Breaking
25 Feb 2025, Tue

අලියාට මුක්කු ගහපු මෛත‍්‍රීලා, දුමින්දලා පාක්‍ෂිකයන්ගෙන් සමාව ගනු

එකාබද්ධ විපක්‍ෂය වෙනම තරග කළහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන එන මං නොමැති වන බවත් පක්‍ෂය අද පත්ව ඇති තත්වයට වග කිවයුත්තේ 2015 ජනවාරි 08 වන දා එක්සත් ජාතික පක්‍ෂය සමඟ මුක්කු ගැසූ පුද්ගලයන් බවත් ඔවුන් පාක්‍ෂිකයන්ගෙන් සමාව ගත යුතු බවත් එකාබද්ධ විපක්‍ෂයේ කැදවූම්කරු පාර්ලිමේනතු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

අද (06)උඩුගම්පල ප‍්‍රසන්න රණතුංග මන්ත‍්‍රීවරයාගේ නිවසේ පැවති. මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කරේය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ රණතුග මහතා. මෙසේද කිවේය.

‘‘පාද යාත‍්‍රාවෙන් පස්සේ රතු අලි පැටවු වගේම නිල් අලි පැටවුනුත් කලබල වෙලා කෙතරම් බය වෙලාද කියනවානම්. පාද යාත‍්‍රාව පිළිබඳව විවිධ මැසිවිලි නගනවා. ඔවුන් ඉලක්ක කර ගෙන තිබෙන්නේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ එකාබද්ධ විපක්‍ෂයේ අපවයි. මැතිවරණයෙන් පරාජයට පත්වී පස්සා දොරෙන් ඇමතිවරයෙකු වූ පුද්ගලයෙකු මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රභාකරන්ට සමාන කර තිබුනා. මෙවැනි කථාවක් කිව හැක්කේ ජඩයෙකුට පමණයි. මුල අමතක වූ ජඩයෙකුට පමණයි. මෙවැනි ජඩයන්ට ඉදිරි මැතිවරණවලදී ජනතාව උත්තර දෙයි. ගමට ගයාම ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයෝ මේ අයට පොලූ අරන් ගහලා එලවයි. මේ පක්‍ෂයටයි. රටටයි කරපු විනාශයට හැබැයි මේ අයගේ ලැජ්ජා නහර කපලා තියෙන්නේ. ඒ නිසා ජනතාවට අපි කියනවා ඔවුන් නිසි පාඩම් උගන්වන්න.”

“අනුර කුමාර දිසානායක රතු අලි පැටියා කියනවා රනිල්ට වඩා මහින්ද භයානකයි කියලා. රනිල්ගේ බට ලද්දේදි ඝාතනය වුනේ ජනතා විමුක්ති පෙරමුනේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහෝදරවරු යුද්ධයේදි මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පරාජය කලේ කොටි ත‍්‍රස්ථවාදීන් එතකොට රතු අලි පැටියා කියන්නේ කොටි ත‍්‍රස්ථවාදය පරාජය කරපු එක වඩා භයානකයි කියලාද දේශපාලන වශයෙන් රතු අලි පැටියට මහින්ද භයානකයි තමයි. මොකද මේ අය රැුකෙන්නේ එක්සත් ජාතික පක්‍ෂය නිසා රතු අලි පැටවු රැකෙන්නේ රනිල්ගේ පිහිටෙන් නායකයන්ට එහෙම වුනත් ජනතා විමුක්ති පෙරමුනේ ගමේ සාමාජිකයන් එහෙම නෑ. ඒ නිසා මේ රතු අලි පැටියා මේ වගේ ප‍්‍රකාශ කරන්නේ ඉදිරියේදි එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් විමේ අභිලාශයෙන් දැයි අපිට සැක මතු වෙනවා. දාලා තිබෙන ඞීල් වල හැටියට ඒක එහෙම නොවෙන්නත් බෑ.”

අද හැමෝම කථා කරන්නේ මහින්ද ගැන පාද යාත‍්‍රාව ගැන බනින්නේ රාජපක්‍ෂලාට මේ හැම දේම කරන්නේ මහින්දගේ ප‍්‍රතිරූපය බිදින්න. 2015 ජනවාරි 08 රටට බොරු වපුරලා බලය ගත්ත උදවිය වැඩ කරනවා වෙනුවට කරන්නේ තවමත් බොරුවෙන් ජීවත් වෙන එකයි. බොරුවෙන් රට කරන්න බෑ කියලා ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතුයි.

සන්ධානයේ මහා ලේකම් කියනවා පාද යාත‍්‍රාවෙන් වැඩිපුරම සතුටු වුනේ යූ.එන්.පී එක කියලා. එතුමාට වැරදිලා මුලූ රටම අපත් සමග පාද යාත‍්‍රාවට එකතු වූනේ මේ ආණ්ඩුවට විරුද්ධව පාද යාත‍්‍රාව ආණ්ඩුවට අභියෝගයක් අද කඩා වැටිලා තිබෙන් මේ ආණ්ඩුව රකින්නේ නිල් අලි පැටව්. සංන්ධානයෙන් තරඟ කරලා රනිල්ගේ තුරුලට ගිහිල්ලා අද රෙදි නැතිව ආණ්ඩුවට කඬේ යන්නේ නිල් අලි පැටව් මේ නිල් අලි පැටව් කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ කොන්ත‍්‍රාත්තුව ඉටුකිරීමක්. මේක පුදුම විහිළුවක් රනිල් සමග යහන්ගත වෙමින් අපට චොදනා කිරීම ලබන බදාදා, බ‍්‍රහස්පතින්දා වෙනකොට වැට් සංශෝදන පනත පාර්ලිමේන්තුවට එනවා එදාට නිල් අලි පැටව් මොකද කරන්නේ. රතු අලි පැටව් මොකද කරන්නේ. මේ පනතට පක්‍ෂව ඡන්දය දුන්නොත් නිල් අලි පැටවුන්ට රතු අලි පැටව්ට ගමට එන්න දෙන්න එපා.

ප‍්‍රශ්නය –
සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයාගේ පක්‍ෂ සාමාජිකත්වය අත්හිටු වීම ගැන එකාබද්ධ විපක්‍ෂය මොකද කියන්නේ

උත්තරය –
මේක හරිම අසාධාරණයක් සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා පුත්තලම දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප ගත්ත මන්ත‍්‍රීවරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය කරන වැරැද්දක් තමයි. ජනතා ආකර්ෂණය තිබෙන මන්ත‍්‍රීවරුන්ගෙන් පලි ගැනීම. සනත්ගේ පක්‍ෂ සමාජිකත්වය අහෝසි කිරීම වක‍්‍රරාකාරව එක්සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය දේ ඉටු කිරීමක් අපි ඊට එකඟ නෑ. මෛත‍්‍රී ජනාධිපතිවරයා පොදු අපේක්‍ෂකයා වෙලා ඉදිරිපත් වීම හරහා පක්‍ෂය කැඩුනා පාර්ලිමේන්තු මැතිවරණයේදි මහින්ද මහත්තයා දිනන්න තිබිච්ච වෙලාවේ අගමැති ධුරය දෙන්නේ නෑ කියලා පක්‍ෂ ලේකම්වරුන්ව ඉවත් කරලා කරපු කුමන්ත‍්‍රණයෙන් අපේ ජයග‍්‍රහණය ආපස්සට හැරුනා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ බලය තිබුණු පලාත් පාලන ආයතන විසුරවලා එක්සත් ජාතික පක්‍ෂයට වාසි දායක තත්වයක් ඇති කළා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කරන්නේ වර්තමා එහි නායකයෝයි. ඔවුන්ට ඒ පාපයෙන් මිදෙන්න බෑ සනත්ලව අපි අයින් කරලා මේ අයට පක්‍ෂයට රැක ගන්නනම් බෑ සිදුවන්නේ පක්‍ෂය විනාශ වීමයි.

ප‍්‍රශ්නය –
හැබැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගෙනාවේ. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියලයි. ඔවුන් කියන්නේ.

පිලිතුර –
පක්‍ෂයට තියා රටටවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගේන්න අද පක්‍ෂ නායකයින්ට බැරි වී තිබෙනවා. අපේ පක්‍ෂයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්‍ෂ යුගයයි. එදත් අපේ පක්‍ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුනා. මේ පක්‍ෂය බෙදීම ආරම්භ වුනේ 2015 ජනවාරි 08 මහා මැතිවරණයෙන් පස්සේ මෙනම මධ්‍යම කාරක සභා තිබ්බා අද කිඹුල් කඳුළු හෙලලා වැඩක් නෑ පක්‍ෂය විනාශ කලේ එගොල්ලොයි.

ප‍්‍රශ්නය. –
ඔබ කියන්නේ විනය ක‍්‍රියාමාර්ග ගැනීම වැරදියි කියලාද

පිලිතුරු –
මුලින්ම විනයක‍්‍රියාමාර්ග ගත යුත්තේ 2015 ජනවාරි 08 වන දා අපේ පක්‍ෂයේ අපේක්‍ෂකයාට එරෙහිව ප‍්‍රසිද්ධියේ කටයුතු කළ අයටයි. පොදු අපේක්‍ෂකයාට සහාය දුන් අයටයි. එදා පක්‍ෂ නායකයින් එක්ක කටයුතු කරලා අද පක්‍ෂ නායකයාව පිලිගන්නේ නෑ කියූ පමණින් ඔවුන්ට එරෙහිව විනය පරීක්‍ෂණ පැවැත්වීම වැරදියි.

ප‍්‍රශ්නය –
ඔබලා ඉදිරියේදි තරඟ කරන්නේ වෙනමද?

පිලිතුර –
මේ අපිව තල්ලූ කරන්නේ එතනට විය හැකියි. අපි තවම තීරණයක් අරගෙන නෑ වෙනම තරඟ කරනවාදැයි කියලා. හැබැයි අපි වෙනම තරඟ කලොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට යන එනමං නැතිව යනවා. අපේක්‍ෂකයෝ හොයා ගන්න බැරිව යනවා. මම දැන් ඉන්න පක්‍ෂ නායකයින්ට කියනවා ඔවුන් ඇත්තටම පක්‍ෂයට ආදරෙයි නම් මේ සැලකිලිමත් වෙන්න කියලා අපිට සැකයක් තිබෙනවා අපේ පක්‍ෂයේ නායකයෝ මේ ඉටුකරමින් තිබෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ උවමනාවදැයි කියලා මොකද එකසත් ජාතික පක්‍ෂය අවශ්‍යතාවය වෙන්න පුළුවන් අපේ පක්‍ෂයේ ප‍්‍රසිද්ධ ජනතාවගේ ආකර්ශණය දිනාගත් නයකයන්ගෙන් මේ විදිහට පලි ගැනීම

ප‍්‍රශ්ණය –
ඔබේ පක්‍ෂ මහා ලේකම් කියනවා. ඔබ ඇතුළු කණ්ඩායම මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගෙන් සහා පක්‍ෂයෙන් සමාව ගත්තොත් තවදුරටත් පක්‍ෂය තබා ගැනීම පිළිබඳව සලකා බැලිය හැකියි කියලා

පිලිතුර –
අපි මොකක්ද මේ පක්‍ෂයට කරලා තිබෙන වැරැද්ධ අපි වැරැද්ධක් කරලා නෑ පක්‍ෂන් සමාව ගන්න වැරැද්ධ කලේ අද ඔය පක්‍ෂයේ ඉහල තනතුරු දරණ අය ඔවුන් ජනවාරි 08 වෙනිදා ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට බරපතල වරදක් කලා ඒ නිසා එදා අපේ පක්‍ෂය පවා දීපු අද රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුවට මුක්කු ගසා සිටින නිල් අලි පැටව් අපේ පාක්‍ෂිකයන්ගෙන් සමාව ගත යුත්තේ ඔවුන් මිස අප නොවේ. අපේ පක්‍ෂයේ අපේක්‍ෂකයාට විරුද්ධව වෙනත් පක්‍ෂ වලට එකතු වෙලා තරඟ කරලා නැවත අපේ පක්‍ෂයේ බලය උදුරාගත් අය මුලින් පාක්‍ෂිකයන්ගෙන් සමාව ගත යුතුමයි.

ප‍්‍රශ්ණය –
ආණ්ඩුව කියනවා අවුරුදු 5 ක් බලයේ ඉන්නවා කියලා. ඔබලා මොනවා කළත් වැඩක් නෑ නේ.

පිළිතුර –
මේ ආණ්ඩුව අවුරුදු 02 ක දීගෙක ඉන්නේ හැම ආණ්ඩුවක්ම බලයේ ඉන්නකොට කිව්වේ අපිව වට්ටන්න බෑ අපි බලයේ ඉන්නවා කියලයි. හැම බලයකටම වඩා ප‍්‍රබලයි ජනතාවගේ බලය අපි මේ ආණ්ඩුවට වැඩි කල් නටන්න දෙන්නේ නෑ. ජනතා බලවේගය හරහා මේ ආණ්ඩුව ඉක්මනින්ම එලවා දමනවා. එදාට මේ ආණ්ඩුව බේරගන්න අද වලි කන රතු, නිල්, අලි පැටවුන්ටත් යන එනමං නැතිවේවි.

ප‍්‍රදීප් අනුර කුමාර.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.