Breaking
24 Feb 2025, Mon

අවජාතක පිංපියන්ට රණවිරුවන් බිල්ලට දෙන්න දෙන්නේ නෑ

ජාතික නිදහස් පෙරමුණ අද(06) ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන්ට විරුද්ධව කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය. දිවයිනේ සතර දෙසින් ලිප්ටන් වටරවුමට රැස් වූ දසදහසකට ආසන්න ජාතික නිදහස් පෙරමුණේ සාමාජික පිරිස කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට පා ගමනින් ගොස් සිය දැඩි විරෝධය පළ කර සිටියහ.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, ප‍්‍රධාන ලේකම් ප‍්‍රියන්ජිත් විතාරණ, නියෝජ්‍ය සභාපතිවරු වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක, හිටපු අමාත්‍ය පියසිරි විජේනායක, ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර, ප‍්‍රචාරක ලේකම් මොහොමඞ් මුසම්මිල්, නියෝජ්‍ය ලේකම්වරු වන පළාත් සභා මන්ත‍්‍රී නිමල් පියතිස්ස, පළාත් සභා මන්ත‍්‍රි නිමල් පේ‍්‍රමවංශ, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි සමන්සිරි හේරත්, නීතිඥ කපිල ගමගේ, දේශපාලන මණ්ඩල සභිකයෝ වන පාර්ලිමේන්තු මන්ත‍්‍රි උදය ශාන්ත ගුණසේකර, පාර්ලිමේන්තු මන්ත‍්‍රි නිරෝෂන් පේ‍්‍රමරත්න, පළාත් සභා මන්ත‍්‍රි ජයන්ත විජේසේකර, පළාත් සභා මන්ත‍්‍රි දීපාල් ගුණසේකර යන මහත්වරු ඇතුළු සියලූ පක්ෂ නායකයෝ ද එක්ව සිටියහ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.