Featured

අර්ජුන් නිදහස්!සිරිසේන,රනිල් සිවිල් සංවිධාන වලට ඇරලම දායි

මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට එල්ල වී ඇති බැදුම්කර ගනුදෙනු සම්බන්ධ චෝදනා සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මෙම මස තිස් වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම වාර්තාව හරහා යලිත් ඔහුගේ ධුර කාලය දිර්ඝ කිරිමට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සහ සිරිසේන ජනාධිපතිවරයා එකඟත්වයකට පැමිණ තිබේ.

අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ මේ වනවිටත් මෙම ප්‍රශ්නය කෝප් කමිටුව විසින් විගනකාධිපතිවරයට යොමුකොට ඇති අතර මේ සදහා විගනකාධිපතිවරයා ඉල්ලාසිටි තොරතුරු ලබාදීමට මහබැංකුව ක්‍රියා නොකළ බවට චෝදනා එල්ලවුවද මහා බැංකුවේ ස්ථාවරය වුයේ එම දත්ත ලබාගැනීම සිදුකල යුත්තේ නීතීපතිවරයා මගින් බවයි .

කෙසේ වෙතත් එම දත්ත ලබාදීමට මහබැංකුව පසුව එකඟ වූ අතර ඒ සියල්ල මේවනවිට ලබා දී අවසන් බවත් ඒ අනුව විගනකාධිපතිගේ නිරීක්ෂණ ඉක්මනින් ලබාගෙන කෝප් කමිටු වාර්තාව 30 දාට පෙර ලබාදීමට හැකිවනු ඇති බවද අනාවරණය වි තිබේ.

ඒ අනුව සිවිල් සංවිධාන ඇතුලු රනිල් විරෝධින් ගොනාට ඇන්ද විමට රනිල් සහ මෛත්‍රී ඉතාමත් සුක්ෂම අකාරයෙන් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වි ඇති බවත් අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් නැති අර්බුදයක් මවාපාමින් සමාජය කැලබිමට ලක්කර පක්ෂය දෙකඩ කිරිමට සජිත් පිළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව රනිල් පිළේ ප්‍රභලයෙකු අප විශේෂ වාර්තාකරු සමග පසුගියදා අනාවරණය කර සිටියා.

http://www.lankanewsweb.today/archives/11363

 

Top