මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධුරය ලබා ගත්තේ පක්ෂයට ඇති ආදරය නිසා නොව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැුක ගැනීමට බව එකාබද්ධ විපක්ෂයේ කදවුම් කරු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා අවධාරනය කරයි. ඔහු පෙන්වා දෙන්නේ ජනාධිපතිවරණයෙන් පසු අගමැති වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය අවශ්‍ය වූ බවයි. ඒ නිසා විවිධ බලපෑම් කොට පක්ෂ සභාපතීත්වය ලබා ගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආන්ඩුවට ගැට ගැසීමට සිරිසේන මහතා කටයුතු කළ බව රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
උඩුගම්පල ප්‍රසන්න රණතුංග මහතාගේ කාර්යාලයේදි ඉයේ (3) පැවති ගම්පහ දිස්ත්‍රික් පලාත් පාලන මන්ත්‍රී සංසධයේ රැස්වීමකදී රණතුංග මහතා මේ බව සඳහන් කලේය.
මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රීක්කයේ පළාත් පාලන ආයතන 19 යක නියෝජිතයෝ 200 යකට ආසන්න පිරිසක් සහාභාගී වී සිටියහ මෙහිදි විශේෂ යෝජනා 4 ක් ද සම්මත කර ගැනුනි. ඉන් එක් යෝජනාවක දැක්වුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය පිලිබදව තවදුරටත් විශ්වාසය නොමැති බැවින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව ජාතික බලවේගයක් වහා ගොඩනගා ඉදිරි පලාත් පාලන මැතිවරණය සඳහා එම ජාතික බලවේගය යටතේ සියලූ දෙනා ඉදිරිපත් විය යුතු බවයි. එම යෝජනාව සියළු දෙනා අත් ඔසවා අනුමත කළහ.
පලාත් පාලන ආයතන විසුරුවා හැර ගමේ බලය එකසත් ජාතික පක්ෂයට පාවාදීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට විරෝධය ඵල කිරීම. පලාත් පාලන මැතිවරණය වහා පැවැත්වීම. ජාතික ආණ්ඩු ගිවිසුමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වහා ඉවත් වීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු ආණ්ඩුවෙන් ඉවත් වීම. ඉවත් කරනු ලැබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක වරුන්ට නැවත එම ආසන සංවිධායක ධුර ලබා දීමට යන යෝජනා මෙහිදි එකමතිකව සම්මත විය.
පක්ෂය කඩන බවට එකාබද්ධ විපක්ෂයට එල්ලවන චෝදනා දැඩි ලෙස ප්‍රතිෂේප කළ ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා අවධාරණය කලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වූයේ පක්ෂයේ ප්‍රධාන ලේකම් වරයා පක්ෂයේ සභාපතිවරයාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ අවස්ථාවේ දී බවයි. ජනාධිපතිවරණය පැවැත්වුනේ පක්ෂයේ සභාපතිවරයා සහා ලේකම් වරයා අතරයැයි වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ලේකම් වරයා පැවසුවද මෛත්‍රී පාල සිරිසේන මහතා පක්ෂයෙන් ඉවත්ව පොදු අපේෂකයා බවට පත් අවස්ථාවේදි ඔහුව පක්ෂයේ ලේකම් ධුරයෙන් ඉවත් කළ බව පෙන්වා දුන් රණතුංග මහතා අනුර ප්‍රියදර්ශන යාපා මහතා පක්ෂයේ ලේකම්වරයා ලෙස පත් කළ බවද අවධාරණය කලේය. මේ නිසා පක්ෂ සභාපතීත්වය ලබා ගැනීමට මෛත්‍රී පාල සිරිසේන ජනාධිපතිවරයාට කිසිදු සදාචාරත්මක අයිතියක් නැතැයිද රණතුංග මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කිවේය.
පක්ෂය කඩන්නේ අපි කියලා චෝදනා කලාට ඇත්තටම පක්ෂය කැඩුවේ අද පක්ෂයේ ලේකම් වරයා ඇතුළු පිරිසයි. ආප්ප කලා අනිත් පැත්තට පැනලා ඔහු අපේ අපේක්ෂකයාට විරුද්ධව ඡුන්දය ඉල්ලූවා ජනාධිපති වෙලා පැය 48 ඇතුලත වෙනම මධ්‍යම කාරක සභාවක් පිහිටෙව්වා. ලේකම්කම අනුර යාපා මන්ත්‍රීතුමා ඉන්නට කොට දුමින්ද දිසානායකට දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබුන අගමැති කම ඒ වෙලාවේ පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් තිබුනු. රනිල් වික්‍රමසිංහට දුන්නා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අපේ පක්ෂයේ සභාපති කම ගත්තේ පක්ෂයට ආදරයට නෙවෙයි. ඒ වෙලාවේ බලයට පත් කරපු සුළුතර රනිල්ගේ ආන්ඩුව පවත්වාගෙන යන්නයි. ඒ සඳහා පාර්ලිමේන්තු බලය ලබා ගන්න කරපු වැඩක් ඒක මගේ කොළඹ නිල නිවසෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා අපේ පක්ෂයේ ජේෂ්ඨයන් මුන ගැසුනේ ඒ නිසා එතන සිද්ධ වුනේ මොනවාදැයි මම හොදටම දන්නවා පක්ෂය කැඩෙනවා බලන් ඉන්න බැරිවයි මහින්ද මහත්තයා එදා පක්ෂය මෛත්‍රී මහත්තයාට භාර දුන්නේ…
ජනාධිපතිවරණයෙන් පස්සේ අපිට තිබුන ඌව පලාත් සභාවේ බලය එජාපයට දුන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බලය තිබුනු පලාත් පාලන ආයතන කාලය දීර්ඝ නොකර ඒවා බල රහිත කළා ඒ නිසා අපිට ගමේ බලය නැතිව ගියා ගමේ වැඩක් කරන්න හිටපු පලාත් මන්ත්‍රී අවලංගු කාසියක් වුනා මහා මැතිවර වෙලාවේ අගමැති කම මහින්දට දෙන්නේ නැහැ කියලා ප්‍රසිද්ධියේ කිව්වා සුසිල් ඇමතිතුමා, අනුර යාපා ඇමතිතුමා සංධානයේ යි පක්ෂයේ යි. ලේකම් තනතුරු වලින් ඉවත් කළා එතුමාම පස්සේ අපිට කිව්වා මහා මැතිවරණය අපි දිනයි කියන බයට එහෙම කලා කියලා ජනතා ආකර්ෂණය තියෙන ආසන සංවිධායක වරු ඉවත් කරලා ජන පදනමක් නැති අයට පක්ෂ සංවිධායක කම් දුන්නා මහින්ද මහත්තයාවයි රාජපක්ෂ ආන්ඩුවයි විවේචනය කිරීම හැර මේ අයට වෙන විකල්ප නැහැ මේ ඔක්කොම කරලා අපිට කියනවා අපි පක්ෂය කඩනවාලූ නායකයා එක්ක ඉන්නලූ අපිට නායකයා එක්ක ඉන්න කිව්වාට නායකයා ඉන්නේ කොහේද නායකයා ඉන්නේ කොහේදැයි මුළු රටම දන්නවා..
අද එක්සත් ජාතික පක්ෂයට බලය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කරලයි තියෙන්නේ යූ.එන්. පී එකත් එක්ක යහන්ගතවෙලා ඉන්න අපේ ඇමතිවරු කරන්නෙත් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කිරීමක් මෙ විදිහට ගිහින් 2020 දි අපේ ආණ්ඩුවක් පිහිටුවන්නේ කොහොමද? අපේ ආණ්ඩුවක් පිහිටුවන්න අවශ්‍ය නම් මහා පොලොවේ ගමේ තියෙන ඇත්ත තත්වය වටහාගත යුතුයි. නායකයෝ මොනවා කිව්වත් අද ගමේ මිනිස්සු ඉන්නේ මහිනද මහත්තයා එක්ක. ඒ නිසයි ගමේ අය කියන්නේ අපිට මහින්ද මහත්තයා එක්ක මිසක් වෙන අයත් එක්ක ඡුන්ද වලට එන්න එපා කියලා අපි ගමේ බලය ගන්න නම් සංවිධානාත්මක වෙන්න ඔනෑ දැන් ඒකට කාලය හරි ඒ නිසා ගං වල අපි වඩාත් සංවිධානාත්මකව දේශපාලන වැඩසටහන් ආරම්භ කළ යුතුයි. ගම දැනුවත් කළ යුතුයි. අද රටේ සිද්ධ වෙන දේ පිළිබදව ජනතාව හොදින් දැනුවත් ඔවුන් නිහඩව ඉන්නේ වෙලාව එනකන් ගමට නායකත්වය දිලා අපේ ජන මතය ජයග්‍රහණය කරවිමේ වගකීම. තිබෙන්නේ ගමේ නියෝජිතයන් වන ඔබේ අතේ.. ඒ නිසා ඉදිරි පලාත් පාලන මැතිවරණයේ දි ගම දිනවන්න නම් අප පෙරමුන ගත යුතුයි. ඒ සඳහා දැන්ම වැඩ ආරම්භ කළ යුතුයි. මේ වහා පාලන ආණ්ඩුව ගෙදර යැවීමේ පලමු වෙඩි මුරය අපි ඉදිරි පලාත් පාලන මැතිවරණයේදි තබමු ඒ සඳහා සියළුදෙනා එක්ව කටයුතු කරමු.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, මීගමුව හිටපු ශ්‍රී.ල.නි.ප. සංවිධායක සරත් කුමාර ගුණරත්න, අත්තනගල්ල හිටපු ශ්‍රී.ල.නි.ප. සංවිධායක සරණ ගුණවර්ධන. ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ පලාත් සභා සහා පලාත් පාලන මන්ත්‍රීවරු රැසක් මේ අවස්ථාවට එක්වුහ.
ප්‍රදීප් අනුර කුමාර