LNN SPY

අයවැය පරදන්න ඒකාබද්ධ මෙහෙයුමක්… සහයට එජාප පසුපෙලත් … පහළොස් දෙනාගේ කණ්ඩායම පෙරමුණ ගනී

ඉදිරි අයවැයේදී ආණ්ඩුව පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සමග පාර්ලිමේන්තුවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු එකඟතාවකට පැමිණ තිබේන බව වාර්තා වේ.

ඒ අතර එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුද සිටින අතර ආණ්ඩුවෙන් ඉවත් වූ පහළොස් දෙනාගේ කණ්ඩායම මේ සඳහා මුලිකත්වය ගෙන කටයුතු කරන බවද වාර්තා වේ.

ඊට අමතරව ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු කිහිප දෙනකුද එළඹෙන අයවැයේදී ආණ්ඩුවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සුළු පක්ෂවලද එකඟතාව හිමි වී ඇති බව පවසන ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ ජනතා විමුක්ති පෙරමුණේ සහයද මේ සඳහා ලබා ගැනිමට ද කටයුතු කරමින් සිටි.

Top