Breaking
25 Feb 2025, Tue

අලී හොරා රනිල්ගේ ගෝලයා ලසන්තගේ පැටිකිරිය මෙන්න

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉහළ නිර්දෙශ මත ලංකාපුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ලෙස පත්කල ඵක්සත් ජාතික පක්ශයේ කෟත්‍යාධිකාරි මණ්ඩල සාමාජික ලසන්ත ගුණවර්ධන අදාළ තනතුර සදහා සුදුසුකම් සපුරා නැති බව කියමින් ඉවත් කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබියදි පවා අගමැතිවරයාගේ බලපෑම් මත එම තනතුරු රැදි සිටින ආකාරය පිළිබඳව අප මීට පෙර අනාවරණය කළා.

හොරුන් රජ කිරිමට සමත් වු යහපාලනයේ නිරුවත හෙලිකරමින් පිවිතුරු හෙළ උරුමයේ  ජාතික සංවිධායක මධු මාදව අරවින්ද,  ප්‍රචාරක ලේකම්නීතිඥ තුෂාර දිසානායක, පරිපාලන ලේකම් උපුල් කෝනාර යන මහත්වරුන් විසින් ලංකාපුත්‍ර බැංකුවේ සභාපති තනතුර දැරූ ලසන්ත ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාරදුන් අතර ඒ පිලිබඳ විස්තරාත්මක කරුණු සහ සාක්ෂි අඩංගු පිටු 123 කින් යුත් වාර්තාවක්  ද ඒ සමග භාර දෙන ලදී.

ලසන්ත ගැන කල අනාවරණය –ලසන්ත ඉවත් කිරිම ගැන රනිල් කීපේ – කුමන්ත්‍රණකාරයන්ට අනතුරු අගවයි

(අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදෙන ලද ලිපිය පහතින්)

2016 නොවැම්බර් 4 දින

අධ්‍යක්ෂ ජනරාල්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව

අංක 36  මලලසේකර මාවත

කොළඹ 07

ගරු අධ්‍යක්ෂ ජනරාල්තුමනි,

ලංකාපුත්‍ර බැංකුවේ සභාපතිවරයාගේ දූෂණ

2015 පෙබරවාරි 12 දින සිට 2016 සැප්තැම්බර් 02 දින දක්වා ලංකාපුත්‍ර බැංකුවේ සභාපති තනතුර දැරූ ලසන්ත ගුණවර්ධන මහතා නීති විරෝධිව තනතුරේ රැඳී සිටීම ඇතුළු දූෂණ ගණනාවකට වගකිව යුතු බව අපගේ නිරීක්ෂණයයි.  ඒ පිලිබඳ විස්තරාත්මක කරුණු සහ සාක්ෂි අඩංගු පිටු 123 කින් යුත් වාර්තාවක් මෙම ලිපියට අමුණා ඇත.

  1. 2016 මාර්තු 24 දින ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ විසින් ලිපියක් එවමින් 1988 අංක 30 දරණ බැංකු පනතේ 76(ඌ) වගන්තිය යටතේ ලසන්ත ගුණවර්ධන මහතා බැංකුවේ සභාපති ධූරය දැරීමට නුසුදුස්සෙකු බවට දන්වා ඇත (ඇමිණුමේ පිටු අංක 1). එසේ දන්වා තිබිය දී ඔහු මහ බැංකුවේ නියමයන් නොසලකා 2016 සැප්තැම්බර් 2 දින දක්වා නීති විරෝධිව බලහත්කාරයෙන් සභාපති ධූරයේ රැඳී සිටින ලදී.  ඔහු සිය අභියාචනය දින 14ක් ඇතුලත ඉදිරිපත් කිරීමට අසමත් වූ හෙයින් අභියාචනයට පිලිතුරක් ලැබෙන තෙක් රැඳී සිටීමට ද ඔහුට අයිතියක් නොතිබුණි.
  2. භාණ්ඩාගාර චක්‍රලේඛ උල්ලංඝණය කරමින් රු 150,000ක අතිරේක මාසික දීමනාවක් සභාපතිවරයාට අනුමත කර ගෙන ඇත. කළමනාකරණ මණ්ඩලයේ සිටින භාණ්ඩාගාරයේ නියෝජිතයින් ද මීට විරුද්ධත්වය පා නැත  (ඇමිණුමේ පිටු අංක 60).
  3. මහ බැංකුව විසින් අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කර තිබිය දී තුවාන් රීසා හමීඩ් ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙස පත් කර කටයුතු කර ගෙන යයි. අධ්‍යක්ෂවරයෙකු අඛණ්ඩව අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වලට සහභාගි නොවුණොත් තනතුර අහිමි විය යුතු නමුත් හමීඩ් එසේ අඛණ්ඩව රැස්වීම් වලට නොපැමිණියත් තනතුර අහිමි කර නැත. (ඇමිණුමේ පිටු අංක 119).
  4. බැංකු පනතේ 12(1)(අ) වගන්තිය උල්ලංඝණය කරමින්මහ බැංකුවේ අවසරයකින් තොරව අකුරැස්සේ සහ තඹුත්තේගම ශාඛාවන් දෙකක් පවත්වා ගෙන යෑම.
  5. කෝප් කමිටුවේ දී හෙලි වුණු පරිදි බැංකුවේ කාර්ය සාධනය ඉහළ මට්ටමක පවතින බව පෙන්වීමට වෙන්නප්පු ශාඛාවේ ව්‍යාජ ණය සහ තැන්පතු නිර්මාණය කිරීමට කටයුතු කර ඇත. මේ පිලිබඳ පරීක්ෂණ පැවැත්වූ නිලධාරින්ගේ වැඩ තහනම් කර සහ ස්ථාන මාරුවීම් ලබා දී පරීක්ෂණ කඩාකප්පල් කර ඇත  (ඇමිණුමේ පිටු 91 සිට 108 දක්වා).
  6. මහ බැංකු රෙගුලාසි අනුව සභාපති ධූරය විධායක තනතුරක් නොවුණත් හිටපු සභාපතිවරයා ප්‍රසම්පාදන කමිටු සහ සම්මුඛ පරීක්ෂණ කමිටු ඇතුළු කමිටු ගණනාවක කටයුතු කර ඇත.
  7. කෝප් කමිටුවේ දී හෙලි වුණු කරුණු අනුව හිටපු සභාපතිවරයා විසින් නියමිත සුදුසුකම් නොමැතිව විශාල පිරිසකට රැකියා ලබා දී ඇත. කාවින්දි ලක්සලා (සේවක අංක 269), සංජීව රුවන් කුමාර (සේවක අංක 276), සුපුන් කන්නන්ගර, යුරේෂ් ඉන්දික රණසිංහ සහ රංගන අබේසිංහ යන සේවකයින් ඒ අතර වේ.  එමෙන්ම සභාපතිවරයාට අයත් රේ ඉලෙක්ට්‍රෝනික්ස් ආයතනයේ සේවකයින් සහ පාඨමාලා හැදෑරුවන් විශාල පිරිසක් මෙසේ රැකියා ලැබූ අය අතර සිටිති  (ඇමිණුමේ පිටු අංක 24 සිට 47 දක්වා).
  1. හිටපු සභාපතිවරයා සුදුසුකම් නොසලකා අයථා උසස්වීම් ලබා දීමට ද කටයුතු කර ඇත. එක් නිලධාරිනියක් සම්මුඛ පරීක්ෂණයෙන් ලකුණු 85.44ක් ලබා සිටිය දී ලකුණු 54.55ක් පමණක් ලබා ගත් උදායී රණතුංග ජ්‍යෙෂ්ඨ කළමනාකරු තනතුරට උසස් කර ඇත.  එමෙන්ම තමන්ගේ පෞද්ගලික සහකාර ලෙස කටයුතු කරන සතිර සරත්චන්ද්‍රට බැංකු සහකාර තනතුරේ සිට විධායක නිලධාරි තනතුරකට ශ්‍රේණි තුනක උසස්වීමක් එක වර ලබා දී ඇත (ඇමිණුමේ පිටු අංක 50 සිට 53 දක්වා).
  1. බැංකුවේ නීති අංශ ප්‍රධානියා පොලොන්නරුවට මාරු කර යවා ගාමිණි පිටිපන සමාගම් ලේකම් සහ නීති අංශ ප්‍රධානි ලෙස බඳවා ගෙන ඇත.
  2. සභාපතිවරයාගේ අනුබලය සහ ආරක්ෂාව යටතේ ජාතික සේවක සංගමයේ ප්‍රධානින් බැංකුව තුල මැර බලය පතුරා ඇත. උදායී රණතුංග විසින් මානව සම්පත් ජ්‍යෙෂ්ඨ කලමනාකාරවරියටතර්ජනය කිරීම පිලිබඳ සභාපතිට පැමිණිලි කළ ද කිසිම ක්‍රියා මාර්ගයක් නොගත් හෙයින් නුගේගොඩ පොලීසියට පැමිණිලි කර ඇත.

ලංකාපුත්‍ර බැංකුවේ හිටපු සභාපති ලසන්ත ගුණවර්ධන මහතා විසින් සිදු කර ඉහත දක්වා ඇති බරපතල වංචා සහ දූෂණ පිලිබඳ කඩිනමින් විභාග කරන මෙන් අපි ඉල්ලා සිටිමු.  මෙකී දූෂණ පිලිබඳ කඩිනමින් විමර්ශනය කර නීති ක්‍රියා මාර්ග ගැනීමෙන් අල්ලස් කොමිසමේ අපක්ෂපාතිත්වය පිලිබඳ සමාජයේ මතු වී ඇති කුකුස විසඳීමට ද පිටිවහලක් වනු ඇතැයි අපි විශ්වාස කරමු.

 

මීට

මධු මාදව අරවින්ද          නීතිඥ තුෂාර දිසානායක              සුගීශ්වර බණ්ඩාර           උපුල් කෝනාර

ජාතික සංවිධායක           ප්‍රචාරක ලේකම්                          විදේශ ලේකම්               පරිපාලන ලේකම්

 

 

 

 

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.