Breaking
23 Feb 2025, Sun

අලි පෙන්වා කෝටි 26කට කෙලවු කෙලවිල්ල ගැන සොයන්න ජනාධිපති කොමිසමක්!

2007 වසරේදි දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 26.5 වැය කිරීම මගින් විශාල මුදල් වංචාව සම්බන්ධයෙන් වහාම ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස “සුරකිමු සිරිදළදා” ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි.

සාමාන්‍ය විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් එකහාමරත් අතර මිලකට අලියෙකු මිලදී ගැනීමට හැකියාව තිබියදීත් ඉන්වොයිස් පත්‍රවල අලියාගේ වටිනාකම රුපියල් කෝටි 26.5 ක් ලෙස දක්වා මෙම ගණුදෙණුව සිදු කර ඇති බවයි විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායකගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව අනාවරණය කොට ඇත්තේ.

රේගු දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කළ සමන්ත ගුණසේකර විසින් කළ පැමිණිල්ලකට අනුව මෙම ඒක පුද්ගල කමිටුව අදාළ විමර්ශනය සිදු කර ඇති අතර මෙම වංචාව පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු සියළු දෙනාට දඬුවම් නියම කිරීමටද නිර්දේශ කොට සිය වාර්තාව අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වෙත යොමු කර තිබේ.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවට 2007 දී මියන්මාර් රජයෙන් පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනකු වෙනුවෙන් කෝටි විසිහයහමාරකට අධික මුදලක් වැය කරමින් වංචාවක් සිදු කර ඇති බව හෙළිකරමින් විමර්ශන කමිටුවක් විසින් දී ඇති වාර්තාවක් වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා විසින් පාර්ලිමේන්තුවට යොමු කොට ඇත.

විවෘත වෙළඳ පොළෙන් රුපියල් කෝටියත් කෝටි එකහමාරත් අතර මිලකට අලියකු මිලදී ගැනීමට හැකියාව තිබියදි මියන්මාර් රජයෙන් පරිත්‍යාග කළ ඇතුන් දෙදෙනා යොදා ගනිමින් මහා පරිමාන දූෂණයක් සිදු කර ඇති බවට “සුරකිමු සිරිදළදා” ජාතික ව්‍යාපාරය චෝදනා කරනවා.

නොමිළේ ලැබුනු සතුන් වෙනුවෙන් ලක්ෂ දෙදහස් හයසිය පහළොවකට අධික මුදලක් වැය වූ බව සඳහන් ලදුපත් “ව්‍යාජ ඉන්වොයිස්” බව “සුරකිමු සිරිදළදා” ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු බස්නායක නිලමේ රසික සුදන්ත සේනානායක එම මාධ්‍ය හමුවකදී අනාවරණය කළා.

එවැනි මුදලක් අයවීමට නොමැති බව මියන්මාරයේ තානාපති නිව්ටන් ගුණරත්න තමන් හා ප්‍රකාශ කළ බව කී ඔහු මේ පිළිබඳව සොයා බැලිමේදී මෙරටින් මුදල් පිට කර ඇති බවත්, එම වංචාවට පසුගිය රාජපක්ෂ රජයේ ප්‍රධාන නිලධාරියකුත් මෙයට සම්බන්ධ බවත් කියා සිටියේය.

ව්‍යාජ රිසිට් පත් කරමින් වංචාවක් කර ඇති බවට විනිසුරු විමල් දිසානායක කමිටුව ඉදිරියේ හෙළිදරව් වී ඇති බව පවසන සුරකිමු සිරිදළදා සභාපතිවරයා මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති පොලිසිය, රේගුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇතුළු වෙනත් ආයතන විසින් තවදුරටත් විමර්ශන පවත්වා චෝදනාවට අදාළ පුද්ගලයන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කරන ලෙස ඉල්ලා ඇති බවද සදහන් කළේ.

කෙසේවෙතත් ලෝකයේ පවතින ජාත්‍යන්තර සම්මුතින් හා සත්ව නීතිය අනුව රටකින් රටකට හෝ සත්වෝද්‍යානයකින් සත්වෝද්‍යානයක අලි ඇතුන් ලබා ගත හැක්කේ හුවමාරු කිරීමක් හෝ පරිත්‍යාග කිරීමක් වශයෙන් බවත් ඒ සඳහා ගණුදෙනුවක් සිදු කළ නොහැකි බවත් ශ්‍රි දළදා මාලිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පසුගියදා ප්‍රකාශයක් කර තිබුනා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.