Breaking
23 Feb 2025, Sun

අප දිවි පුදනුයේ මව්බිම සිපගෙනය

“දෙමළ සන්ධානය ෆෙඩරල් ඉල්ලයි. පළාත් සභාවට පොළිස් – ඉඩම් බලතලත් ඕනෑ” පුවතක්

LTTE_ATT01මුණිඳු සමග විය මිසදිටු                  විරසකය
වැදුණේපහර අප දළදා                   සමිඳුටය
රටක කඳුළු වැටුණේ එක               විලසටය
නැවතත් එන හැඩයි ඒ බිහිසුණු      යුගය

පින් බිම වැඩසිටින සිරිමා බෝ      රජුණී
ඔබේ සෙවණ යට කලකදී ලේ     හැලුනී
ඒ මතකයෙන් හදවත තුළ ගිණි    නැගුනී
එම කලියුගය නැවතත් ළඟ බව   පෙනුණී

ගැලූ ලෙයින් පෙරවූ කහවත්      පෙඟුනූ
අරන්තලා බිම බුදුපුත් ලේ          හැලුනූ
අරහත් ධජය පාගා කෙළෙසා     දැමුනූ
යුගයක් එන හැඩයි ළඟදීම ලේ  වැකුනූ

දහසක් වූ සිරුරු සිහ ධජයෙන්        වැසුනූ
කඳුළක් ඉතිරි වී හද පතුලෙම          රැඳුනූ
යුගයක් නිම කළත් දිවි පුදමින්        තුරුණූ
යලි එනසැටි පෙනේ සළකන විට   කරුණූ

යටගිය දවස නිබඳව සිහියට           නැගුනී
දේශය දෙකඩවන බව මැනවින්     පෙනුනී
ඒ වලකනු සමත්වනුයේ ඔබ          පමණී
නැවත නැගෙනු මැන විගසින් සිහ  රජුණී

වළලනු පෙනේ නැවතත් ඒ           කොඩිවිණය
නිවට රැළක් මැද දේශය                අසරණය
ඔබත් සමග පාමින් පෙර එඩි         ගුණය
අප දිවි පුදනුයේ මව්බිම                සිපගෙනය

මිනිස්කමින් පිරිපුන්                    රණවිරුවන්ට
කළේ අවමන්ය සමකර              බල්ලන්ට
දෙයක් වේය හමුවුනොතින්        පවසන්ට
“අලුත් පරපුරේ”                       අවජාතකයන්ට

අමතක කරමින් රණවිරු සතු      ගුණය
කළා අපහාස අර “පුරවැසි           බලය”
රටක් ගැන නොසිත මේ වනචර  නඩය
ඩොලර් වලට විකිණෙන හැටි    හිරිකිතය
අලි හක් සීනු යහපාලන හොර   නඩය
අනුව නටයි පරදේසේ බෙර      පදය
දෑස් පියා හිඳ යහපාලන            සුවය
වින්දොත් රටට දෙවි පිහිටය     සහතිකය

රටක් කුමට දෝ දෙකඩව වෙන්     කෙරුණූ
වෙනු නියතය අපහට මුහුදට           පනිනූ
දෙස රැකුමට නවගුණවැල් ගෙන    නොඑනූ
මරණය සුන්දරයි මව්බිම හා           බැඳුණූ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.