Featured

අයියයි,මල්ලියි බරටම වැඩ – නීතියට පස්ස පෙන්නා ගම්පහ පස් කදු කපයි

වරාය ඇමති අර්ජුන රණතුංගගේ සොහොයුරු හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් රණතුංග මහතා යහපාලනයට මුවාවී ගම්පහ දිස්ති‍්‍රක්කයේ මහා පරිමාණ පස් ජාවාරමක නිරතව සිටින බවට තොරතුරු හෙලිවේ. මෙම පස් ජාවාරම රුවන් රණතුංග මහතා වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ පාතාල නායකයෙකු වන නැදගමුවේ රෝහිත හෙවත්, පස් පොඞ්ඩා නැමැත්තාය.

රුවන් රණතුංගගේ හා පස් පොඞ්ඩාගේ මැදිහත්වීමෙන් මේ වන විට ගම්පහ දිස්ති‍්‍රක්කයේ පස් කදු කීපයක් කැපීම සිදු කෙරෙන අතර, ඒවාට අවශ්‍ය නීතිමය අවසරය පවා ලබාගෙන නැත. අර්ජුන හා රුවන් සෘජුවම මැදිහත්වෙමින් මෙම පස් ජාවාරමට සහාය දෙන බවත්, පොලීසියේ ඉහළ ප‍්‍රධානීන්ට මෙම නීති විරෝධී පස් ජාවාරම නතර නොකරන ලෙස බලපෑම් කරන බවත් වාර්තා වේ. මේ වන විට මිනුවන්ගොඩ යාගොඩමුල්ල, ප‍්‍රදේශයේ පස් කන්දක් සම්පූර්ණයෙන්ම කපා අවසන් වෙමින් පවතින අතර, මේ නිසා ඒ අවට ගම්මාන රැසකට පානීය ජල ගැටඵ ඇතැයි ගැටඵ රැසක් පැන නැගී තිබේ.

IMG_3899222

අර්ජුනගේද සහාය ඇතිව යහපාලනයට මුවාවී රුවන් රණතුංග ගම්පහ පස් කදු කපයි

රුවන් රණතුංගගේ ප‍්‍රබල ආධාරකරුවෙකු වන නැදගමුවේ රෝහිත හෙවත් පස් පොඞ්ඩා නැමැත්තා ස්තී‍්‍ර දුෂණ, මිනී මැරුම්, මත්කුඩු ජාවාරම් ඇතුඵ නීති විරෝධී කි‍්‍රයා ගණනාවකට පොලීසියට අවශ්‍යව සිටින අයෙකි. ඔහු අත් අඩංගුවට ගැනීම සදහා පසුගිය කාලයේ පොලිස් කණ්ඩායම් කිහිපයක්ද යොදවා තිබුනද අර්ජුනගේ හා රුවන්ගේ බලපෑම් හේතුවෙන් ඔහුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොවන බවද ප‍්‍රදේශවාසීහු කියති.

රුවන් රණතුංග හිටපු මන්තී‍්‍රවරයාගේ උවමනාවට පස් පොඞ්ඩා නැමැති පාතාල නායකයා වරායේ රැකියා ලබාදීම සදහා රුපියල් ලක්‍ෂ 4ක මුදලක් ලබා ගන්නා බවටද තොරතුරු වාර්තා වී තිබේ. කිසිදු පරික්‍ෂාවකින් හෝ පූර්ව දැනුම්දීමකින් තොරව වරාය ඇමති අර්ජුන හා වරාය සභාපති ධම්මික නැවීමටද ඔහුට හැකියාව ඇත්තේ ඔවුන් අතර ඇති දුෂිත ගණුදෙනු නිසා බව තතු දත් ආරංචි මාර්ග පවසයි.
අර්ජුන රැුකගැනීම සදහා පසුගිය කාලයේ වරායේ සේවකයන්යැයි කියමින් වරාය අත් පති‍්‍රකා බෙදීමේ කටයුත්තට පාතාල සාමාජිකයන්ගේ ආරක්‍ෂාව ලබාදී ඇත්තේද මෙම පස් පොඞ්ඩා නැමැත්තා බව වරායේ සේවකයෝ කියති.

IMG_3909[1]

IMG_3899222

http://www.lankanewsweb.today/archives/11947

Top