Breaking
24 Feb 2025, Mon

අමන තකතිරු මහා ඇමති ගෙදර යවනවාද? යවන්නද?

තිස් වසරක කුරුරි යුද්ධයක් නිමා කරපු රටක රණවිරුවන්ට මේ තරම් කෙනෙහිලිකම් සිදුවන රටක් ලෝකයේ වෙන කොහේ හෝ නැති තරමට දැන් දැන් උතුරු නැගෙනහිර දෙපළාත මුල්කරගෙන සිදුවන ක‍්‍රියාකාරකම් වලින් සිය දහස්වර ඔප්පු වෙමින් පවතී. අපේ අභීත රණවිරුවන් ඇස් ඉස් මස් ලේ ජීවිත වලින් වන්දි ගෙවමින් මේ මහපොළව සිප වැළඳගෙන මිහිදන් වූවන් අද කොහේ සිට හෝ සුසුම් හෙළනු නොඅනුමානය.

ඔවුන් මේ කැපකිරීම් කරමින් ත‍්‍රස්ථවාදය නිමා නොකළානම් හොඳයැයි සිතන තරමට සමාජය අද පෙළඹී ඇත්තේ විටෙක දෙමළ වාර්ගික උතුරේ මහඇමති ප‍්‍රමුඛ නඩය දැඩි අන්තවාදීව ජාතිවාදීව නීතිය අවනීතිය කරමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් වෙනම රාජ්‍යක් ප‍්‍රකාශයට පත් කරමින් ඊට අනුකූල ක‍්‍රියාකාරිත්වයක් හා හැසිරීම් රටාවක් පෙන්නුම් කරද්දී ඊට නොදෙවෙනි වෙමින් මුස්ලිම් වාර්ගික නැගෙනහිර මහ ඇමති ප‍්‍රමුඛ නඩය ඒ හා සමානවම හැසිරෙති. මේ සියලූ හැසිරීම් රටාවන් සමස්ත සමාජයම නොරුස්සන තැනට පත්වනතුරුත් වත්මන් නිවට පාලනය යහපාලනය යන සුන්දර වචනාර්තයට පමණක් මුවා වී සිය නිරුවත දෑතින් වසා ගන්නට වෙර දරමින් කටයුතු කරති.

රටක ආරක්‍ෂක අංශ යනු ඒ රටේ හදවතය. ආරක්‍ෂක අංශයන්ගේ තෘප්තිමත්භාවය, ගෞරවාන්විතභාවය, රටේ ආරක්‍ෂාව දෙස් විදෙස් කුමන ආක‍්‍රමණයකින්වත් නොසිඳලන්නට හේතු වේ. නමුත් අදවන විට අපේ රටේ සෑම ආකාරයකින්ම ආරක්‍ෂක අංශයන්ගේ මෙම ජීවගුණයන්ගේ අක්මුල් මුළුමනින්ම පාහේ සිඳ බිඳ තබන තත්වයට පත්ව ඇත. ආරක්‍ෂක අංශයන්ගේ කාර්යභාරය ආණ්ඩුව රැකීම හෝ දේශපාලකයෝ රැකීම නොව රටත් ජාතියත් සසුනත් රැකීමයි. නමුත් අදවන විට සිදුව ඇත්තේ ඔවුන්ට ආණ්ඩුවත් දේශපාලකයොත් දේශපාලකයන්ගේ හෙන්චයියනුත් රැකීමටය. එසේ කරන්නට ද සිදුව ඇත්තේ ද ඔවුන්ගේ අනන්ත කෙනෙහිලිකම් මධ්‍යයේය.

පසුගිය කාලසීමාව මුළුල්ලේම රටේ ස්වෛරීභාවයටත් භෞමික අඛණ්ඩතාවයටත් රණවිරුවන්ගේ අභිමානයටත් බරපතල අභියෝගයක් වෙමින් කටයුතු කළ උතුරු පළාත් මහ ඇමතිවරයා මෙන්ම ඉතා ආසන්න වශයෙන් සාම්පූර් කඳවුරේ නාවුක සෙබළාට මුළු ලෝකයක් ඉදිරියේ අවමන් කරමින් දැක් වූ පහත් නිහීන තුච්ච ක‍්‍රියාව ඇතුළු කොටගත් සමස්ත ක‍්‍රියාදමයන්ට එරෙහිව ඔවුන් වහාම ඉල්ලා අස්වියයුතුය. නැතහොත් නාමිකව හෝ බලයේ සිටින අදාළ වගකිවයුතු පාර්ශවයන්් විසින් මොවුන් ඉවත්කළයුතු බවටත් අප තරයේ අවධාරණය කරන අතර රණවිරුන්ගේ අභිමානය හා නිසි පැවැත්ම උදෙසා දිවිහිමියෙන් කටයුතු කරන්නට සුවිශාල පිරිසක් අප සමග අත්වැල් බැඳගෙන ඇති බවද තරයේ සිහිකර සිටිමු.

මේ වගට
මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි.
මහ ලේකම්- සිංහලේ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.