LNN SPY

අරුන්දික ආණ්ඩුවට යන්න් පාරක් හොයයි……ප්‍රියංකර,නිශාන්ත ගැටුමෙන් ප්‍රියංකර ආණ්ඩුවට විසිවෙන ලකුණු!

Published on: Dec 14, 2017 –වැඩ්ඩන් ලෙස ආණ්ඩුවෙන් එලියට විත් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයන් බවට පෙනී සිටිමට උත්සහ කල පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු යලිත් ආණ්ඩුවට එකතු කර ගන්න ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත්‍රීපාල පසුපස යමින් සිටින බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ආන්ඩුවෙන් ඉවත් විමෙන් පසුව අවස්ථා ගණනවකදි ජනපති පසුපස ගිය අරුන්දික මැතිවරණය ඉලක්ක කර යලිත් ආණ්ඩුවට එක්විමට උත්සහ දරමින් සිටින අතර ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් බිලී බා ගැනිමට කටයුතු කරමින් සිටින බිලි බොයිස්ලා හමුවු අරුන්දික තමන් යලිත් ආණ්ඩුවට එකතු විමට කැමති බවත් ඒ සදහා ඉහල වරප්‍රසාද සහිත ඇමතිකමක් අවශ්‍ය බවද පවසා තිබේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රියංකර ජයරත්න සහ සනත් නිශාන්ත අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේන බව වාර්තා වේ. ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා විසින් නම්කරන ලද නියෝජිතයන් නාමයෝජනා ලැයිස්තුව සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විසින් කපා දැමිම මෙම අර්බුදයට හේතුව වි තිබේ.

එම අර්බුදය පාදක කරමින් ආණ්ඩුවට එක්විම සදහා ප්‍රියංකර සහ සනත් උත්සහ දරණ බවට තොරතුරු වාර්තා විමත් සමග මෙම අර්බුදය විසඳා ගැනීමට දෙපාර්ශ්වයම මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාගේ කොළඹ පිහිටි නිවසට කැඳවා සාකච්ඡාවක් පවත්වා තිබේ.

Top