Featured

අපරාධකරුවන් වන්නේ මහින්ද,ගොඨා විතරයි…මට දැන් අභියෝගයක් නෑ

මේ අතර ශ්‍රි ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ විමර්ශනය කිරීම සදහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මිශ්‍රණයක් සහිත විශේෂ අධිකරණයක් (hybrid) ස්ථාපිත කිරිමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හා හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ පමණක් වරදකරුවන් වන බවත් ඒ අනුව තමන්ට තිබේන එකම අභියෝගය ඉවත්ව යන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.

රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළේ මෛත්‍රීපාල සිරිසේන,චන්ද්‍රිකා කුමාරතුංග හා රනිල් වික්‍රමසිංහ මේ සම්බන්ධයෙන් දැඩි විශ්වාසය තබා ඇති බවයි.

නමුත් සියල්ල අවසන් වනතෙක් මහින්දට හෝ ගොඨාභයට හානියක් වන් බවට රට හමුවේ නොපෙන්වා සිටිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මෛත්‍රී – රනිල් දැනුම්දි ඇති අතර මේ සම්බන්ධයෙන් මාධ්‍යයට කොන්දේසි පැනවිමටද තින්දුකර තිබේ.

අතර අද උදැසන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් දුමින්ද දිසානායක කැදවු මෛත්‍රීපාල සිරිසේන ක්‍රමානුකූල මහින්ද වාදින් ශ්‍රිලනිපයෙන් ඉවත් කිරිමට කටයුතු කරන ලෙසත් වහාම එක්සත් ජනතා නිදහස් සන්ධානය විනාශ කර දැමිම සදහා ක්‍රියාමාර්ග තොරා එය තමන්ට විස්වාසවන්ත කිහිප දෙනෙකු සමග ක්‍රියාත්මක කිරිමට කටයුතු කරන ලෙසද මෛත්‍රී දුමින්දට දන්වා තිබේ.

මේ අතර මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යන එක නැවැත්තුවේ වත්මන් රජය යැයි  විදේශ  අමාත්‍ය මංගල සමරවීර මාධ්‍ය ගොනාට අන්දමින් ප්‍රකාශයක් කර තිබේ.

යුද්ධයේ අවසන් අදියරේදී සිදු වූවා යැයි කියන මානව හිමිකම් කඩවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වන දේශීය යාන්ත්‍රණය සැකසීමේ කටයුතු රජය විසින් ලබන ඔක්තෝබර් මාසයේ මැද සිට ආරම්භ කරන බවත් ලබන ජනවාරි මාසයේදී දේශීය යාන්ත්‍රණයේ අවසන් සැලැස්ම ඉදිරිපත් කොට එතැන් පටන් මාස 18ක් ඇතුළත එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කර අවසන් කරීමට රජය බලාපොරොත්තු වන බව විදේශ අමාත්‍ය මංගල සමරවීර අද අනාවරණය කළා.

 

Top