Breaking
1 Feb 2025, Sat

අරලිය ගහ මැදුරට හොරු පනී… ලක්ෂ ගණනක් වටිනා උපකරණ රැසක් අතුරුදහන්..

අරලිය ගහ මැදුරේ තිබු රුපියල් ලක්ෂ ගණනක් වටිනා උපකරණ රැසක් අතුරුදහන් වි ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවර්ණය කළා.අරලියගහ මන්දිරයේ මාධ්‍ය ඒකකය යටතේ තිබූ රජය සතු රුපියල් ලක්ෂ ගණනක් වටිනා “ලැප්ටොප්” වර්ගයේ අලුත්ම පරිගණකයක් ඇතුළු  ඩිජිටල් වර්ගයේ නවීන කැමරා උපකරණ තොගයක් මේ අකාරයට අතුරුදන් වී තිබේ.

අදාළ පරිගණක සහ කැමරා උපකරණ ඇතුළු මේ රාජ්‍ය දේපොළ ලැයිස්තු ගත කර භාර දී තිබෙන්නේ සමන් අතාවුදහෙට්ටි මහතාට වන අතර ඔහු වෙනුවෙන් එම භාණ්ඩ පරීක්ෂා කර භාර ගෙන අරලිය ගහ මැදුරේ උඩු මහලේ කාමරයක ගබඩා කර යතුර භාර ගෙන ඇත්තේ රාජ්‍ය සේවයේ ලිපිකාරිණියක් ලෙස මාධ්‍ය ඒකකයට අනුබද්ධිතව සේවය කරන ශ්‍යාමලී කාරියවසම් විසින් වන අතර අදාළ  සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා දැනුවත් කර ඇති ඇය ඔහු මාර්ගයෙන් අරලිය ගහ මන්දිරයේ සැලසුම් අධ්‍යක්ෂක විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිස්චන්ද්‍ර වික්‍රමසිංහ මහතා හමුවේ පැමිණිල්ලක් ද කර තිබේ.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම්වත් කර කොල්ලුපිටිය පොලිසියේ පැමිණිල්ලක් කළ යුතු බවට යෝජනා කෙරුණු අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හරිචන්ද්‍ර වික්‍රමසිංහ මහතා එම යෝජනාව ප්‍රතික්ෂේප  කර තිබේන අතර අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා යටතේ තිබු එම් උපකරණ අතුරුදහන් විම සම්බන්ධයෙන් බරපතක සැකයක් මතුව තිබේ.

විශේෂයෙන් රටේ අගමැතිවරයා සිටින අරලිය ගහ මන්දිරයේ තිබෙන බඩු භාණ්ඩ මෙසේ අතුරුදන් වන්නේ නම් රටේ ජනතාවගේ බදු මුදල් කොල්ල කන එවුන් ගැන අමතුවෙන් කතා කරන්නට දෙයක් නැත.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.