Featured

අලුත් පක්ෂ හදන්න ඔනෑ නෑ හිටං….සිරිසේන මිටරය ආපස්සට

නව දේශපාලන පක්ෂයක් සැදිමට හදිසි නොවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශ්‍රීලනීප බත් බැලයන් කිහිප දෙනෙකුටම දැනුම් දි තිබේන බව අප දේශපාල වාර්තාකරු සදහන් කළා.

ඊයේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මතා නැවත වරක්‌ එම ධුරයට පත් නොකරන ලෙස සහ ඔහුට විරෝධය පළ කිරීම සඳහා කිසිදු දැනුම්දිමකින් තොරව එකවරම විශාල ජනතාවක් සමග ඒකාබද්ධ විපක්‍ෂය කොළඹ කොටුවේ උද්ඝෝෂණය කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊයේ (24 වැනිදා )සවසම ශ්‍රීලනීපයේ බත් බැලයන් සිය නිවසට ගෙන්වා ප්‍රශ්ණ කර තිබේන අතර එම සාකච්ඡා අතරතුරදි ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ.

සාකච්ඡාව අතර මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්ෂයක් සෑදිම කල් යමින් තිබේන බවත් ඊට ප්‍රධානතම හේතුව ඒකාබද්ධ විපක්ෂය තුල විවිධ මත පැවතිම බවත් එම කණ්ඩායම පෙන්වා දි ඇති අතර කෙසේවෙතත් තත්ත්වය මොනතරම් බරපතල වුවත් මහින්ද රාජපක්ෂ් මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර නව පක්ෂයකට නායකත්වය දිමට කිසිසෙත්ම කටයුතු නොකරනු ඇති බවයි.

එම සාකච්ඡා අතරතුර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ…”ඔය පක්ෂ හදන්න මහින්ද මහත්තයා හදිසි වෙන්න ඔනෑ…කියලා කියන්න හිටං…”යනුවෙනි…

මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි නොකල යුතු බවට තීරණයක්ද ගෙන තිබේන බව අප වාර්තාකරු සදහන් කළා.විධායක ජනාධිපති ධුරයේ බලතල සම්පුර්නයෙන් අහෝසි නොකර සිටීමටත් මැතිවණ ක‍්‍රමය පලමුව වෙනස් කිරීමටත් එහිදී තීරණය කර තිබේ.

මේ අතර මෛත්‍රීපාල සිරිසේනගෙන් ප්‍රධාන ඇමැති වරම ගෙන මහින්ද රාජපක්ෂට බැණවදිමින් සිටි බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය 360කින් කැරකැවි තිබේ.

ගමේ මිනිස්‌සු තාම මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තොරව හිත හදාගන්න කැමති නැහැ බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ප්‍රධාන ඇමැති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ (24 දා) පැවසුවා.

“ගමේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයා තවමත් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කියන සත්‍ය අකමැත්තෙන් වුවත් අපිට පිළිගන්නට සිදුවෙලා……ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තාමත් මහින්ද මහතා සමඟ සිටියත් ඔවුන් අපි සමඟ සහයෝගයෙන් වැඩ කරනවා”

එදා මැයි දිනයේදී ගාල්ලට පැමිණියෙත් කිරුළපනට පැමිණියේත් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් බවද දෙගොල්ලොම එකතු වුවහොත් තුනෙන් දෙකක බලයකින් ජයගත හැකි බවද කී මහ ඇමැතිවරයා ඉදිරියේදී අපි සියලු දෙනාම එකතු වී මැතිවරණයට මුහුණ දෙන බවද කියා සිටියේය.වැඩි කාලයක්‌ යාමට පෙර ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌වන බවද දේවප්‍රිය මහතා පැවසීය.

Top