Featured

අලුත් අවුරුද්දට මෛත්‍රී පිළෙන් දැලක් එලයි

ඒකාබද්ධ විපක්ෂයේ මැයි දිනට කඩාකප්පල් කිරිම සදහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිළ අවුරුදු මේහෙයුමක් ආරම්භ කර තිබේ.එම මෙහෙයුමට අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා,සන්ධාන මහ ලේකම්වරයා ඇතුලු බත් බැලයන් කිහිප දෙනෙකු මේ අලුත් අවුරුද්ද උදාවිමත් සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභලයන් හමුවිමටත් ඔහු සමග නිවසටම ගොස් කතා බහ කර ඔහුන් සමග වැඩි සබඳතාවයක් ඇති බව පෙන්වා එම හමුවිම්වලට මාධ්‍ය හරහා වැඩි ප්‍රචාරයක් ලබාදිම එම මෙහෙයුම වේ.

ඒකාබද්ධ විපක්ෂය ඉතා ඉකමනින්ම දියකර නොහැරිම ජාතික ආණ්ඩුවේ පැවැත්මට අහිතකර වන හෙයින් එම තත්ත්වය යම් ප්‍රමාණයකට වෙනත් දිශාවකට යොමු කිරිම සදහා ජාතික ආණ්ඩුවේ කාලසිමාව ඉක්මනින්ම අවසන් වන බව සමාජගත කිරිම මෛත්‍රී පිළ හරහාම සැදිමද මෙම මෙහෙයුමේම කොටසක් වි තිබේ.පසුගියදා හදිසියේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මහින්ද රාජපක්ෂගේ හමුදාඅ ආරක්ෂාව ඉවත් කිරිමට එරෙහි විමද මෙම රංගනයේම කොටසක් වි තිබේ.

පසුගියදා කැබිනට් රැස්විමෙන් අනතුරුව ශ්‍රිලනිපයේ මෛත්‍රී පිළේ විස්වාසවන්තයන් ලෙස සලකන කණ්ඩායම හා මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එම සාකච්ඡාව අවසානයේ මෙම මෙහෙයුම සම්පුර්ණයෙන්ම නව සන්ධාන මහා ලේකම් මහින්ද් අමරවිර හරහා ක්‍රියාත්මකක් කිරිමට එකඟතාව ඇති කර ගෙන තිබේ.

ජාතික ආණ්‌ඩුවේ ආයුෂ 2017 වසරේදී අවසන් වන බවත්, එක්‌සත් ජාතික පක්‍ෂ රජයක්‌ යටතේ සිටීමට තමා කැමැති නැති බවත් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර පසුගියදා කල ප්‍රකාශයද මෙම මෙහෙයුමේම කොටසකි.

පසුගිය 9 වැනිදා මාතලේ සේසත හෝටලයේ පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ නියෝජිත බල මණ්‌ඩල හමුවට එක්‌වෙමින් මහින්ද අමරවිර සදහන් කළේ

“ජාතික ආණ්‌ඩුවේ ආයුෂ 2017 වසරේදී අවසන් වෙනවා. එක්‌සත් ජාතික පක්‍ෂ රජය යටතේ ඉන්න මමත් කැමැති නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂ පාලන යුගවලදී ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන්ට අපමණ දුක්‌ ගැහැට, හිංසා පීඩා විඳින්න සිදු වුණා. අමතක නැහැ ඒ යුගය. අපි යහ පාලනයට එක්‌ වුණේ අපේ පාක්‍ෂිකයන්ට වන හිරිහැර පීඩා තාඩන පීඩනවලින් මුදා ගන්න බවයි”

Top