොවුන්ගේ එක ම රෝගය යටත්විජිත හීනමානයයි. රනිල්වාදීන් ද මහින්දවාදීන් ද මේ අතරමැදි අපත පන්තිය හඳුනාගෙන ඒ අනුව ක්‍රියාකළ යුතුය.

ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.