Featured

අපේම නිජබිමක් නොමැතිව පවත්වන අවසන් මැයි රැළිය මෙයයි

අපේම නිජබිමක් නොමැතිව පවත්වන අවසන් මැයි රැළිය මේ රැළිය බව කිලිනොච්චිය සමූපාකාර සංගම් ශාලාව පැවති දෙමළ ජාතික සන්ධනයේ මැයි රැලිය අමතමින් එස්.ශ්‍රීධරන් තහවුරු කර තිබේ.මේ අතර යාපනය චුන්නාකම් මරදනාල්මඩම්හි රාමනාදන් පාසල් ක්‍රීඩාංගනයේදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ තවත් පක්ෂ කිහිපයක් ඇතුළු සංවිධාන ද මැයි රැලියක් එවැත්වු අතර දෙමළ ජාතික පෙරමුණේ මැයි දින රැළිය යාපනයේ නෙල්ලිඅඩියේ දී පැවැත්වුයේ එම පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන්ද පවත්වා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.ශ්‍රීධරන් හා ශිවශක්ති අනන්දන් සහ තවත් මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු මෙන්ම කිලිනොච්චිය කරඩිබොක්කු මන්සන්ධියේ සිට පෙළපාළියකින් කිලිනොච්චිය සමූපාකාර සංගම් ශාලාව දක්වා පැමිණ මැයි දින රැලිය සදහා හිටපු කොටි සාමාජිකයන් රැසක්ද එක්ව් සිටි බව අප යාපනය වාර්තාකරු සදහන් කළා.පසුව එම රැස්විම අමතමින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් අපේම නිජබිමක් නොමැතිව පවත්වන අවසන් මැයි රැළිය මේ රැළිය බවත් ඒ සදහා පසුගිය 30 වසරක් තිස්සේ කල කැපකිරිම අඛණ්ඩව සිදුකිරිමට දමිළ ජනයා සුදානම් විය යුතු බවද පවසා තිබේ.

2 tamilwin

 

 

Top