Anonymous Reporter

අමන ගමරාලලාගේ සිරිසේනගෙන් රටට වන සෙතක් නම් නැත

මහින්ද විරෝධී වෛරී ප්‍රකාශයකට වඩා- තමන්ගේම පක්ෂය පරාජය කිරීම සඳහා ප්‍රකාශ නිකුත් කරන ලොව එකම ජනපති ලෙස ගමරාලලාගේ සිරිසේන ඉතිහාසයට එක් වී හමාරය. මොහුට රටේ මැතිවරණය ක්‍රියාවලිය හා මන්ත්‍රීවරුන් තෝරාපත්කර ගන්නා නිවැරදි නීත්‍යනුකූල ක්‍රමවේදය පිළිබඳවවත් හරිහමන් දැනුමක් නැතිබව සිය වෛරී ප්‍රකාශය තුළ මැනැවින් පිළිබිඹුවෙයි. එහෙත් ඔහු සහ ඔහුට සහතික ලියන අමන හැතිකරය මේදක්වා පවසන්නේ ඔහු 40 වසරක දේශපාලන අද්දැකීම් ඇත්තෙක් බවය. 40 ක් නොව 80 ක් සිටියත් අට පාස් ගමරාල රටක් පාලනය කිරීමට තරම් නොවටිනා බව දැන් සක් සුදක් සේ පැහැදිලිය.

මහ බැංකු වංචාවේ මහ මොළකරු වන අගමැති රනිල් වික්‍රමසිංහ විශ්වාසභංගයෙන් බේරාගත් සැටි විස්තර කළ ගමරාළ තව දුරටත් කීවේ, රනිල්ගේ එජාප සුළුතර ආණ්ඩුව පරාජයට පත්කොට ජාතික ලැයිස්තුවෙන් මහින්ද පාර්ලිමේන්තුවට කැඳවීමට පිරිසක් කටයුතු කළ බවයි. තමා එය වළක්වාලීමට කළේ පාර්ලිමේන්තුව විසිරවීම බවයි.

සිරිසේන අත්හරින බව කී විධායක බලය ඉතාම නිහීන ලෙස පාවිච්චි කළ අවස්ථාව එය වුවත්, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තමාගේ ඇති නොදැනුවත්කමද ප්‍රකට කළේය.

සරලවම පවසන්නේ නම්… ජාතික ලැයිස්තුවෙන් මහින්ද පාර්ලිමේන්තුවට ගෙන ඒමට හැකියාවක් ඇත්තේ, මහින්ද පෙර මැතිවරණයේ ජාතික ලැයිස්තුවේ සිටියානම් පමණක්ය යන්න නොදන්නා, අමන ගමරාලලාගේ සිරිසේනගෙන් ඉදිරියේ රටට වන සෙත නම් දැන් දැන් ඉතා සුපැහැදිලිය.

–ජනිත් විපුලගුණ–

Top