Featured

අයවැයට අත උස්සන බත් බැලයන්ට ප්‍රාඩෝ ජීප්-කෝටි 322 ක් රටට අහිමි වේ

රනිල්-මෛත්‍රී අවජාතක අයවැය සදහා ඡන්දය භාවිතා කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බත් බැලයන්ට බෙදාදිම සදහා රේගු වංචා නිසා රඳවා තබාගෙන සිටිනTRJ150 වර්ගයේ ප්‍රාඩෝ ජීප් රථ මුදවාගෙන අයවැයට ඡන්දය භාවිතා කරන මන්ත්‍රිවරුන්ට සහ තවත් 15 දෙනෙකුට නොමිලේ ප්‍රාඩෝ ජීප් රථ ලබා දිමට කටයුතු කරන ලෙස මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර ඇති අතර ඒ අනුව හොරෙන් ගෙනා ප්‍රාඩෝ 403ක්‌ දඩ මුදලක්‌ද අය නොකර ආනයනකරුවන්ට මුදාහරින ලෙසට රවි කරැණානායක රේගු ප්‍රධානින්ට උපදෙස් ලබාදි තිබේ.

මෙවර අයවැයට සියළු ශ්‍රීලනිප මන්ත‍්‍රිවරැන්ගේ සහාය දෙන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන පක්‍ෂ මන්ත‍්‍රි කණ්ඩායමෙන් ඉල්ලා සිටි අතර එසේ සහාය දෙන ශ්‍රීලනිප සෑම මන්ත‍්‍රීවරයෙකුටම ඉන්ධන සමග වාහනයක් සහ රියැදුරෙකු ලබා දෙන බවත් විරුද්ධ වන මන්ත‍්‍රීවරුන්ට ඒවා ලබා නොදීමටත් එහිදී යෝජනා කර තිබුනා.

මේ අතර ආනයනය කරන ලද මෙම ප්‍රාඩෝ රථ 403 රේගුවේ නීතිරීති වලට පටහැනිව ගෙන්වීම නිසා රඳවා තබාගෙන සිටින බවත් ඇමතිවරයාගේ නියෝග මත දඩ මුදලක්‌ද අය නොකර ආනයනකරුවන්ට මුදාහැරීමට රේගුව කටයුතු කිරිම හරහා රජයට අහිමිවන මුදල රුපියල් කෝටි 322 ක්‌ බව රේගු ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පෙන්වා දෙනවා.

Top