Breaking
24 Feb 2025, Mon

අල්පේච්ච සිරිසේන පිලිකන්නේ රෙන අයුරු කැමරාවට හසු වෙයි

ඇල්බට් සිටිසේන නොහොත් අපේ කථාවේ සිරිසේනගේ පියා ගම්පහින් පොලොන්නරුවට මාරු වූයේ වැලේ වැල් නැතුවය. දිසාපතිට ගොට්ට අල්ලා ගොවි ජනපදයේ සලාක බෙදීම අතට ගෙන සිරිසේනලා ගොඩගියේ බව ප්‍රසිද්ධ රහසකි . දේශපාලන බලය ලැබුනු පසු සිරිසේන සහෝදරයන් අත නොගසපු කිසිවක් පොලොන්නරුවේ නොමැත. ගම්මු කියන ආකාරයට පොරෝ පහර නොවන්නට (වැලි රාජුට එල්වූ පොරෝ පහර ) මහවැලි ගග මුහුදට වැටෙන්නේ ත්‍රිකුනාමලයෙන් නොව මඩකලපුවෙනි. මනම්පිටියේ වැලිහෑරීම එතරම් දරුනු විය. වැව් තාවුල්ලේ සිරිසේන හෝටලයට රිසි පරිදි පරාක්‍රම සමුද්‍රයේ සොරොව්ව ඇරියේය. වී ගොවියාට අබම සරණ විය.

කුඹුක් ගස් වලට, කලු ගල් වලට, නිදන් වස්තු වලට, වී ටිකට, වැවට පමනක් නොව ගමේ ගෑනුන්ටද සොරි ඩොට් කොම් විය. ඩඩ්ලි මලයා වෘත්තියෙන් ගුවන් හමුදාවේ විශ්‍රාමික් සාජන් කෙනෙකි. නමුත් විශ්‍රාම ගොස් ජාවාරම් වලින් ඉපයූ මුදල් කොතෙක්දයත් කොලඹ කැසිනො කිං ඔහු විය. කොල්ලුපිටියේ හේලීස් කැසිනෝ ආයතනය වාර්ශිකව ‍තෝරන කැසිනෝ කිං සම්මානය 2014 වසරේ දිනා ගත්තේ ඩඩ්ලි මලයාය. ඒ සදහා අති නවීන බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක් ත්‍යාගය වශයෙන් හිමි විය. පාසි කුඩා වෙරලේ අඩ නිරුවතින් නාන ගෑනුන්ගේ ෆොටෝ ගැනීමට ගොස් ගුටි කෑවේ දහම් පුතාය. ගෑනු හුටපටයකට පොරෝ පහර කෑවේ බාල මලයාය.වෙහෙරක් ගිල්ල යකාට අග්ගලාව කජ්ජක්ද කීවලු.දැන් සිරිසේන සහෝදරයො, පුතාල, බෑනල වල ඉහින කාලේ.

එහෙව් සිරිසේන දැන් ඉන්නේ අන්න සතා, මෙන්න පොල්ල, මං සිල්ගත්තා වගේ. බත් පැකැට් එකට කඩේ යන මාධ්‍යකාරයො සිරිසේන ගැන කොහොමද කියන්නේ… පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන ජනාධිපතිවරයා තවමත් සාමාන්‍ය මිනිසෙකි. ”සාමාන්‍ය සපත්තු කඩයකින් තමන්ට පැළැඳීමට අවශ්‍ය සපත්තු දෙකක් මිලදී ගැනීමෙදී අහම්බෙන් කෑමරාවට හසුව විය. යාපනයට ගිය අවස්ථාවේ වතුර ටිකක් බීමට දමිල මිනිසෙකුගේ කුස්සියට ගොඩවූ අයුරු කැමරා කාචයේ සටහන් වූයේ මෙලෙසිනි.ඉතාලියට ගිය අවස්ථාවේ ගුවන්තොටුපලේ ඉදන් කොච්චියේ සරලව යන හැටි අහම්බෙන් කැමරා වේ සටහන් විය”. තව හොද හොද ෆොටෝ ගොඩක් ඉස්සරහදී අහම්බෙන් කැමරාවට හසු වෙන්ඩ තියෙනව. සරල සිරිසේන පිලිකන්නේ රෙන අයුරු, සරම උස්සා චාම් අයුරින් හුජ්ජ කරන අයුරු වැනි අල්පේච්ච ලීලාවේ බඩු ඉස්සරහට එනව.

විශේෂ ලියුම්කරු කීර්ති රත්නායක

සම්බන්ධිත කතාව – Exclusive:සදලුතලේ සිට ජනතාවට සරම ඉස්සූ ,අසූචි තැම්බකින් පතන රෝස පුසුඹ නොහොත් සිරිසේනගේ පැටිකිරිය

SIRISENA_GEE

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.