Breaking
9 Apr 2025, Wed

අර්ජුන මහේනද්‍රන් බේරාගන්න නොනවතින අරගලයක්

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව කෝප් වාර්තා දෙකක් ඉදිරිපත් කිරීමට යන බව වාර්තාවේ. ඒ අනුව මහ බැංකු බැඳුම්කර නිකුතුව නිරවද්‍යතාවයෙන් සිදුවූවායැයි කියන කෝප් සාමජිකයින් පිරිසකගේ වාර්තාවක් සහ එය වැරදි සහගත ගණුදෙනුවක් බව පවසන සාමාජිකයින් කණ්ඩායමකගේ වාර්තාවක් වශයෙනි.

මේ සම්බන්ධයෙන් කෝප් සභාපතිවරයා දරන්නේ මෙවැනි අදහසකි.

“මේ වෙනතුරු එහෙම සාකච්ඡාවක් නම් වෙලා නැහැ. මට පේන හැටියට මේක පැලකරන ලද ප්‍රවෘත්තියක්. මේ පිළිබඳව කෝප් පරීක්ෂණ ආරම්භ කරපු මොහොතේ සිට එක්සත් ජාතික පක්ෂය කෝප් කමිටුවට විවිධ බලපෑම් කළා. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා මේ වගේම ප්‍රකාශයක් මාධ්‍යවලට කියලා තිබුණා. ඒ නිසා අපිට තේරෙන එක තමයි අර්ජුන මහේන්ද්‍රන් බේරාගැනීමට වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරමින් ඉන්නවා කියලා.”

තවද මහ බැංකු ලොක්කන්ගේ ප්‍රතිවිරුද්ද ප්‍රකාශ ගැන පරීක්ෂණයක් සිදුකරන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා වත්මන් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත උපදෙස් දී තිබේ.

කෝප් කමිටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සිය මිතුරා චෝදනාවෙන් නිදහස් කර ගැනීම සඳහා කෝප් සාමාජිකයින්ට පෞද්ගලිකව දුරකතන ඇමතුම් ලබාදෙමින් සාකචඡා කරන බවයි.

මහ බැංකුවේ බැඳුම්කර ගණුදෙනුවට චොදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේනද්‍රන් බේරාගැනීමට එක්සත් ජාතික පක්ෂය නොනවතින අරගලයක නිරත වෙමින් සිටින බව මේ කරුණුවලින් තහවුරු වන බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.